News Editor

News Editor

රාජ්‍ය ආයතන කිහිපයක මාර්ගගත සේවාවන් ඇනහිටියි

ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud – LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන් වලට තාවකාලිකව බලපෑම් එල්ල වී ඇත. මෙම සේවාවන් අතර, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ උප්පැන්න, විවාහ සහ මරණ (BMD) සහතික…

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 7ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද (13) රාත්‍රී 9 සිට හෙට (14) රාත්‍රී 9 දක්වා වූ ඉදිරි පැය 24 සඳහා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවය. ඒ අනුව විමසිලිමත් විය යුතු…

ශ්‍රී ලංකාවට එන විදෙස් සංචාරකයින්ට ETA අවසර පත්‍රය හෙට සිට අනිවාර්යයයි

ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම විදේශිකයින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA)ලබාගැනීම අනිවාර්ය කර තිබේ. ඒ අනුව ‍හෙට (15) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම අවසර පත්‍රය ලබාගැනීම අනිවාර්යය කර ඇතැයි වාර්තාවේ. ශ්‍රී ලංකාවට පැමි‍ණීමේ දී නොමිලේ සංචාරක…

ඇමති වසන්ත ජිනීවා යයි

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) ශ්‍රී ලංකාවේ වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය (TPR) සහ එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ 16 වන සැසිවාරය (UNCTAD) සඳහා සහභාගිවීමට නියමිතය. එම 16 වන සැසිවාරය (UNCTAD)…

ශ්‍රී ලංකා අගමැති හරිනි චීන අගමැති හමුවෙයි

චීන අග්‍රාමාත්‍ය ලී චියැං මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (13) චීනයේ බෙයිජිං නගරයේ දී හමුවිය. කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය මේ දිනවල චීනයට ගොස් සිටියි. චීනය සහ ශ්‍රී ලංකාව අතර…

අද කාලගුණ නිවේදනය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තරමක තද…

ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට

මෙරට සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පිරිසක් නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් වන ඉෂාරා සෙව්වන්දි සහ ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ සගයෙකු බව පැවසෙන තවත් සැකකරුවන් 4 දෙනෙකු නේපාලයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. ඔවුන් කඩිනමින් දිවයිනට…

නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 45ක් නීතියේ රැහැනට

සතියක් තුළ සිදුකළ නාවික මෙහෙයුම්වලින් නීතිවිරෝධී ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 45 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව සඳහන් කර ඇත්තේ, 2025 සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 07 දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් මෙම පිරිස අත්අඩංගුවට…

කොළඹ කොටස් වෙළෙඳපොල ඉහළම අගය වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපොල සියලු කොටස් මිල දර්ශකය අද (13) ඒකක 2.36 කින් (0.01%) ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඉතිහාසයේ ඉහළම අගය ලෙස ඒකක 22,321.08ක් වාර්තා වුණා. මේ සමග වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 5.7ක්.

ට්‍රම්ප් ඊශ්‍රායලයට පැමිණෙයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයට පැමිණ තිබෙයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් බෙන් ගුරියන් ගුවන්තොටුපළේදී ඔහුව පිළිගෙන ඇති බවයි.