News Editor

News Editor

මහින්දානන්දට වසර 20 ක සිර දඬුවම් නියම කෙරේ

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් බෝඩ් 11,000 ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ…

හිටපු ඇමති නලීන් ප්‍රනාන්දුට වසර 25 ක සිර දඬුවම් නියම කෙරේ

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතො​ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් බෝඩ් 11,000 ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි ස.තො.ස ආයතනයේ එවකට හිටපු සභාපති සහ…

ජාතික බදු සතියක් ප්‍රකාශයට පත් කෙරේ

ජාතික බදු සතියක් ප්‍රකාශයට පත් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ලබන 02 වැනිදා සිට 08 වැනිදා දක්වා එම බදු සතිය ක්‍රියාත්මක වන බවයි රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් නිශාන්ත ජයවීර…

නව COVID ආසාදිතයින් හඳුනාගැනීම සඳහා PCR පරීක්ෂණ වැඩි කිරීමට පියවර

නව කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා ඇතැම් රෝහල්වල PCR පරීක්ෂණ සිදු කිරිම වැඩි කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අනුව නව COVID-19 ප්‍රභේදයෙන් එල්ලවන ගෝලීය තර්ජනය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බවත්, උණ සඳහා ඇතුළත් වන හෝ ප්‍රතිකාර ලබා…

සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත් කෙටුම්පත ගැසට් කෙරේ

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධි විධාන සැලැස්වීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධි විධාන සැලැස්වීම, තුරඟ තරඟ මත ඔට්ටු ඇල්ලීමේ ආඥා පනත, සූදු ආඥා පනත සහ කැසිනෝ ආඥා…

පානදුර වෙඩි තැබීමක්

අද (29) පානදුර දකුණ, වෑකඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් ගරාජයක් තුළ සේවය කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි වැදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. තුවාල ලැබූ පුද්ගල‍යා මේ වන විට රෝහල්ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර…

Elon Musk අමෙරිකානු රජයේ විශේෂ තනතුරෙන් ඉවත්වෙයි

Elon Musk විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජයේ ඔහු දැරූ විශේෂ තනතුරෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නාස්තිකාර වියදම් අඩු කිරීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳව තමා ජනාධිපති Donald Trump හට ස්තූතිය පළ කරන බවත්, DOGE මෙහෙයුම කාලයත්…

තැපැල් වර්ජනය අද ක්‍රියාත්මකයි

තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය අද (29) දිනයේත් ක්‍රියාත්මක වනවා. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් වූ සංදේශයක් අද (29) දිනයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත භාරදීමට සැලසුම් කර ඇති බවයි එම සංගමයේ සභාපති ජී.ජී.සී.…

හජ් උත්සවය ජුනි 07 සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි

මෙවර හජ් උත්සවය ජුනි 07 වන දින සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබෙනවා. හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව හිජ්රි 1446 දුල් හිජ්ජහ් මාසයේ හිලාල් (නවසඳ) ඊයේ (28) දිනයේ දිස්වී ඇති බවයි මහ පල්ලිය නිවේදනය කළේ.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට එල්ල වූ සයිබර් ප්‍රහාරය ගැන දැනුම්දීමක්

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් (Ransomware Attack) එල්ල වීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම සයිබර් ප්‍රහාරය එල්ල වූයේ අප්‍රේල් මාසයේ මුල් සතියේ බවයි ඔවුන් සඳහන් කරන්නේ. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව 2016 වසරේ පමණ…