News Editor

News Editor

ගාසා තීරයේ ළමුන්ගෙන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු මන්දපෝෂණයෙන්

ගාසා තීරයේ ළමුන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු මන්දපෝෂණයෙන් පෙළෙන‍ෙ බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර තිබේ. තවද රෝගීන් දිනෙන් දින වැඩි වන බවද එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය සඳහන් කරයි. ගාසාවේ කුසගිනි අර්බුදය මෙතරම් දරුණු මට්ටමකට කිසි කලක පැමිණ නැති බවත්,…

ජනපති සමාවේ රැඳවියාට වසර 07 ක සිර දඩුවම්

නීතියට පටහැනි අයුරින් ජනපති පොදු සමාව යටතේ අධිකරණයෙන් නිදහස් වූ ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න නැමැත්තාට අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් වසර 07 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළා. ඒ මෙරට ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක කළමනාකරුවරයෙකු ලෙස පෙනී…

පරිගණක අපරාධ පැමිණිලි 5400ක්

මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ පරිගණක අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 5,400කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චරුක දමුණුපොළ කියා සිටියේ, ෆේස්බුක් සහ වට්සැප් ඔස්සේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් වන පැමිණිලිවල…

ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍යය වෙනුවෙන් කප් සිටුවයි

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අද(25) අලුයම යෙදුණු සුබ නැකතින් සිදු කෙරිණි. ඒ අනුව කුඹල් පෙරහැර අද සිට ආරම්භ කෙරෙනු ඇත.

හිටපු ඇමැති පී. දයාරත්න අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය පී. දයාරත්න මහතා අද (25) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ. එක්සත් ජාතික පක්ෂ අම්පාර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන දයාරත්න මහතා මියයන විට 89වන වියේ පසුවිය. 1936 ඔක්තෝබර් 1 වන දින උපත ලැබූ පෙටිකිරිගේ දයාරත්න මහතා ශ්‍රී ලංකා දේශපාලනයේ…

ජනාධිපති අනුර සඳුදා මාලදිවයිනට

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 ජූලි 28 සිට 30 වැනිදා දක්වා මාලදිවයිනේ රාජ්‍ය චාරිකාවක නිරත වීමට නියමිතය. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා නිවේදනයක නිකුත් කරමින් මේ බව සදහන් කරයි. මෙම සංචාරය අතරතුර…

සියලු පළාත් ලේකම්වරුන් අද කොළඹට කැඳවයි

දිවයිනේ සියලු පළාත් ලේකම්වරුන් අද කොළඹට කැඳවා ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර පවසනවා. පසුගිය මාස හය පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා සියලු පළාත් ලේකම්වරුන් මෙලෙස කොළඹට කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ. එසේම, පළාත් සභාවල…

රුපියල් කෝටි 40 ක මත්ද්‍රව්‍ය තොගයක් සමග කැනඩා ජාතිකයෙක් අත්අඩංගුවට

කටුනායක ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය තොගයක් සමග කැනඩා ජාතිකයෙකු අද (25) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ‘හෂීෂ්’ කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 196ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 298ක් තිබී සොයාගෙන ඇති…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (25) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර, පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා. පෙරවරු 10.00 – 11.00…

ලොව ජනප්‍රිය රෙස්ලින් ක්‍රීඩා ශූරයෙක් වන Hulk Hogan අභාවප්‍රාප්ත වෙයි

ලොව ජනප්‍රිය රෙස්ලින් ක්‍රීඩා ශූරයෙකු වන Hulk Hogan අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 71 වන වියේ පසු වුණා. Hulk Hogan ගේ සැබෑ නම Terry Bollea වන අතර ඔහු 80 සහ 90 දශකවල ජනප්‍රිය වෘත්තීය මල්ලවපොර ක්‍රීඩකයා ලෙස වාර්තා…