News Editor

News Editor

නැටුම්-ගැයුම්-මාල්මාලා සංදර්ශන නැතිව මිලියන 730ක ක්‍රීඩා පහසුකම් ජනතා අයිතියට-අමාත්‍යාංශයේ කෝටි ගණන් වියදම් විගණනය කරයි

ක්‍රීඩා ඇමැතිනි, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ක්‍රීඩා අමාත්‍යංශයේ අංශ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කළ අයුරු. අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කේ. මහේෂන් යන මහත්වරු ද සිටිති. රුපියල් මිලියන 730ක් වැය කොට ඉදිකළ ක්‍රීඩා පහසුකම් 5ක් උත්සව හා විශේෂ…

දික්වැල්ලට වසර 3ක් ක්‍රිකට් තහනම්

ල්පීඑල් තරගාවලිය අතරතුර මත්ද්‍රව්‍ය (කොකේන්) භාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ගෝල් මාවලර්ස් පිලේ නායක නිරෝෂන් දික්වැල්ලට වසර 3ක ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය සිදු කළ පරීක්ෂණයක…

සනත් ස්ථීර වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය මහතාගේ සේවා කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත. මේ පත්වීමට අදාළ කොන්ත්‍රාත් ගිවිසුම මේ සතියේදී අත්සන් කිරීමට…

වසර 15කට පසු නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා පිලෙන් ටෙස්ට් තරගාවලි ජයක්-ලෝක ටෙස්ට් ශූරතාවලියේ තෙවැනි ස්ථානය තහවුරුයි

සංචාරක නවසීලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙස පූර්ණ තරගාවලි ජයග්‍රහණයකින් නිමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලෝක ටෙස්ට් ශූරතාවලියේ තවදුරටත් තෙවැනි ස්ථානය තහවුරු කර ගත්හ. තවත් දින එකහමාරක කාලයක් තිබියදී ඊයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු…

ජයසූරියගේ ධූර කාලය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරියගේ ධූර කාලය තවත් වසරකින් දීර්ඝ කර තිබෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් ගේ කොන්ත්‍රාත් කාලය අවසන් වීමෙන් පසුවයි සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු…

ගිනි අවි ආපසු භාර දෙන ලෙස මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සඳහා ලබා දී තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවි වහාම ආරක්ෂක අමාත්‍යාංශයට භාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය නිලධාරීන් ප්‍රකාශ කර සිටියි. ඒ අනුව  මන්ත්‍රීවරු 225 දෙනාගෙන් 100කට ආසන්න පිරිසක් එලෙස ගිනි අවි ලබා ගෙන ඇති බවයි…

උද්ධමනය පහළට

2024 අගෝස්තු මාසය සඳහා 0.5%ක් ලෙස වාර්තා වී තිබූ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසය සඳහා -0.5% ක් දක්වා අඩු වී තිබේ. 2024  සැප්තැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය)  -0.3% දක්වා  අඩු වී ඇති අතර 2024…

නව කැබිනට් මණ්ඩලයේ මංගල රැස්වීම අද

නව අමාත්‍ය මණ්ඩලය අද (30) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම වරට රැස්වීමට නියමිතය. අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී වැදගත් තීරණ කිහිපයක් ගැනීමට නියමිත අතර, එම තීරණ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

මද්‍යසාර නිසා රෝගී වූවන් වෙනුවෙන් රජය බිලියන ගණනක වියදමක්

මද්‍යසාර හේතුවෙන් රෝගී වූවන් වෙනුවෙන් රජයට වැය කිරීමට සිදු වන සෞඛ්‍ය සහ ආර්ථික වියදම වසරකට රුපියල් බිලියන 237ක් බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC ආයතනය) සදහන් කරයි. ඔක්තෝබර් 3 වැනිදාට යෙදී ඇති ලෝක මද්‍යසාර නිවාරණ දිනය වෙනුවෙන් ADIC ආයතනයේ…

මුං ඇට බෝග අස්වැන්නට පණු රෝගයක්

මුං ඇට බෝග සඳහා හට ගෙන ඇති පණු රෝගයක් හේතුවෙන් ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ වගාවන් හී අස්වැන්නට හානි සිදුවෙමින් පවතින බව ගොවීහු පවසති. මෙම පණුවන් සඳහා සතියෙන් සතිය පමණ නොයෙකුත් තෙල් වර්ග ඉසීමට ගොවීන් කටයුතු කරනු ලබන අතර ඒ සඳහා විශාල වියදමක්…