News Editor

News Editor

මාරක අනතුරු කිහිපයකින් තිදෙනෙක් මරුට

ප්‍රදේශ කිහිපයක සිදුවූ මාරක අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා. පෑලියගොඩ, දුටුගැමුණු හන්දිය අසල පදිකමාරුවේදී සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා. පදිකමාරුවේ ගමන්ගත් කාන්තාවක් කාර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. මේ අතර චෙන්කලඩි ප්‍රදේශයේදී වෑන්…

ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චිය තවත් ඉහළට

පොලී අනුපාත ලිහිල් වීමත් සමඟ පරිභෝජනය ක්‍රමයෙන් ඉහළ යෑම නිසා, 2025 ජුනි මාසයේදී ක්‍රෙඩිට් කාඩ් හිඟ ශේෂයන් රුපියල් බිලියන 160.9ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) නවතම දත්ත පෙන්වා දෙයි. එය 2024 ජුනි මාසයේදී පැවති රුපියල් බිලියන 150.1 සිට…

රුසියාව සාමයට නාවොත් ට්‍රම්ප් සැර වෙන ලකුණු

සති දෙකක් තුළ යුක්‍රේන – රුසියා යුද්ධය සම්බන්ධ සාමකාමී විසඳුමක් නොලැබුණහොත් රුසියාවට එරෙහිව සම්බාධක පනවන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. අමෙරිකානු ජනාධිපති සහ රුසියානු ජනාධිපති පුටින් අතර පසුගියදා ඇලෙස්කාවේදී රුසියානු – යුක්‍රේන යුද්ධය සඳහා සාමකාමී මාවතක් වෙනුවෙන් සාකච්ඡා පැවැත්වුවද…

මර්දනයට ලෑස්ති වෙන්න එපා, අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා – නාමල් රාජපක්ෂ

මර්දනයට සූදානම් නොවන ලෙස ආණ්ඩුවට ප්‍රකාශ කරන බවත්, ඉවසීමටද සීමාවක් ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඒ අනුව, මර්දනයට සූදානම් නොවී, මැතිවරණයේදී ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට කටයුතු කරන ලෙසද ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ…

රනිල් හිරේ ගියා කියලා ප්‍රාථමික සතුටක් අපිට නැහැ – ජගත් මනුවර්ණ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දුන් තීන්දුව අධිකරණ තීන්දුවක් බවත්, එය දේශපාලන තීන්දුවක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ පවසනවා. ජාතික ජන බලවේගය බලයට පැමිණීමට පෙර ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ නීතිය සැමට පොදු බවට ප්‍රකාශ කර තිබූ බවද මාධ්‍ය වෙත…

අධි මිල භාණ්ඩ සොයා කොළඹ සිනමාහල් කිහිපයක ආපනශාලා වටලයි

නිවේදනය කළ මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන බවට ලැබුණු පැමිණිලි අනුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කොළඹ සිනමාහල් තුනක ආපනශාලා වටලා තිබෙනවා. එහිදී, දැනට සඳහන් කර ඇති මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි නොකරන ලෙස සියලුම වෙළෙඳුන් දැනුවත් කිරීමට…

තැපැල් වර්ජනය අද හත්වන දිනටත්

තැපැල් සේවකයන් ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අද (24) හත්වන දිනටත් ක්‍රියාත්මක වෙනවා. සිය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද උදෑසන 9.00ට විෂයභාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සාකච්ඡාවක් ලබා දී ඇති බවයි තැපැල් සහ විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජී. ජී.…

වෛද්‍යවරුන් හෙට වැඩවර්ජනයකට සැරසෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (25) වැඩවර්ජනයක් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලිය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම…

බොරලැස්ගමුවේ වෙඩි තැබීමක්

බොරලැස්ගමුව ප්‍රදේශයේදී අද (24) අලුයම වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. එම වෙඩි තැබීමෙන් 21 හැවිරිදි තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙනවා.

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…