News Editor

News Editor

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදුකළ කැඳවීමක් අනුව ඔහු එහි පැමිණීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

කොළඹ ඩෙංගු බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දීමට දුරකථන අංකයක් හඳුන්වාදෙයි

කොළඹ මහ නගර සීමාවේ ඩෙංගු බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දීමට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව, 011-2696594 යන දුරකථන අංකයට අදාළ තොරතුරු දැනුම්දිය හැකි බවයි කොළඹ මහ නගර සභාව සඳහන් කළේ. නාගරික සීමාවේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි…

සිසුවා ඇදවැටුණු සිසු සැරිය බස් රථ‍‍යේ රියදුරු සහ කොන්දොස්තරගේ වැඩ තහනම් කිරීමට පියවර

මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ‘සිසු සැරිය’ බස් රථයක පා පුවරුවෙන් සිසුවෙකු ඇදවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන්, එම බස් රථයේ සේවය කළ රියදුරුගේ සහ කොන්දොස්තරගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට වයඹ පළාත් ප්‍රවාහන අධිකාරිය විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී…

0.55% කින් අඩු වූ බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මකයි

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව 0.55% ක ප්‍රතිශතයකින් අඩු වූ බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මක වනවා. ඒ අනුව නව ගාස්තු සංශෝධනය යටතේ සාමාන්‍ය සේවා අවම බස් ගාස්තුව වන රුපියල් 27, දෙවන ගාස්තු අවස්ථාව වන රුපියල් 35 සහ රුපියල් 45 ගාස්තුවේ…

රාගම බටුවත්තේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට

රාගම බටුවත්ත ප්‍රදේශයේ ඊයේ (03) රාත්‍රීයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය සඳහන් ක‍ළේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගණේමුල්ල සංජීවගේ සමීපතමයෙකු වන ‘ආමි උපුල්’ නම් පුද්ගලයෙකු…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

තෝරු, මෝරු, නිල් තල්මස්සු වගේ අය තමා අපි අත්අඩංගුවට ගන්නේ – බිමල් රත්නායක

රටේ මහජන මුදල් සොරාකන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඒ අනුව, මේ වන විට නීතිය ක්‍රියාත්මක කිරීම උඩ සිට ආරම්භ කර ඇති බවත්, දැන් අත්අඩංගුවට ගැනීම් සිදු කරන්නේ තෝරු, මෝරු, නිල් තල්මස්සු වැනි පිරිස්…

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කෙරේ

2026 වර්ෂය සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, එම අයඳුම් පත්‍රය සමඟ උපදෙස් පත්‍රිකාවක් නිකුත් කර ඇති අතර, එයට අනුව කටයුතු කරන ලෙසයි එම අමාත්‍යංශය දැනුම් දෙන්නේ. අයදුම්පත්‍රය සම්පූර්ණ…

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා – අතිරේක රේගු අධ්‍යක්ෂ

Ali Express වැනි සේවාවලින් මෙරටට භාණ්ඩ ගෙන්වීම නතර කිරීමක් සිදුකර නොමැති බව අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ පවසනවා. ඒ අනුව, මේ වන විට සිදුකර ඇත්තේ ගාස්තු වැඩි කිරීමක් නොව නිවැරදි ගාස්තුව අය කිරීම බවයි ‘BBC සිංහල’ වෙත අදහස් දක්වමින් අතිරේක…

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

වත්තේගම සිට කුඩුගල හරහා මහනුවර දක්වා ධාවනය කරමින් තිබූ ලංගම බස් රථයක් පෙරළී එහි ගමන් ගත් මගීන් 09 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.  තුවාලකරුවන්ගෙන් 8 දෙනකු වත්තේගම රෝහලට ඇතුළත් කර තිබෙන අතර එක් අයකු තෙල්දෙණිය රෝහලට ඇතුලත් කළ බවයි පොලිසිය පවසන්නේ. …