News Editor

News Editor

IMF ප්‍රධානියා ජනපති හමුවෙයි

මෙරට තෙදින සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ඇතුළු නියෝජත පිරිස සමඟ අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාවට ආර්ථික ස්ථාවරත්වය උදා කර ගැනීමේදී IMF ලබා දුන් සහයෝගයට ජනාධිපතිවරයා ස්තූතිය පළ කළ අතර,…

කුසල් මෙන්ඩිස්ගෙන් T20 ක්‍රිකට් වාර්තාවක්

2026 විස්සයි20 ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සුවිශේෂී දක්ෂතාවක් දක්වමින ක්‍රිකට් ඉතිහාස පොතට අලුත් පිටුවක් එක් කිරීමට සමත්ව තිබෙනවා. තරගාවලිය පුරා අතිවිශිෂ්ට පිතිකරණයක නිරත වන මෙන්ඩිස්, විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රතිඵලදායී අර්ධ ශතක තුනක් පිට පිටම…

අද සිට අධිකරණවල කටයුතුත් සාමාන්‍ය පරිදි

අද සිට අධිකරණ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. අකුරේගොඩ ප්‍රදේශයේදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිද වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් නිතීඥවරුන් වෘත්තීය කටයුතුවලින් ඉවත්වීම නිසා ඊයේ දිවයින පුරා අධිකරණ කටයුතුවලට බාධා එල්ල වුණා. මේ…

දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ගෙන තිබූ තීරණයට අතුරු තහනමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (17) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. දයාසිරි ජයසේකර විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කරනු…

අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් – තැනින් තැන මි.මී 75ට වැඩි වැසි

අද (17) දින සිට ඉදිරි දිනවල උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම, ඌව සහ…

දුරදිග ගිය අසල්වැසි ආරවුල ජීවිතයක් බිලි ගනී

කෝපායි, අල්ලියාවත්ත ප්‍රදේශයේදී උදැල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 59ක් වූ කෝපායි මධ්‍යම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ පුද්ගලයා හා අසල්වැසියන් කිහිපදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙසේ උදැල්ලකින් පහරදී ඔහුව ඝාතනය සිදුකර ඇති බව සිදු කළ…

බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අගමැති දිවයිනට

‍බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී නිල සංචාරයක් සඳහා අද (17) උදෑසන දිවයිනට පැමිණ තිබේ. ඩේවිඩ් ලැමී මහතා සඳහා එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේ උසස් නිලධාරීන් 7දෙනෙකු දූත පිරිස ලෙස මෙලෙස දිවයිනට පැමිණ ඇත. අද (17) උදෑසන 09.11ට දෝහා සිට කටාර් ගුවන්…

විජිත් විජයමුණි FCIDයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා අද (17) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ. මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකදී ඒ මහතා පැවසුවේ අමාත්‍ය මණ්ඩල තීරණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබූ…

දුම්රියේ ගැටී වන අලියකු මරුට

කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වුණු අංක 943 දරන රාත්‍රී තැපැල් දුම්රියෙහි, කිතුල්උතුව 151 කණුව අසලදී වන අලියකු ගැටීම නිසා අද (17) අලුයම එම දුම්රිය පීලි පැනීමට ලක්වී තිබෙනවා. දුම්රිය එන්ජිමේ ගැටුනු වන අලියා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවත්,…

හෙරොයින් සහ අයිස් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

වැල්ලම්පිටිය, කොටුවිල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 මිලිග්‍රෑම් 960ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.   මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 35ක් වන…