බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 65. 87 ක් ලෙස සටහන් වූ අතර, එය ඊයේ දිනට සාපේක්ෂව සුලු ඉහළ යාමක්. එමෙන්ම, ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ද මේ වන විට…

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 65. 87 ක් ලෙස සටහන් වූ අතර, එය ඊයේ දිනට සාපේක්ෂව සුලු ඉහළ යාමක්. එමෙන්ම, ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ද මේ වන විට…

විදේශගතව සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු වන වනාතේ “පරෙයි සුදා” නමැත්තා සිය උපන් දිනය වෙනුවෙන් කෝට්ටේ පිහිටි සුපිරි උත්සව ශාලාවකදී දෙසීයකට වැඩි සිය අනුගාමිකයන් ගෙන්වා සාදයක් පවත්වා ඇතැයි බුද්ධි අංශ පවසනවා. මෙම සාදයට රුපියල් මිලියනයකට වඩා මුදල් වැය කර ඇති අතර…

නිට්ටඹුවේ සිට මොනරාගල දක්වා ගමන් කරමින් තිබූ වෑන් රථයක් මාතර මොණරාගල ප්‍රධාන මාර්ගයේ තණමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේදි පාර මාරුවෙමින් සිටි වන අලියෙකු ගැටීමෙන් අද (18) අළුයම අනතුරක් සිදුව ඇතැයි තණමල්විල පොලිසිය පවසයි. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ නිට්ටඹුව සිට මොනරාගල යක්කල ප්‍රදේශයට…

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 25 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අද (18) ඔහුව මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබා දී ඇති බවයි සඳහන් වන්නේ. කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා…

වැලි ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 40,000 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අදාළ සැකකරු අගෝස්තු 25 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි…

පළාත් සභා මැතිවරණය ලබන වසරේ මුල් මාස 06 තුළ පැවැත්වීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඒ සඳහා නීතිමය වශයෙන් බාධා පවතින බවත්, ඒවා ඉවත් කර ගැනීමට කටයුතු කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ. මේ අතර,…

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන තෙවැනි පාසල් වාරය අවසන් වීමට පෙර අවසන් කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, එම පුහුණු වැඩසටහන පළාත් මට්ටමින් ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන…

උතුරු සහ නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරය මේ වන විට ආරම්භ වී තිබෙනවා. පසුගියදා මුලතිව්, ශිවනගර් හි යුද හමුදා කඳවුරකට ඇතුළු වූ පිරිසක් අතුරින් එක් අයකු මරණයට පත්වීම සහ ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින්…

සෙවනගල ප්‍රදේශයේ, හබුරුගල බෝධිරාජ වැවේ දියේ ගිලී එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී ඇති බව පොලිසිය පවසනවා. අදාළ පුද්ගලයා තවත් අයකු සමඟ වැවේ මසුන් අල්ලමින් සිටියදී වළකට වැටී, දියේ ගිලී, මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ. මෙලෙස මිය ගොස් ඇත්තේ 42…

මරදාන සහ කොටුව අතර දුම්රිය පීලි පැනීමක් සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, ගාල්ලේ සිට මරදාන බලා ධාවනය වූ සමුද්‍රදේවී දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක් වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.