News Editor

News Editor

හරක් කටා ඝාතනයට කැමරාව ඇතුළේ ගිනිඅවිය ඇටවූ පෑස්සුම්කරු මාට්ටු

සංවිධානාත්මක අපරාධ කල්හි නායක නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා යන සැකකරුව මාධ්‍යවේදියෙකු ලෙස පැමිණ ඝාතනය කිරීමට සැලසුමේ කැමරාව තුළ 3.8 වර්ගයේ ගිනි අවිය බහා සූක්ෂම ලෙස සැකසූ පෑස්සුම්කරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය පවසනවා. මෙම අපරාධය…

‘කිසිමදේකින් චීනය නවත්තන්න බැහැ’ -චීන ජනපති ලෝකයට කියයි

ලෝකයා යුද්ධය ද? සාමය ද? යන්න තෝරාගැනීමකට යළි මුහුණ දී සිටින බව චීන ජනපති ෂි ජින්ග්පින්ග් ලෝක නායකයන් හමුවේ පවසා තිබෙනවා. ඒ චීනයේ එතෙක් මෙතෙක් පැවති දැවැන්තම හමුදා පෙළපාළිය හමුවේ දීයි. ‘චීනය අපහසුතාවට පත්කරන්නන්ට කවදාවත් බියවුණේ නෑ’ යැයි පවසන චීන…

සූදු නියාමන අධිකාරි පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

සූදු නියාමන අධිකාරී පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය හිමිව තිබෙනවා. ඊට අදාළ අනුමැතිය ලබාදෙමින් කථානායකවරයා සිය සහතිකය ලබාදුන් බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ.

රාජිත යළි බන්ධනාගාරයට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත රැගෙන ආ, රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දී යළි බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා. පසුගියදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයට අනුවයි ඔහු…

රත්නපුර රෝහල් වර්ජනය අඛණ්ඩව

රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය අද ( 03) දෙවන දිනටත් ක්‍රියාත්මකවනවා. රෝහල් අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කළා. මෙම වැඩ වර්ජනය නිසා හදිසි හා ජීවිතාරක්ෂක ප්‍රතිකාර සේවා හැර අනෙකුත් සියලුම දෛනික ප්‍රතිකාර සේවා අඩාල වී…

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද රාත්‍රියේදී

2025 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රියේ නිකුත් කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එම විභාගයේ උත්තර පත්‍ර පරික්‍ෂා කිරීම පසුගිය 22වැනිදා සිට 27 වැනිදා දක්වා සිදු කෙරුණු බවයි එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ. මෙම වසරට අදාළ…

නව පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත කෙරේ

නව පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ල අද (03) පෙරවරුවේ විවෘත කර තිබෙනවා. ඒ අනුව, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගේ ප්‍රධානත්වයෙන් ද, පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ සහභාගීත්වයෙන් ද එය විවෘත කර ඇති බවයි සඳහන් වන්නේ. හමුදා උත්තමාචාර පැවැත්වීමෙන් පසු,…

පුහුල්ගල කඳු රක්ෂිතයේ ඇති වූ ගින්නකින් අක්කර 10කට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි

බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යුදගනාව, පුහුල්ගල කඳු රක්ෂිතයේ ඊයේ හටගත් ගින්නකින් අක්කර දහයකට වඩා විනාශ වී ඇති බව සඳහන් වෙනවා. ප්‍රදේශයට බලපා ඇති දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න වේගයෙන් රක්ෂිතය පුරා පැතිරී ගොස් ඇති බවයි වාර්තා…

මාළිගාවත්තේ වෙඩි තැබීමක්

මාළිගාවත්තේ ජුම්මා මස්ජීඩ් මාර්ගයේ දී වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. ව්‍යාපාරික ස්ථානයක සිටි තරුණයෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම තරුණයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු…

තවත් වැව් 15 ක රක්ෂිත මායිම් සලකුණු කිරීම මේ මාසයේ සිට

තවත් වැව් 15ක රක්ෂිත මායිම් සලකුණු කිරීම මේ මාසයේ ආරම්භ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, Clean Sri Lanka ලේකම් කාර්යාලය හා මිනුම්දෝරු දෙපාර්තමේන්තුව සමඟ එක්ව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ වන විට නුවර…