News Editor

News Editor

මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට නියෝග

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා. ඒ අනුව ඔහු අද (06) කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ. නඩුව අද කැඳවූ අවස්ථාවේදී, සිය…

මෙරට ඩෙංගු රෝගීන්ගෙන් 25% ක් පාසල් සිසුන් බවට අනාවරණය වෙයි

මෙරට ඩෙංගු රෝගීන්ගෙන් 25% ක් පමණ පාසල් යන වයසේ දරුවන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව පාසල්වලින්50% ක්ම මදුරුවන් බෝවිය හැකි ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බවත් ඉන් 14% කින් මදුරු කීටයින්ද හමුවී ඇති බවයි එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (06) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති අතර, පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න…

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය අදත්

සම සෞඛ්‍ය ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය ආරම්භ කළ වැඩවර්ජනය අද (06) දිනයේත් ක්‍රියාත්මක වනවා. සමසෞඛ්‍ය උපාධිධාරීන් බඳවාගැනීමේදී මතුව ඇති ගැටලු සහ උසස්වීම් ඇතුළු කරුණු 5ක් මුල්කරගනිමින් මෙම වැඩවර්ජනය ඊයේ (05) උදෑසන 8.00 ට…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව, නැගෙනහිර පළාත්වලත් වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

බෲනායි රාජ්‍යයට එරෙහිව වසර 16 කට පසු ශ්‍රී ලංකාවට පාපන්දු ජයක්

බෲනායි කණ්ඩායමට එරෙහිව වසර 16 කට පසු පාපන්දු තරග ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.  ඒ තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ජාත්‍යන්තර සුහද පාපන්දු තරගයෙන් ගෝල එකට බින්දුවක් ලෙස එම කණ්ඩායම පරාජය කරමින්. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය,…

නිලධාරී යාන්ත්‍රණයට නැවත නැවත කියන්නේ වෙනස් වෙන්න, නැත්නම් සහතික වශයෙන් වෙනස් කරනවා – ජනපති

දේශපාලන අධිකාරිය යහපත්කරණයට ලක්වුවද, පැරණි නිලධාරී යාන්ත්‍රණයේ යම් කොටස් පැරණි පුරුදුවලින් ගැලවීමට අසමත් වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ හේතුවෙන් RMV ආයතනයෙන් අයතු මුදල් සමඟ නිලධාරීන් හමුවන බවත්, ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් පාතාල නායකයින්ට ගුවන් බලපත්‍ර සෑදු නිලධාරීන්…

හොඳ ප්‍රවාහන ක්ෂේත්‍රයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ජුලි 01 වැනිදා සිට ආරම්භ කරනවා – බිමල් රත්නායක

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය ඉතාම පසුගාමී ස්ථානයක තිබෙන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඒ අනුව මෙරට හොඳ ප්‍රවාහන ක්ෂේත්‍රයක් නොමැති බවත්, බස්රථ හෝ දුම්රිය හෝ පෞද්ගලික අංශයේ ද හොඳ ප්‍රවාහනයක් නොමැති බවයි අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.…

මෙරට වයස්ගතම හිමිනම අපවත් වෙති

මෙරට වර්තමානයේ වැඩ වසමින් සිටි වයස්ගතම හිමිනම ලෙස සැලකෙන රත්නපුර මාරපන මාවුදැල්ල විජයනන්දනාරාමය, පැල්මඩුල්ල පාතකඩ ශ්‍රී සුදර්ශණාරාමය යන උභ්‍ය විහාරාධිපති අතිපූජ්‍ය මොරාවත්තේ  ඉන්ද්‍රජෝත්‍යාභිධාන මහ නාහිමියින් අවුරුද 111ක් ආයු වළඳා ඊයේ (04)  අපවත් වී ඇත. භික්ෂූත්වයට අදාල පොදු මහත් කටයුතු වලදී…

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන කරන්න ජපන් ආයෝජකයින් බලශක්ති ඇමති සමග සාකච්ඡා

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ජපානයේ භාවිතා වන නවතම තාක්ෂණය හඳුන්වාදෙමින් ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති යෝජනා රැසක් ඉදිරිපත් කරමින් ජපන් ආයෝජකයෝ පිරිසක් පසුගියදා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවී සාකච්ඡා කළහ. විශේෂයෙන් සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ නවතම තාක්ෂණය භාවිතා කරමින් ඕනෑම හදිසි…