News Editor

News Editor

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

ප්‍රකාශයක් ලබාදීම සඳහා නීතිඥවරයෙකුට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීම පිළිබඳව කරුණු දැක්වීම සඳහා, හෙට (03) දින අල්ලස් කොමිසමේ නිලධාරීන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන නොතීසිය ක්‍රියාත්මක වීම වළක්වාලමින්…

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

ත්‍රිවිධ හමුදා සේවයෙන් පලාගිය නිලධාරීන් ඇතුළු සෙබළුන් 2,983 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. ඒ අනුව පසුගිය පෙබරවාරි 22 වැනිදා සිට මැයි 30 දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම්වලදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ. මෙලෙස අත්අඩංගුවට…

පානදුරේ වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යාර්ථ වෙයි

පානදුර, වලාන, ගැමුණු මාවත ප්‍රදේශයේදී අද (02) උදෑසන 8.00ට පමණ සිදුවූ වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යාර්ථ වී ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තැබීමට උත්සාහ කර ඇති අතර, නමුත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීම…

සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුවක්

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගත ප්‍රගමනය වෙනුවෙන් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති, උපායමාර්ග සංවර්ධනය සහ මඟ පෙන්වීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ගැනීමට පවත්වන ‘ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව’ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතන…

අබුඩාබි ජාතික තෙල් සමාගමේ නියෝජිතයෝ ශ්‍රී ලංකාවට

අබුඩාබි ජාතික තෙල් සමාගමේ (Abu Dhabi National Oil Company) නියෝජිතයන් සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහත්වරුන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගියදා (30) පැවැත්විණි. දෙරට අතර ඛනිජ තෙල් කර්මාන්තය සම්බන්ධයෙන්…

ජාත්‍යන්තර කම්කරු සමුළුවට ඇමැති මහින්ද ජිනීවා යයි

ජිනීවා හී පැවැත්වෙන 113 වැනි ජාත්‍යන්තර කම්කරු සමුළුවට සහභාගිවීමට කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඊයේ (01) ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගියේය. ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් පවත්වනු ලබන මෙම සමුළුව අද (02) සිට ලබන 12 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. ලොව පුරා…

නව කොවිඩ් ප්‍රභේදය ආසාදිතයෝ මෙරටින් හඳුනා ගැනෙති

ආසියානු කලාපයේ පැතිර යමින්ත පවතින නව කොවිඩ් ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින්ද හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර තිබේ. වෛද්‍ය පර්යේෂණ ආයතනය කොවිඩ් ප්‍රභේදයන් හඳුනා ගැනීමට සිදු කළ පරීක්ෂණවලින් ඔමික්‍රෝන් ප්‍රභේදයට අයත් උප-ප්‍රභේද කිහිපයක් වන දැනට ආසියානු කලාපයේ පැතිරයන…

ජාතික බදු සතිය අදින් ඇ‍රඹේ

“බදු ශක්ති” ජාතික බදු සතිය අද (02) සිට ආරම්භ වනවා. ඒ අනුව එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. අද සිට 07 වැනිදා දක්වා ක්‍රියාත්මක සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව…

පළාත් පාලන ආයතන 178 ක ප්‍රධානීන් පත්කිරීමේ බලය පළාත් කොමසාරිස්වරුන්ට

කිසියම් පක්ෂයකට බහුතර බලය හිමි නොවූ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් පත්කිරීමේ බලය පළාත් කොමසාරිස්වරයා වෙත පැවරෙන බව මැතිවරණ ‍කොමිසම පවසනවා. ඒ අනුව පළාත් පාලන මැතිවරණයෙන් බහුතර බලය හිමිකරගත් ආයතන 161ක් සඳහා ප්‍රධානීන් පත් කිරීම මේ වන විට සිදුකර ඇති අතර…

දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා. චිකුන්ගුන්යා සහ ඩෙංගු වැඩිවීමක් වාර්තා වෙනවා – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා. චිකුන්ගුන්යා සහ ඩෙංගු වැනි රෝග වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. ඒ අනුව පසුගියදා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගය වැඩිවීමක් දක්නට ලැබෙන බවත් ළමා රෝහල තුළ…