News Editor

News Editor

බිත්තර තොග මිල පහළට

බිත්තර තොග මිල අද (21) සිට පහත දමා ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය සදහන් කරයි. ඒ අනුව රතු බිත්තරයක මිල රු. 29ක් සහ සුදු බිත්තරයක මිල රු. 27 ක් බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය ප්‍රකාශ කර සිටී.

අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමිගේ අපවත් වීම සම්බන්ධයෙන් ජනපතිගෙන් ශෝක නිවේදනයක්

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමිගේ අපවත්වීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශෝක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, සම්බුදු සසුනෙහි චිරස්ථිතිය උදෙසා සමස්ත ජීවිතයම කැප කළ, නිහතමානී ගුණයෙන් අනූන, ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේලා අතිශය දුර්ලභ…

පාර්ලි‍මේන්තුව හෙට සිට 25 වැනිදා දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව හෙට (22) සිට 25 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, හෙට දිනයේ සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත් කෙටුම්පත (2005 අංක 36 දරන පනත සංශෝධනය සඳහා), සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත් කෙටුම්පත (2016…

UPDATE: වියානා ඇළට වැටුණු තරුණියගේ මළ සිරුර සොයාග‍ැනේ

මහියංගණය, 17 කණුව ප්‍රදේශයේ දී වියානා ඇලෙහි ගිලී අතුරුදන් වූ තරුණියගේ සිරුර අද (21) දහවල් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක තරුණියක් වන අතර, හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන ඇය රජරට විශ්ව විද්‍යාලයේ සිසුවියක් බවයි පොලීසිය සඳහන් කළේ. මෙම…

මුම්බායි ගුවන් තොටුපළේදී Air India ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට යයි

අද (21) උදෑසන තද වැසි මධ්‍යයේ මුම්බායි ගුවන් තොටුපළට ගොඩබෑමේදී එයාර් ඉන්දියා ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. අදාළ ගුවන් යානය ප්‍රධාන ධාවන පථයෙන් ලිස්සා ගොස් ඇති අතර, ගුවන් යානයට සුළු හානි සිදුව ඇති…

විදුලි සේවකයින් හෙට දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

හෙට (22) දිනයේදී විදුලිබල මණ්ඩලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් සංවිධානය කරන බව විදුලිබල වෘත්තීය සමිති පවසනවා. ඒ අනුව, විදුලිබල සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සහ පවතින ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව සංවිධානය කරන බවයි ලංකා විදුලිබල මණ්ඩල…

ධම්මදස්සි නා හිමි ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන්

අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබද ආදාහන පූජෝත්සවය ලබන 24 වැනිදා මහනුවර පොලිස් ක්‍රීඩාංගනයේදී රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කිරීමට නියමිත ය. අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි අතර අද (21) අලුයම…

හම්බන්තොට ලුණු නිෂ්පාදනය යළි ඇරඹෙයි

මාස 18 කට පමණ පසු යළිත් හම්බන්තොට ලුණු නිෂ්පාදනය ආරම්භ කිරීමට ලංකා ලුණු සමාගම කටයුතු කර ති‌බේ. ලක් ලුණු සමාගමේ සභාපති ඩී.නන්දන තිලක මහතා පවසා සිට්න්නේ මෙවර අපේක්ෂිත ලුණු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 40,000 ක් බවයි. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මිට…

කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘතයි

ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක්   තවදුරටත් විවෘත කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය පැවසිය. ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත්  අධික වැසි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු…

අස්වැසුම ප්‍රතිලාභ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය අදින් අවසන් වෙයි

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහන සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය අද (21) අවසන් වන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ අනුව, අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් 30,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ලැබී ඇති බවයි සඳහන් වෙන්නේ. අදාළ අභියාචනා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට…