News Editor

News Editor

විදුලි ගාස්තු වැඩි නොකිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ස්තුතිය පළ කරයි

විදුලි ගාස්තු වැඩි නොකිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමට ස්තුතිවන්ත වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මහජන උපයෝගිතා කොමිසම විසින් ජනතාව ගැන සිතා, රජය විසින් ඉදිරිපත් කළ 6.8%ක ගාස්තු වැඩි කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවයි ප්‍රකාශයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා…

ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇප

අල්ලස් කොමිසම මගින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි, හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. සැකකරු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව,…

අමෙරිකාව ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශන යාවත්කාලීන කරයි

අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය යාවත්කාලීන කර තිබේ. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දෙවන අදියර යටතේ මෙම සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇති අතර එහිදී අවදානම් දර්ශක කිහිපයක් එකතු කිරීමට ද පියවර ගෙන ඇති බව වාර්තා වේ.…

මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන CIDයට

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද පෙරවරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ, එම දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි. ඒ අනුව, මන්ත්‍රීවරයා පෙරවරු 9.15ට පමණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

හිටපු ඇමැති මනුෂගේ ඇප ඉල්ලීම නිෂ්ප්‍රභ කරයි

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ ඉල්ලීම නිෂ්ප්‍රභ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් මෙම නියෝගය ලබා දුන්නා. මනුෂ…

කතරගම මැණික් ගඟ අසබඩ පිහිටා ඇති ගොඩනැගිල්ල ගැන ගෝඨා කට අරී

කතරගම මැණික් ගඟ අසබඩ පිහිටා ඇති ගොඩනැගිල්ල තමන්ගේ නොවන බව හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් හිටපු ජනපතිවරයා සඳහන් කර ඇත්තේ, කතරගම ප්‍රදේශයේ කිසිදු ගොඩනැගිල්ලක් ඉදි කිරීමට හෝ පවත්වා ගෙන යෑමට තමන්ට කිසිදා කිසිදු හේතුවක්…

ලංවිම වර්ජනය අත්හිටුවන්නේ ඉල්ලීම් ලිඛිතව ලැබුණු පසුවයි

තම ඉල්ලීම් සඳහා වන එකඟතා ලිඛිතව ලැබීමෙන් පසු අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවන බව විදුලි වෘත්තිය සමිති පවසනවා.

පාසලක් අසල තිබී උණ්ඩ තොගයක් හමුවෙයි

තලාව, රත්මල්ගහවැව පාර ප්‍රදේශයේ මුදුනේගම පාසල අසල හිස් උණ්ඩ කොපු තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් අද (14) සොයාගෙන තිබේ. පොලීසිය පැවසුවේ අදාළ උණ්ඩ තොගය T-56 වර්ගයේ ගිනිඅවි සඳහා භාවිත කරන උණ්ඩ වන බවය. අදාළ උණ්ඩ තොගය තඹුත්තේගම මූලස්ථාන පොලීසිය විසින්…

බිඳවැටුණූ Online සේවාවන් සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක්

දෙපාර්තමේන්තු 8 ක පමණ බලපෑම් ඇතිකළ මාර්ගගත රජයේ සේවාවන් යථා තත්ත්වයට පත් කිරීම කඩිනම් කිරීම සඳහා අදාළ නිලධාරීන්ගේ විශේෂ රැස්වීමක් අද (14) පැවැත්වේ. අද පෙරවරුවේ එම විශේෂ රැස්වීම පැවැත්වීමට නියමිත බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දී තිබුණි.