News Editor

News Editor

ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත වෙයි

ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත අද (05) පාර්ලිමේන්තුවේදී සම්මතවී තිබෙනවා. ඒ අනුව මෙම පනත හරහා පොදු ප්‍රවාහනයේ යෙදෙන සියලුම වාහන නියාමනයට බලතල ලැබෙන බවයි ප‍ාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරීවරියට ඇප

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (05) අත්අඩංගුවට ගත් ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධන කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී එම්.ආර්. ශ්‍රීමති මල්ලිකා කුමාරි සේනාධීර ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා. ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ…

රවී කරුණානායක සැකකරුවෙක් කිරීමට එරෙහිව අභියාචනාධිකරණය ලබාදුන් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දමයි

2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 36.98ක මුහුණත වටිනාකමකින් යුත් බැඳුම්කර සම්බන්ධයෙන් වංක ලෙස ව්‍යාපාරණය කිරීමට හෝ ඊට එකඟවීම ඇතුළුව, පොදු දේපළ පනත යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ගොනුකර තිබූ නඩුවක විත්තිකරුවකු…

රන් පැහැ T56 සිද්ධියට දුමින්ද දිසානායක අධිකරණයට රැගෙන එයි

රන් පැහැ ගැන්වූ ටී – 56 ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද අධිකරණයට රැගෙන විත් තිබෙයි.

අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධියේ සැකකරුගේ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

විවෘත අධිකරණයේදී යළිත් ප්‍රකාශයක් කිරීමට අවසර ලබා දෙන ලෙසට අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියගේ සිද්ධියේ සැකකාර හිටපු යුධ හමුදා සෙබළා කළ ඉල්ලීමක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. සැකකරු එසේ අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී ඊට ප්‍රතිචාර දක්වමින්…

සෞඛ්‍ය සේවා පද්ධතිය ඩිජිටල්කරණය කරන පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත් කිරීම අද

මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය ඩිජිටල්කරණයට ලක් කරමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය දියත් කිරීම අද (05) සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යටතේ පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය (Cluster Health Information System – CHIS) දියත් කිරීම සෞඛ්‍ය…

ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවට අද 148ක් පිටව යයි

ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් 148 දෙනෙකු පිටත්ව යාමට නියමිතව තිබෙනවා. එසේ රැකියා හිමිවූ 06 වන කණ්ඩායම මෙය වන අතර, ඔවුන් කාණ්ඩ තුනක් යටතේ මෙරටින් පිටත්ව යාමට කටයුතු කර ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය…

පාසල් දැරියක දූෂණය කිරීමේ සිද්ධිය:

ගුරුවරියට හා සැමියාට වසර 45ක සිරදඬුවම් වින්දිත දැරියට ලක්ෂ 15 බැගින් වන්දි ගෙවීමටත් නියෝග ස්ත්‍රී දූෂණ චෝදනාව විත්තිකාරියකට එල්ලවීම අධිකරණ ක්ෂේත්‍රයේ විරල අවස්ථාවක් –මහාධිකරණ විනිසුරු කියයි දුෂ්කර ප්‍රදේශයක පාසලක තමා යටතේ ඉගෙන ගන්නා බාලවයස්කාර සිසුවියක් කොළඹ පෙන්වීමට බව පවසා සිය…

පැය 24ක් ඇතුළත ගාසා තීරයේ පලස්තීනුවෝ 95ක් මරුට

ගතවූ පැය 24 ක කාලයේ ගාසා තීරය පුරා ඊශ්‍රායල හමුදාව සිදු කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 95 දෙනකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ අමෙරිකානු සහාය ඇතිව ඊශ්‍රායලය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ආහාර බෙදාහැරීමේ මධ්‍යස්ථාන වසා දැමීමට පියවර ගෙන ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා…

රටවල් 12 ක ජාතින්ට ඇමරිකාවට ඇතුළුවීම තහනම්

රටවල් 12 ක ජාතිකයින්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අදාළ ලියවිලි සඳහා අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු පවසා ඇත්තේ “විදේශීය ත්‍රස්තවාදීන්ගෙන්” සහ අනෙකුත් ආරක්ෂක තර්ජන වලින් ආරක්ෂා වීම සඳහා මෙලෙස ක්‍රියා…