News Editor

News Editor

පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන යෝජනා දෙන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

පළාත් සභා මැතිවරණය කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතුද යන්න සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ ගැන සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කෙරේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද…

ලිට්‍රෝ ගෑස් මෙට්‍රික් ටොන් 1500ක් වෙළෙඳපොළට

ලිට්රෝ සමාගම තම ගෑස් සැපයුම ඉහළ නංවමින් දිනකට මෙට්‍රික් ටොන් 1500ක් වෙළෙඳපොළට නිකුත් කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ වසන්ත සමරසිංහ මහතා, “ගෑස්…

‘පුරප්පාඩු අනුව ඉදිරියේදී ගුරු සේවය සඳහා තවත් බඳවා ගැනීම් සිදු කරනවා’

වතු ආශ්‍රිත පාසල්වල සංවර්ධන කටයුතුවලදී දිස්ත්‍රික් සංවර්ධන කමිටු සමඟ එක්ව කටයුතු කරන ලෙසත්, පුරප්පාඩු අනුව ඉදිරියේදී ගුරු සේවය සඳහා තවත් බඳවා ගැනීම් සිදු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. වතු පාසල් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු සඳහා විසදුම් ලබා…

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන පෞද්ගලික වෙළෙඳුන්ට අලෙවි කළාට අලාභයක් නැහැ

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදිත ඖෂධ පෞද්ගලික වෙළෙඳුන්ට අලෙවියෙන් කිසිදු අලාභයක් ලබා නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පැවසීය. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මඟින් පෞද්ගලික වෙළෙඳුන්ට අලෙවි කරන ඖෂධ, ඒවා නිෂ්පාදනය කළ අවස්ථාවේ…

ගෑස් හිඟයක් නෑ

අනාගතයේදී කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවත් ප්‍රමාණවත් පරිදි තොග පවතින බවත් ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මේ නිසා අනවශ්‍ය ලෙස මිලදී ගැනීම්වලට යොමු වී කලබලයක් ඇති කර නොගන්නා ලෙස ද සමාගම සිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී. ගෑස් ඉල්ලුමේ අනපේක්ෂිත…

ජනාධිපති අනුර සහ බ්‍රසීලයේ ජනාධිපති අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බ්‍රසීලයේ ජනාධිපති Lula de Silva මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ඊයේ (19) පස්වරුවේ සිදු විය. නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact 2026 සමුළුවට සහභාගි වන අතරතුර මෙම රාජ්‍ය නායක හමුව සිදු විය.

ප්‍රසිද්ධ නළු එරික් ඩේන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රකට රූපවාහිනී කතා මාලාවන් වූ ‘Euphoria’ සහ ‘Grey’s Anatomy’ හි චරිත නිරූපණය කළ ප්‍රසිද්ධ නළු එරික් ඩේන් අභාවප්‍රාප්ත වේ. මියයන විට එරික් ඩේන් 53 වැනි වියේ පසු විය. තමන්ට ස්නායු රෝගයක් (Motor Neurone Disease) වැළඳී ඇති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර…

2025 වසරේදී දුම්කොළ සමාගමෙන් රජයට රුපියල් බිලියන 173 ක බදු ආදායමක්

2025 වසර තුළ ලංකා දුම්කොළ සමාගම විසින් රජයට ගෙවා ඇති සමස්ත බදු ප්‍රමාණය රුපියල් බිලියන 173.83 ක් ලෙස වාර්තා වී තිබෙනවා. ඒ අනුව, 2025 වසරේ දී ලංකා දුම්කොළ සමාගම රුපියල් බිලියන 215.67 ක පිරිවැටුමක් වාර්තා කර ඇති අතර, එම වර්ෂය…

සැකකරුවන් රිමාන්ඩ් නොකර, නිවාස අඩස්සියේ තැබීම සම්බන්ධයෙන් නව පනතක් ගෙන එනවා – අධිකරණ ඇමති

බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා, සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට හැකි වන නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා. බන්ධනාගාර ධාරිතාව 10,500 ක් වුව ද දැනට 39,000 ක් සිටින බවත්, එහි…

අද කාලගුණ නිවේදනය

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර පළාතේත්, මාතලේ, බදුල්ල, මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි එම…