දෙමටගොඩ දුම්රිය ස්ථානය අසල ගින්නක්

දෙමටගොඩ, බේස්ලයින් පාර දුම්රිය ස්ථානය අසල අද (22) පෙරවරුවේ ගින්නක් ඇති වී තිබෙනවා. එහිදී ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 3ක් පිටත් කර යවා ඇති බවයි ගිනි නිවන හමුදාව සඳහන් කළේ.

දෙමටගොඩ, බේස්ලයින් පාර දුම්රිය ස්ථානය අසල අද (22) පෙරවරුවේ ගින්නක් ඇති වී තිබෙනවා. එහිදී ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 3ක් පිටත් කර යවා ඇති බවයි ගිනි නිවන හමුදාව සඳහන් කළේ.

බොරැල්ල කාදර් නානාවත්ත ප්‍රදේශයේදී අද (22) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවත් වාර්තා වේ.

තැපැල් වර්ජනය හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළෙහි රැඳී ඇති කාගෝ සඳහා විශේෂ ආරක්ෂාවක් ලබාදීමට වැඩපිළිවෙලක් සැකසෙයි. ඊට අවශ්‍ය උපදෙස් අදාල අංශ වෙත වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ලබා දුන්නේය. ඒ අනුව කටුනායක ගුවන් තොටුපළෙන් කාගෝ සඳහා…

අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයා, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී…

අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් වන නඩුව මේ වන විට අධිකරණය තුළ විභාග වෙමින් පවතිනවා. එවැනි පසුබිමක, හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් විපක්ෂය නියෝජනය කරන වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම හිටපු මන්ත්‍රීවරුන් රැසක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණෙමින් සිටිනවා. පාර්ලිමේන්තු…

මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමඟ ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා, හිටපු අමාත්‍ය විමල් වීරවංශ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.…

නව ආයෝජන කලාප 07 ක් මේ වසරේදී පිහිටුවන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා. ඒ අනුව, උතුරු පළාතේ ආයෝජන කලාප තුනක් ද, වයඹ, නැගෙනහිර සහ දකුණු පළාත්වල එක් ආයෝජන කලාපය බැගින් ද පිහිටුවන බවයි එහි සභාපති අර්ජුන හේරත් සඳහන් කළේ.…

බොරැල්ල මොඩල්ෆාම් හන්දිය අසළ සිට ඩි.එස්. සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක් ගිලා බැසීම හේතුවෙන් වාහන ගමනාගමනය සිදුවුනු අවහිරතාවය තවදුරටත් පවතින බව පොලීසිය පවසනවා. ඒ අනුව, කොළඹ දෙසට ඇතුළුවන මාර්ගය භාවිත කරන රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත…

රක්ෂිත බන්ධනාගාරගත කරන ලද හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා. ආරක්ෂක හේතූන් මත ඔහුව එම බන්ධනාගාරයට යොමු කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 2022 වසරේදී අරගල භූමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට…

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වූ පළමු අවස්ථාව මෙයයි. ඔහු ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (22) උදෑසන පැමිණියා. එසේ පැමිණි අවස්ථාවේදීයි මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ. පෞද්ගලික…