News Editor

News Editor

අද කාලගුණ නිවේදනය

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, පුත්තලම, නුවරඑළිය…

වසර 300 පැරිණි කොක්පිටියාව වැවට කළ විනාශයෙන් ගොවීන් අසරණ වෙයි

මොරගොඩ, කොක්පිටියාව වැවේ ප්‍රධාන ජලමූලාශ්‍ය ඇල බැම්ම කිසියම් ගම්වැසියෙකු විසින් හිතුමතේ අනවසරෙන් කපා ඇති බවත් එම කපා දැමීම හේතුවෙන් මේවන විට කොක්පිටියාව වැවේ ජලය රදවා ගැනීමට නොහැකිව නිකරුණේ පිටතට ගලායන බවත් මොරගොඩ ගොවීන් පවසයි. එම ක්‍රියාව හේතුවෙන් මොරගෙඩ ගම්මානයේ කුඹුරු…

රණවිරු සැමරුමට යන්නේ නෑ කියලා, විරෝධය හමුවේ යන්න තීරණය කිරීම රටක ජනාධිපතිවරයෙකුට සුදුසු දෙයක් නෙවෙයි – දයාසිරි

රටක ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව හා රාජ්‍ය ආරක්ෂාව රැකීම රටක ආණ්ඩුවක මූලික කාර්යභාරයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. ඒ අනුව, සෑම වසරකම මැයි 19 වන දින රණවිරුවන් සැමරීම රජය විසින් සිදුකළ බවයි අද (19) පැවති මාධ්‍ය හමුවකට…

මහින්දානන්ද මහේස්ත්‍රාත් අධිකරණයට එයි

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වෙයි. ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කර තිබෙන  හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙලෙස අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්…

විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම ඉහළට

වසරේ ගතවූ කාල සීමාව තුළ විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සඳහා යොමුවීම ඉහළ ගොස් ඇති බව පුනරුත්ථාපන කාර්යංශය පවසනවා. ඒ අනුව, පුද්ගලයින් 450ක් මේ වනවිට මධ්‍යස්ථාන තුනක පුනරුත්ථාපනය කෙරෙන බවයි එම කාර්යාංශය සඳහන් කළේ. පුනරුත්ථාපන කාර්යාංශය යටතේ ඇති මධ්‍යස්ථාන 03…

ලුණු හිඟයට හේතුව ජනතාව ලුණු පැකට් 10 ක් පමණ මිලදී ගැනීමයි – ලංකා ලුණු සමාගමේ සභාපති

ලුණු හිඟයක් ගැන පාරිභෝගිකයා තුළ ඇති අනියත බිය හේතුවෙන් ඔවුන් වැඩි වැඩියෙන් ලුණු මිලදී ගැනීම, ලුණු හිඟයට හේතු වී ඇති බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දනතිලක පවසනවා. ජනතාව ලුණු පැකට් 10 – 12 රැගෙන ගොස් මාස 5කට 6කට ප්‍රමාණවත්…

අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන්ට පිළිකාවක්

අමෙරිකා හිටපු ජනපති ජෝ බයිඩන් දරුණු ගණයේ පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පෙලෙන බව ඔහුගේ කාර්යාලය නිවේදනය කර ඇත. හිටපු අමෙරිකා ජනපති ජෝ බයිඩන් මේ වනවිට 82 වන වියේ පසුවනවා. පසුගිය සතියේ මූත්‍රා පද්ධතියේ ලක්ෂණ සහ පුරස්ථි ග්රන්ථි ග්‍රන්ථියේ ගැටිත්තක් සොයාගැනීමෙන් පසු…

චාමර සම්පත්ට ඇප

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතාව ඇප මත මුදාහැරීමට බදුල්ල මහෙස්ත්‍රාත්වරයා අද (19) නියෝග කර තිබේ.

කැලිෆෝනියාවේ කාර් බෝම්බයක් පිපිරෙයි

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කාර් බෝම්බයක් පිපිරීමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වී ඇතැයිද, තවත් පුද්ගලයන් සිවුදෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැලිෆෝනියාවේ පාම් ස්ප්‍රිංග්ස් නුවර පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයක් ආසන්නයේදී කාර් බෝම්බය පුපුරා ගොස් ඇති අතර, එය ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවක් බව…

අමෙරිකාවේ ප්‍රාන්ත දෙකකට දරුණු ටොනේඩෝ තත්ත්වයක්

අමෙරිකාවේ කෙන්ටාකි හා මිසෝරි ප්‍රාන්ත හරහා හමාගිය දරුණු ටොනේඩෝ තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 26 දෙනකුට ජීවිත අහිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය සති අන්තයේ සිදුවූ මේ අනතුරින් තවත් පුද්ගලයන් රැසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ. ටොනේඩෝ හා සුළිකුණාටු…