News Editor

News Editor

ඉන්දුනීසියානු රජයට එරෙහිව පැවති විරෝධතා තවත් දරුණු අතට

ඉන්දුනීසියානු රජයට එරෙහිව පවතින විරෝධතාවන් මේ වන විට වඩාත් ප්‍රචණ්ඩය මුහුණුවරක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දුනීසියාව තුළ දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙස එරට රජයට බල කරමින් ජකර්තා අගනුවරදී විරෝධතා මාලාවක් නිර්මාණය වූයේ පසුගිය බ්‍රහස්පතින්දා දිනය. එම…

යුක්‍රේනයේ හිටපු ආරක්ෂක ලොක්කෙක් වෙඩි තබා ඝාතනය කරයි

යුක්රේනයේ ජාතික ආරක්ෂක සහ ආරක්ෂක කවුන්සිලයේ හිටපු ප්‍රධානී ඇන්ඩ්‍රි පරුබි වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ලිවිව්හිදී ඔහු ඝාතනයට ලක්ව ඇති බව යුක්‍රේන ජනපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි නිවේදනය කළ බවයි එරට වාර්තා පවසන්නේ. නිල නොවන තොරතුරු උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කරන්නේ…

වට්ටක්කා ගොවීන් අස්වැන්නට නිසි මිලක් ඉල්ලයි

වට්ටක්කා අස්වැන්න සඳහා නිසි මිලක් නොමැති වීම හේතුවෙන් අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගොවීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. ඔවුන් පවසන්නේ එම ප්‍රදේශයේ ආර්ථික මධ්‍යස්ථානවල වට්ටක්කා කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 20ත් 30ත් අතර මුදලකට බවයි. මේ නිසා සිය අස්වැන්නට නිසි මිලක් ලබාදෙන ලෙසයි…

පොලිසියේ අනීතික ක්‍රියා ගැන පැමිණිලි කිරීමට වෙනම ඒකකයක්

පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළු පොලිසියේ ඉහළ නිලධාරීන් සිදුකරන අනීතික හා විෂමාචාරි ක්‍රියාවන් ගැන පැමිණිලි කිරීම සඳහා වෙනම ඒකක ස්ථාපිත කිරීමට පොලිස් මූලස්ථානය සැලසුම් කර තිබෙනවා. පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කළේ, අල්ලස් ඉල්ලීම්, ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගැනීම්, සාමාන්‍ය ජනතාවගේ පැමිණිලි භාර නොගැනීම, මෙන්ම…

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි. එළැඹෙන 06 වනදා පක්ෂ සම්මේලනයද පැවැත්වීමට නියමිත අතර එහිදී හිටපු ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශය සිදුකරන ඇති බව වාර්තා වෙයි. පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර…

ගතවූ පැය 24ට රිය අනතුරුවලින් 06 දෙනෙකු මරුට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබේ. පොලිසිය පැවසුවේ මොරවැව, කිලිනොච්චි, අනුරාධපුර, වලස්මුල්ල සහ අරලගංවිල යන ප්‍රදේශවල මෙම අනතුරු සිදුව ඇති බවය. ඒ 9 මාර්ගයේ පරන්තන් ප්‍රදේශයේදී ලොරි රථයක් බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති අතර…

පේරාදෙණිය සහ මහනුවර අතර දුම්රිය ධාවනය සීමා කිරීමක්

දුම්රිය හරස් මාර්ගයක සිදුකරන නඩත්තු කටයුක්තක් හේතුවෙන් සැප්තැම්බර් මස 05 වනදා සිට 07 වනදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ මහනුවර අතර දුම්රිය ධාවනය සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ටිකිරි මැණිකේ සහ උඩරට මැණිකේ දුම්රිය දෙක එම දින තුන…

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පස්දෙනා රැගත් ගුවන් යානය අද පස්වරුවේ දිවයිනට

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පස් දෙනා රැගත් ගුවන් යානයක් ජකර්තා සිට කොළඹ බලා පිටත් වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

වසරේ ගතවු කාලය තුල ක්‍රියාත්මක කල විශේෂ මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් පුද්ගලයින් 142,027 අත්අඩංගුවට – මහජන ආරක්ෂක අමාත්‍යංශය

වසරේ ගතවු කාලය තුල ක්‍රියාත්මක කල විශේෂ මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් පුද්ගලයින්  142,027 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශය පැවසුවේ, මෙම මෙහෙයුම යටතේ ජනවාරි පළමුවැනිදා සිට අගෝස්තු 25 වැනිදා දක්වා කාලය තුල, හෙරොයින් සම්බන්ධයෙන් 43,564 දෙනෙකු…

ජනාධිපති මන්දිර ඇමති නිල නිවාස රටේ දියුණුවට සංචාරක නිවාඩු නිකේතන කරන්න සූදානමක්

සංචාරක ක්ෂේත්‍රයේ, පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී (29) පස්වරුවේ පැවැත්විණි. 2026 වසරේ සංචාරක ක්ෂේත්‍රයේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමේදී හුදෙක් ප්‍රවර්ධන වැඩසටහන් පමණක් ප්‍රමාණවත් නොවන බවත්, රාජ්‍ය සහ පෞද්ගලික අංශය…