News Editor

News Editor

සැකකටයුතු මරණයක්

සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් කළුතර, කටුකුරුන්ද වෙරළ තීරයේ තිබී හමුවී ඇත. මෙම මළසිරුර මුහුදු වෙරළේ ශාරිරික අභ්‍යාසවල නිරතවී සිටි පියෙක් සහ දියණියක් විසින් දැක තිබේ. එහිදී ඔවුන් 119 හදිසි ඇමතුම් අංකය වෙත දැනුම් දී ඇත. ඒ අනුව, කළුතර දකුණ…

ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු බොහෝමයක් නීති විරෝධී බව ඇමරිකානු අධිකරණය තීන්දු කරයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද බොහෝ තීරුබදු නීති විරෝධී බව ඇමරිකානු අභියාචනාධිකරණයක් තීන්දු කර ඇති අතර, එය ඔහුගේ විදේශ ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය උඩු යටිකුරු කළ හැකි නීතිමය ගැටුමක් ඇති කරයි. මෙම තීන්දුව ලොව පුරා බොහෝ රටවල් මත…

සෝලා බෝට්ටු වලින් බේරේ වැව සුද්දකරන්න යයි

කොළඹ නගරයේ පිහිටි බේරේ වැවේ ජල තත්ත්වය සහ පරිසර පද්ධතිය වැඩිදියුණු කිරීමේ අරමුණින්, සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන විද්‍යුත් බෝට්ටු යොදා ගනිමින් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන මගින් දිනකට…

ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක අත්අඩංගුවට

ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක වැල්ලවාය පොලිසිය විසින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පවුල් ආරවුලක් මත වැල්ලවාය පොලිසියට ලද පැමිණිල්ලක් අනුව සැකකාර දමිත් අසංක මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ. පොලිස් අත්අඩංගුවට ගත් ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්…

මාස 11කට පසු උද්ධමනය යළි ඉහළට

මාස 11ක් පුරා පහළ යෑමෙන් අනතුරුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මත පදනම් වූ උද්ධමනය අගෝස්තු මාසයේදී යළි ඉහළ ගොස් තිබෙනවා. සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, ජූලි මාසයේ පැවති -0.3%ක උද්ධමනය අගෝස්තු මාසයේදී 1.2% දක්වා ඉහළ ගොස්…

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමේ ගැසට්ටුව හෙට

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථවල ගමන් කරන්නන්ට ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමේ විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය හෙට නිකුත් කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය…

අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීම සඳහා වන අමාත්‍යාංශයීය කමිටුව ප්‍රථම වරට රැස්වෙයි

අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීම සඳහා වන අමාත්‍යාංශයීය කමිටුව ප්‍රථම වරට ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශයේදී රැස්වුණා. අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස්වූ අතර එහිදී අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීම සඳහා පත් කර ඇති කමිටුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.…

ඉන්දුනීසියාව කැලඹෙයි  – විරෝධතා ප්‍රචණ්ඩ මුහුණුවරක් ගනී

ඉන්දුනීසියානු රජයට එරෙහිව ඊයේ පැවැති විරෝධතාවයක් ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පෙරේදා පැවැති විරෝධතාවයක් අතරතුර පොලිස් වාහනයක ගැටී පුද්ගලයෙකු මිය යාමට එරෙහිව ඊයේ මෙම විරෝධතා පවත්වා තිබේ. ඉන්දුනීසියාව තුළ දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙස එරට…

විදුලි බල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම යෑමේ නියමයන් හා කොන්දේසි ගැසට් කෙරේ

ශ්‍රී ලංකා විදුලි බල සං‍ශෝධන පනතේ ස්වේච්ඡා විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමයේ නියමයන් හා කොන්දේසි ගැසට් කර තිබේ. බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අදාළ ගැසට් නිවේදනය මඟින් ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාම සඳහා හිමිකම් ලබන විදුලි බල මණ්ඩල…

කෙහෙල්බද්දර පද්මේ සමඟ අත්අඩංගුවට පත් කාන්තාව හා දරුවා ලංකාවට එයි

අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස සමග අත්අඩංගුවට ගත් කාන්තාව සහ කුඩා දරුවා ඊයේ (29) පස්වරුවේ දිවයිනට රැගෙන පැමිණ තිබේ. ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට පැමිණි UL -365 දරන ගුවන් යානයෙන් අද පස්වරු 5.50ට පමණ මෙවුන් දිවයිනට පැමිණ ඇති බව…