News Editor

News Editor

ආර­ක්ෂක සේවා පැර­ෂුට් ශූර­තා­ව­ලි­යේදී ගුවන් හමු­දා­වෙන් විශිෂ්ට දස්කම්

දහ­තු­න්වැනි ආර­ක්ෂක සේවා පැර­ෂුට් ශූර­තා­ව­ලි­යේදී විශිෂ්ට දස්කම් දැක්වී­මට ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ සමත් වූහ. අම්පාර ගුවන් හමුදා පැර­ෂුට් පුහුණු පාසලේ පැවති තර­ගා­ව­ලි­යේදී ක්‍රීඩ­ක­යන්ගේ නිවැ­රදි පතිත කිරීම් (Accuracy), කණ්ඩා­යම් ක්‍රියා­කා­රි­ත්වය සහ ගුව­නේදී දක්වන සුවි­ශේෂි දක්ෂතා මෙහිදී පරීක්ෂා කරන ලදි. ඒ අනුව…

චමෝද් යෝධසිංහ මීටර 60 අවසන් පූර්ව වටයට

චීනයේ නැංජින් නුවරදී අද (21) ආරම්භ වූ ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාවේ පිරිමි මීටර 60 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට චමෝද් යෝධසිංහ සමත්ව තිබේ. ඔහු තත්පර 6.70ක කාලයක් වාර්තාකිරීමට සමත්ව ඇත. මෙම ඉසව්වේ 2වන මූලික තරගයට චමෝද් සහභාගි වූ…

පළමුවරට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය කාන්තාවකට

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) අභිනව සභාපති ලෙස සිම්බාබ්වේ දේශයේ වත්මන් ක්‍රීඩා ඇමති මෙන්ම එරට හිටපු ඔලිම්පික් පිහිනුම් ශූරියක වන ක්‍රිස්ටි කොවෙන්ට්‍රි තේරීපත්ව තිබේ. ඒ අනුව 41 හැවිරිදි කොවෙන්ට්‍රි සැලකෙන්නේ වසර 130ක (1894 සිට) ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ඉතිහාසය තුළ සභාපති තනතුරට…

රාජ්‍ය ආයතනවල නීති-රීති වෙනස් කරන්න මහජන අදහස් විමසයි

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීතිරීති හා රෙගුලාසි සමාලෝචනයට ලක්කර සරල කිරීම සඳහා මහජන අදහස් හා යෝජනා කැඳවා ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලන සහ පළාත් පරිපාලනය යාන්ත්‍රණය තවමත් ක්‍රියාත්මක…

පුංචි ඡන්දය මැයි 6-මහ නගර සභා 27ක් නගර සභා 36ක් ප්‍රාෙද්ශීය සභා 274කට සභිකයෝ තෝරා ගැනෙති

පළාත් පාලන ආය­තන ඡන්ද විම­සීම එළැ­ඹෙන මැයි 6 වැනි අඟ­හ­රු­වාදා පැවැත්වීමට මැති­ව­රණ කොමි­ෂන් සභාව දින නියම කරයි. මහ නගර සභා 27ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේ­ශීය සභා 274ක් ඇතු­ළත් පළාත් පාලන ආය­තන 337ක් සඳහා සභි­ක­යන් තෝරා­ගැ­නී­මට මෙම මැති­ව­ර­ණය පැවැත්වේ. ඒ…

ඉම්ති­යාස් බාකීර්ගේ ඉල්ලා අස්වීම ගැන ඉදි­රි­යේදී සාකච්ඡා කර­නවා-සජබ ජාතික සංවි­ධා­යක තිස්ස අත්ත­නා­යක

සමගි ජන බල­වේ­ගයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී ඉම්ති­යාස් බාකීර් මාකර් මහතා සමගි ජන බල­වේ­ගයේ සභා­පති ධූර­යෙන් සහ අනෙ­කුත් සිය­ලුම තන­තු­රු­ව­ලින් ඉල්ලා අස්වීම සම්බ­න්ධ­යෙන් පක්ෂයේ කළ­ම­නා­ක­රණ කමි­ටුව රැස්වී ඉදි­රි­යේදී සාකච්ඡා කිරී­මට නිය­මිත බව සමගි ජන බල­වේ­ගයේ ජාතික සංවි­ධා­යක තිස්ස අත්ත­නා­යක මහතා ප්‍රකාශ කළේය.…

විදේශ රැකියා ගම්ම­ට්ට­මින් සමා­නව-රජය තීර­ණය කරයි

වඩාත් නිපු­ණ­තා­ව­යක් සහිත ශ්‍රමි­ක­යන් විදේශ රැකියා සඳහා යොමු කර­මින් රටේ සෑම ගම­ක­ටම සමා­නව විදේශ රැකියා අවස්ථා ලබා­දී­මට රජය තීර­ණය කර තිබේ. ඒ සඳහා කිසිඳු දේශ­පා­ලන මැදි­හ­ත්වි­මක් නොමැති අතර වඩාත් නිපු­ණ­තා­ව­යක් සහිත ශ්‍රමි­ක­යින් විදේශ රැකියා සඳහා යොමු කිරීම නව රජයේ අර­මුණ…

සමු­ද්‍රීය පරි­සර ආර­ක්ෂණ අධි­කා­රියේ නව සභා­පති සමන්ත ගුණ­සේ­කර

සමු­ද්‍රීය පරි­සර ආර­ක්ෂණ අධි­කා­රියේ  නව සභා­පති වශ­යෙන් කේ.වී.ආර්. සමන්ත ගුණ­සේ­කර මහතා පත්කර ඇත. ශ්‍රී ලංකා රේගුවේ හිටපු නියෝජ්‍ය අධ්‍ය­ක්ෂ­ව­ර­යකු වන එතුමා  සමු­ද්‍රීය පරි­සර ආර­ක්ෂණ අධි­කා­රියේ  අධ්‍යක්ෂ මණ්ඩල සාමා­ජි­ක­යෙක් වශ­යෙන් 2021 වසරේ සිට 2024 දක්වා කට­යුතු කර  ඇත.

නි. ඇමැති හර්ෂණ ඉෆ්තාර් සම­රයි

නියෝජ්‍ය ඇමැති හර්ෂණ සූරි­ය­ප්පෙ­රුම මහතා ඉස්ලාම් බැති­ම­තුන් සමඟ ඉෆ්තාර් සම­රයි. ඉස්ලා­මීය ආග­මික චාරි­ත්‍රා­නු­කූ­ලව රම­ලාන් මාසයේ උප­වා­සය දෛනි­කව අව­සන් කිරීම හෙවත් “ඉෆ්තාර් උත්ස­වය” මුදල් හා ක්‍රම­ස­ම්පා­දන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරි­ය­ප්පෙ­රුම මහ­තාගේ සහ­භා­ගි­ත්ව­යෙන් පසු­ගි­යදා කොළඹ 07 නිද­හස් චතු­රශ්‍ර පරි­ශ්‍ර­යේදී පැවැ­ත්විණි. ඉස්ලා­මීය…

අන්කාරා නුවර කාන්තා ව්‍යව­සා­යි­කා­වන්ගේ වෙළෙඳ ප්‍රද­ර්ශ­නය

ශ්‍රී ලංකාව සහ තුර්කියේ ව්‍යාපා­රික සහ රාජ්‍ය තාන්ත්‍රික සබ­ඳතා ශක්ති­මත් කිරීමේ වේදි­කා­වක් වශ­යෙන් කාන්තා ව්‍යව­සා­ය­ක­යන්ගේ  වෙළෙඳ ප්‍රද­ර්ශ­න­යක් අන්කාරා නුව­රදී පසු­ගි­යදා පැවැ­ත්විණි. ජාත්‍ය­න්තර කාන්තා දින වැඩ­ස­ට­හනේ කොට­සක් ලෙස මෙම ප්‍රද­ර්ශ­නය සංවි­ධා­නය කෙරුණු අතර, ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලය කාන්තා ආර්ථික සවි­බල ගැන්වීම,…