News Editor

News Editor

ගංවතුර තත්ත්වය අඩුවීමත් සමඟ වසංගත රෝග පැතිර යාමේ අවදානමක් තිබෙනවා – GMOA

පැවති ගංවතුර තත්ත්වය බැස යාමත් සමඟ, වසංගත රෝග පැතිර යාමේ අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවට අනතුරු අඟවා සිටිනවා. ඒ අනුව, ජනතාව මේ සම්බන්ධයෙන් සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවයි එම සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතදාස අද (02)…

සී.බී. රත්නායක අත්අඩංගුවට

හිටපු අමාත්‍ය සී.බී. රත්නායක අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔහුව අද (02) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබූ අතර, ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුව ඔහු මෙලෙස…

උඩරට දුම්රිය මාර්ගයේ කොටගල උමං මාර්ගය අසල මීටර් 50ක පමණ කොටසක් නායයයි

පසුගිය දිනවල කොටගල ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග කොටගල සහ තලවකැලේ අතර මීටර් 50ක පමණ කොටසක් නාය ගොස් ඇත. මීට අමතරව, නානුඔය සිට ඔහිය දක්වා උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයකම විශාල කොටසක් නාය ගොස් ඇති බවයි නානුඔය දුම්රිය ස්ථානයේ නිළධාරියෙකු…

ජල මට්ටම් පහව ගියත් අවදානම තවදුරටත්

ඉහළ ගොස් තිබූ ගංගාවල ජල මට්ටම් මේ වනවිට පහල යමින් පැවතිය ද අවදානම් තත්ත්වය තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, ඊයේ රාත්‍රිය වන විට කැළණි ගඟේ අවසන් ජල මාපකය වන නාගලගම්වීදිය ජල මාපකයේ ජල මට්ටමෙහි පහළ යාමක් දක්නට…

Rebuilding Sri Lanka අරමුදල පිහිටුවීමට කැබිනට් අනුමැතිය

‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇති වූ දරුණු විනාශයෙන් පසු රට නැවත ගොඩනැගීම අරමුණු කරගත් Rebuilding Sri Lanka අරමුදල පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා. මෙම අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස පිහිටුවීමට නියමිත අතර…

එක්සත් රාජධානියෙන් මෙරටට ඩොලර් 890,000ක මානුෂීය ආධාර

දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා එක්සත් රාජධානිය අමෙරිකානු ඩොලර් 890,000ක හදිසි මානුෂීය ආධාර ලබා දෙන බවට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. එමෙන්ම රතු කුරුස සංවිධානය, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව සහ දේශීය හවුල්කරුවන් සමඟ එක්ව හදිසි…

දිට්වා ගිය පසු වායුගෝලයත් වෙනස් වෙයි

දිවයිනේ වායුගුණත්ව තත්ත්වයේ පහළ යාමක් සිදුව තිබෙනවා. ඒ අනුව ඊයේ රාත්‍රිය වන විට බස්නාහිර පළාතේ වායු ගුණත්ව දර්ශකය සෞඛ්‍යයට ඉතා අහිතකර මට්ටමක් දක්වා ළගා වී තිබුණා. එසේම, අනුරාධපුර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල වායු ගුණත්ව දර්ශකය සෞඛ්‍යට අහිතකර මට්ටමේ පවතිනවා. දිට්වා…

ශ්‍රී ලංකාවට වූ ආපදාව ගැන පුටින් දුක් වෙයි

‘දිට්වා’ සුළිකුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇති වූ ගංවතුර සහ නායයෑම් සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා. පුටින් පවසා ඇත්තේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මෙරටේ සිදුවූ විශාල ජීවිත හානි සහ මහා…

‍ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය අඹේපුස්සට

‍ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය අද (02) දිනයේ අබේපුස්ස දක්වා සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ පුත්තලම් මාර්ගයේ දුම්රිය ධාවනය කොච්චිකඩේ දක්වා සිදුකිරීමට සැලසුම් කර ඇති බවය. කැලණිවැලි මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකිරීමට සැලසුම්…

විපතට පත්වූවන්ට සහන බෙදන අයට පොලීසියෙන් දැනුම්දීමක්

ආපදාවට ලක්වූ ප්‍රදේශවල මාර්ග පිළිසකර කරමින් තිබිය දී විශාල වශයෙන් සහන කණ්ඩායම් පැමිණීම එම කාර්යයට බාධාවක් වී ඇතැයි පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කර සිටියේ, එම සහන කණ්ඩායම් සිදුකරන මෙහෙවරට තම ගෞරවනීය…