News Editor

News Editor

COVID රෝගය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැහැ – සෞඛ්‍ය අමාත්‍යංශය

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව ගෝලීයව, 2025 වසරේ පෙබරවාරි මාසයේ සිට COVID-19 රෝගය ඇතිකරන SARS-CoV-2 වයිරසයේ ක්‍රියාකාරීත්වයේ ඉහළ යෑමක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. 2023 මැයි මාසයේ සිට COVID-19 ගෝලීය වසංගත තත්ත්වය අවසන් වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය…

ලෝක රූ රැජින තරගයට ගිය අනුදි යළි දිවයිනට

ඉන්දියාවේ පැවති 72 වැනි ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේකර අද (02) යළි දිවයිනට පැමිණියේය. එහි අවසන් මහා තරගය පසුගිය මැයි මස 31 වැනිදා ඉන්දියාවේ තෙලඟනා හි හයිද්‍රාබාද් නුවර දී පැවැත්වුණු අතර ලොව පුරා රටවල්…

ජාවාරම්කාර කළු යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බිඳ දැමීමට කටයුතු කරනවා – ජනපති

බදු ගෙවන සියලු දෙනාගේ සෑම රුපියලක්ම ආරක්ෂා කරන බවට තමා සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ අනුව මහජනතාවගේ මුදල් නාස්තිය අවම කරන බවට ලබාදෙන පළමු ආදර්ශය එය බවයි ‘බදු ශක්ති’ නමින් ක්‍රියාත්මක වන බදු සතිය ආරම්භ කිරීමේ…

කැකිරාව තේරීම් භාර නිලධාරියාට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කෙරේ

ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේදී, කැකිරාව ප්‍රාදේශීය සභාව සඳහා සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ සමගි ජන බලවේගය විසින් ලබාගත් ආසන සඳහා කාන්තා මන්ත්‍රීවරියන් නම් කරන ලෙස ඉල්ලා කැකිරාව මැතිවරණ තේරීම්භාර නිලධාරියා විසින් නිකුත් කර තිබෙන ලිපිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින්…

ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Glenn Maxwell එක්දින පිටියට සමුදීමට තීරණය කරයි

ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක Glenn Maxwell එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා. 36 හැවිරිදි ඔහු 2012 වර්ෂයේ එක්දින පිටියට පිවිසීමෙන් අනතුරුව මේ දක්වා එක්දින තරග 149 කට ක්‍රීඩා කර ඇති අතර, එහිදී ඔහු ලකුණු 3990 ක් ලබාගෙන, කඩුලු 77…

තලවාකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

තලවාකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අසෝක සේපාල අල්ලස් කොමිසම විසින් අද (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම නගර සභාවට අයත් අංක 12 ගව මස් කඩ කාමරය බදු දීමට අදාළව ලංසු පිරිනැමීමේ දී වැඩිම ඉල්ලුම්කරුට ලංසුව ලබා නොදී අවම ලංසුවක්…

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

කොළඹ සිට මස්කෙළිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් (02) දින උදෑසන 8:30ට පමණ අනතුරට පත් වී ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පැවසීය. එම බස් රථය වටවල දියගල නෝර්ටන්බ්‍රිජ් හරහා මස්කෙළිය දක්වා ධාවනය කරවන අවස්ථාවේ බස් රථයේ එක්වරම ඇති වූ කාර්මික…

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

මහජනයාගේ සෑම රුපියලක්ම ආරක්ෂා කරගැනීම උදෙසා ජනාධිපතිවරයාගේ වැයශීර්ෂය පවා කප්පාදු කළ හැකි සෑම අවස්ථාවකම තමා කප්පාදු කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන ‘ජාතික බදු සතිය’ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා පවසා සිටියේ බදු ගෙවන සියලුදෙනාගේ…

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

වත්මන් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මෙම මස අග දී දැනට දරන මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් විශ්‍රාම ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඉන් අනතුරුව ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩ භාර ගැනීමට නියමිත බවයි අද…

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

තුසිත හල්ලොලුව ජුනි 04 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නියෝග කර තිබෙනවා. ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහු අද (02) කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි…