News Editor

News Editor

ගිගුරුම් සහිත වැසි නැවතත් ප්‍රදේශ කිහිපයකට

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.…

‘ක්ලීන් ශ්‍රී ලංකා’ බළ­කාය ජන­පති හමු­වෙයි

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ­ස­ට­හනේ වත්මන් ප්‍රග­තිය සහ ඉදිරි සැල­සුම් පිළි­බඳ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සහ ක්ලීන් ශ්‍රී ලංකා කාර්ය සාධක බළ­කායේ සාමා­ජි­ක­යන් අතර සාක­ච්ඡා­වක් පැවැ­ත්විණ. මෙම සාක­ච්ඡාව පසු­ගි­යදා (07) ජනා­ධි­පති කාර්යා­ල­යේදී පැවැති අතර මෙහිදී ඒ පිළි­බ­ඳව දීර්ඝ ලෙස සාකච්ඡා…

බට­ලන්ද වාර්තා­වටත් නීතිය කඩි­නමින්-නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වට­ගල

බට­ලන්ද වාර්තා­වට අදා­ළව අධි­ක­රණ අමාත්‍ය හර්ෂණ නානා­ය­ක්කාර මහතා සමඟ සාකච්ඡා කර ආණ්ඩු­වක් ලෙස කඩි­නම් මැදි­හ­ත්වී­මක් සිදු කරන බව මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වට­ගල මහතා පැව­සීය. ඒ මහතා මෙසේ පැව­සුවේ පසු­ගි­යදා පාවෙන වෙළෙ­ඳ­සල් සංකී­ර්ණයේ නිරී­ක්ෂණ චාරි­කා­ව­කට එක්වූ…

අභිනව අමරපුර මහා නාහිමිට ශ්‍රී සන්නස් පත්‍රය ජනපති අතින් පිළිගැන්වෙයි

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පදවියට පත් අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නාහිමියන්ට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම අනුර කුමාර දිසානායක මහතා අතින් අද (10) සිදු කෙරුණි’ ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීය. සන්නස් පත්‍රය පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය…

දින දෙක­කදී ටිබෙට් දේශයේ භූ කම්පන දෙකක්

අඛ­ණ්ඩව දින දෙක­කදී ටිබේට් දේශයේ භූ කම්පන දෙකක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසු­ගිය සෙන­සු­රාදා ටිබේට් දේශයේ ඩින්ගේ ප්‍රාන්තයේ ඉන්දීය වේලා­වෙන් පස්වරු 2.20ට රිච්ටර් මාප­කයේ 5.2ක භූ කම්ප­න­යක් සිදුවී ඇතැයි ද, ඊයේ අලු­යම 2.30ට බැංලන්ග් දිස්ත්‍රි­ක්කයේ සිදුවූ භූ කම්ප­නය…

වසර 15කට පසු අමෙ­රි­කාවේ පළමු මරණ දඬු­වම ද්විත්ව ඝාත­ක­ය­කුට

තම හිටපු පෙම්ව­ති­යගේ මවුපි­යන්ට පහර දී ඝාත­නය කිරීමේ චෝද­නා­වට වර­ද­කරු වූ අමෙ­රි­කාවේ දකුණු කැරො­ලිනා ප්‍රාන්තයේ පුද්ග­ල­ය­කුට එරෙ­හිව පසු­ගි­යදා මරණ දඬු­වම ක්‍රියා­ත්මක කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බ්‍රැඩ් සිග්මන් නමැති 67 හැවි­රිදි මේ පුද්ග­ල­යාගේ මරණ දණ්ඩ­නය ක්‍රියා­ත්මක කර­මින් ඔහු වෙඩි…

කැන­ඩාවට අද නව අග­මැතිවරයෙක්

කැන­ඩාවේ ලිබ­රල් පාලක පක්ෂයේ නව නාය­කයා පත් කර­ගැ­නීම සඳහා වන මැති­ව­රණ කොට්ඨාස ඡන්ද ප්‍රකා­ශය ඊයේ පැවති බවත්, නව පක්ෂ නාය­කයා නිවේ­ද­නය කිරීම අද අලු­යම සිදු කිරී­මට නිය­මි­තව තිබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැන­ඩාවේ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වට අනුව පාලක පක්ෂයේ නව…

සන්නිවේදන තාක්ෂණය අත්හදා බැලීමේ චන්ද්‍රිකාවක් චීනය සාර්ථකව අභ්‍යවකාශ ගත කරයි

සන්නිවේදන තාක්ෂණය අත්හදා බැලීමේ අංක 15 දරන චන්ද්‍රිකාව නිරිතදිග චීනයේ Xichang චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයෙන් අද (10) අලුයම 1.17ට කක්ෂගත කෙරිණ. එය සිදුකෙරුණේ Long March-3B ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙනි. මෙහිදී චන්ද්‍රිකාව නියමිත කක්ෂයට ඇතුළු වූ අතර මෙහෙයුම සාර්ථකව සම්පූර්ණ කර ඇත.…

තලේ­බාන් වෙඩි ප්‍රහා­ර­යට ලක්වූ මලාලා වසර 13කට පසු පාකි­ස්තා­නයේ සංචා­ර­යක

නොබෙල් සාම ත්‍යාග­ලාභී ලෝක ප්‍රකට සමාජ ක්‍රියා­කා­රි­නි­යක වන මලාලා යූසු­ෆ්සායි වසර 13කට පසු යළි සිය උපන් බිම වන පාකි­ස්තා­න­යට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන­විට 27 හැවි­රිදි වියෙහි පසු­වන ඇය 2021 වසරේ ඔක්තෝ­බ­ර­යේදී තලේ­බාන් සංවි­ධා­නයේ සාමා­ජි­ක­ය­කුගේ වෙඩි පහ­ර­කින්…

ගසා තීරය අඳුරු‌ වෙයි – වහා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්න

ගාසා තීරයේ විදුලි සැපයුම මුළුමනින්ම අත්හිටුවීමට ඊශ්‍රායලය නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය නිවේදනය කරයි. ඒ සිය ප්‍රාණඇපයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් මුදාහැරීමට හමාස් සංවිධානය වෙත පීඩනය එල්ල කිරීමේ අරමුණිනි. ගාසා වෙත සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආධාර සැපයීම අත්හිටුවා සතියක් ගතවීමටත්…