News Editor

News Editor

වංචනික විදේශ රැකියා ආයතන ගැන තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලීමක්

වංචනික විදේශ රැකියා ආයතන හෝ පුද්ගලයන් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත තොරතුරු ලබාදෙන ලෙස එම කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව, 0112 882 228 යන දුරකථන අංකය ඔස්සේ විශේෂ විමර්ශන අංශයේ ස්ථාපිත පොලිස් ඒකකයට තොරතුරු ලබාදිය…

අද කාලගුණ නිවේදනය

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි…

නානුඔයට තද වැසි – රථවාහන ගමනාගමනයටත් බාධා

නුවරඑලිය නානුඔය ප්‍රදේශයට (12) පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමග නානුඔය නගර මධ්‍යය ජලයෙන් යටවීම නිසා රථවාහන මෙන්ම දුම්රිය ධාවනයට බාධා පැමිණ තිබුණි. අධික වර්ෂාවත් සමග එක්වරම ප්‍රධාන මාර්ගය දිගේ විශාල ජල ධාරිතාවක් ගලා ඒම හේතුවෙන් නගර මධ්‍යයෙන්  ප්‍රධාන මාර්ගය ජලයෙන්…

සිරකරුවන් සහ සැකකරුවන් බන්ධනාගාර ගතකිරීම සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරුන්ට චක්‍ර ලේඛයක්

සැකකරුවෙකු හෝ සිරකරුවෙකු විශේෂ බන්ධනාගාරයක රඳවා තබාගැනීම සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම් දීමක් කර තිබේ. එමෙන්ම යම් සැකකරුවෙකු හෝ සිරකරුවෙකුට විශේෂ ආරක්ෂාව ලබා දෙන ලෙස ද නියෝග නොකළ යුතු බවද අධිකරණ සේවා…

විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

වත්තල, මාබෝල ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලිසිය පැවසුවේ මාබෝල ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ ඉදි කිරීම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයෙකුට මෙලෙස විදුලි සැර වැදී ඇති බවය. මියගොස් ඇත්තේ 55 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ. එම…

බිත්තර අවුලක් : බිත්තරයක් රුපියල් 18 ට දෙන්න බෑ.. නිෂ්පාදන වියදම ඊට වැඩියි

බිත්තරයක් රුපියල් දහ අටකට අලෙවි කිරීමට හැකියාව පවතින බවට සිදුව ඇති ප්‍රකාශයක් පිළිබඳව බිත්තර නිෂ්පාදන සහ වෙළෙඳ සංගම් විරෝධය පළ කරමින් හෙට්ටිපොල පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කළ බව සඳහන් කර සිටිනවා. යම් පිරිසක් විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශයකට අනුව මේ…

අටලුගම විශේෂ රථවාහන මෙහෙයුමක්

බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශය ආවරණය වන පරිදි සිදු කළ විශේෂ රථ වාහන මෙහෙයුමේදී රථ වාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 36 කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බව බණ්ඩාරගම පොලිසිය පවසනවා. සැකපිට පුද්ගලයන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවත් කිසිදු ලිපි ලේඛනයක් නොමැති යතුරු…

සතුන්ට වතුර දෙන භාජන ඩෙංගු රජ දහන් : අවුරුද්දේ මේ දක්වා මරණ 21ක්

සතුන්ට වතුර ලබාදෙන භාජනවල පවතින වතුර ඉවතලා දිනපතා අලුත් වතුර එම භාජනවලට එක්කළද ඩෙංගු බිත්තර විනාශ නොවන බව ඩෙංගු මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමවීර සඳහන් කරනවා. මෙම භාජනවල වතුර දිනපතා අලුත් කළද භාජනයේ පෘෂ්ඨ මත ඩෙංගු බිත්තර ඇලී…

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (12) පස්වරුවේ සහ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු මැද, මධ්‍යම, ඌව පළාත් සහ මාතර, හම්බන්තොට, අම්පාර, මුලතිව් සහ වව්නියා දිස්ත්‍රික්කවල මෙලෙස…

පිය පුතු ආරවුල මැද පියා ගිනි අවියක් සමග අත්අඩංගුවට

තම පුතා සමග ආරවුලකට මැදිහත් වූ සැකකාර පියෙකු ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගිනි අවියක් තබාගෙන සිටින පුද්ගලයෙකු සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලිසියට දුරකතන ඇමතුමක් ලැබී තිබෙන අතර ඒ අනූවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඒ අනුව සිදු…