News Editor

News Editor

පක්ෂ රැසක් සමග එකතුවී පොදු සන්ධානයකින් පුංචි ඡන්දයට එන පුටුව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ ගණනාවක් එක්වී පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබෙනවා. ඔවුන් තරග වැදීමට නියමිතව ඇත්තේ පුටුව ලකුණින්. ඒ අනුව මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර…

දයාසිරි සමාව ගනියි

දෘෂ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට තමන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කර තිබෙනවා. කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සිදුකළ ප්‍රකාශය තුළින් සිත් රිදවීමක් සිදුවූයේ නම් තමන් කොන්දේසි…

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

නාම යෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් කළ පළාත් පාලන ආයතන 336 හි ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාල සීමාව ඊයේ (03) සිට 12 වනදා මධ්‍යම රාත්‍රි 12.00න් පසුව අවසන් වීමට නියමිත මැතිවරණ කොමිෂන් සභාව දැනුම්…

සේවා අපනයනකරුවන්ට පනවන බදු සඳහා විශේෂ වාසියක්

සේවා අපනයනකරුවන්ට පනවන බදු සඳහා විශේෂ වාසියක් ලබාදී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (04) පාර්ලිමේන්තුවේදීය. සේවා අපනයනකරුවන් මුදල් ඉපයීමේදී පළමු 150,000 නිදහස්වන අතර, දෙවන 83,000ට සියයට 6ක් ද,…

වැලිගම පොලිසියේ වැඩබලන OIC අධිකරණයට භාර වෙයි

වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා අධිකරණයට භාර වී තිබේ. අද (04) උදෑසන ඔහු මෙලෙස අධිකරණයට භාර වී ඇත. එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ සිදුවීමට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ද ලැබී තිබුණි.

නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟ වෙයි

ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉදිරිපත් කර ඇති නව සූත්‍රයට තෙල් බෙදුම්කරුවන් එකඟතාව පළ කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු පැවසුවේ නව සූත්‍රය ක්‍රියාත්මක වන අතර බෙදුම්කරුවන්ගේ…

පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය යළිත් අයහපත් අතට – උග්‍ර ශ්වසන අපහසුතා

ශුද්ධෝත්තම පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය යළිත් අයහපත් අතට හැරී ඇති බව වතිකානය නිවේදනය කර තිබේ. ඊයේ (03) සන්ධ්‍යා කාලයේ දී උන්වහන්සේට දෙවරක් උග්‍ර ශ්වසන අපහසුතා ඇතිවූ බව සදහන් වේ. ඒ හේතුවෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද වෛද්‍යවරුන් දැඩි අවදානයෙන්…

සුරක්ෂිත චීනයක් ගොඩනැගීම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය ‘උසස් මට්ටමක සුරක්ෂිත චීනය ගොඩනැගීම’ පිළිබඳ 19 වන සාමූහික අධ්‍යයනය පසුගියදා පැවැත්විණ. නිරිතදිග චීනයේ දේශපාලන විද්‍යා හා නීතිය විශ්වවිද්‍යාලයේ උප කුලපති, මහාචාර්ය Li Yan මහත්මිය මේ සම්බන්ධයෙන් එහිදී කරුණු පැහැදිලි කර සිය…

යුක්‍රේනය ගැන ට්‍රම්ප් දැඩි තීරණයක

යුක්‍රේනයට ලබාදෙන සියලුම හමුදා ආධාර තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙයි. ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරීන් මේ බව තහවුරු කර ඇතැයි මීට ටික වෙලාවකට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර ෆොක්ස් පුවත් සේවය සඳහන් කළේ මේ වනවිට යුක්‍රේනයේ සිට…

ඇමරිකාවේ රාජ්‍ය භාෂාව ඉංග්‍රිසි වෙයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ රාජ්‍ය භාෂාව බවට ඉංග්‍රීසි පත්කර තිබෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සම්බන්ධයෙන් වූ විධායක නියෝගයකට අත්සන් තබා ඇති බවයි. ඉංග්‍රීසි භාෂාව ඇමරිකාවේ රාජ්‍ය භාෂාව ලෙස ස්ථාපිත කිරීම හරහා සන්නිවේදනය විධිමත් කිරීම, ජාතික වටිනාකම් ශක්තිමත් කිරීම…