News Editor

News Editor

වෙඩිතැබීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් දෙදෙනෙකු අත්අඩංගුවට

වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු කළුතර දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ගෙන තිබේ. කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත වාර්තා වී තිබූ මෙම වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් විමර්ශන…

CIDයට අද නොඑන බව හිටපු ජනපති රනිල්ගේ බිරිඳ මෛත්‍රී දන්වයි

අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ එම කොට්ඨාශය වෙත දැනුම් දී තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ, සෞඛ්‍ය හේතුන් මත මෙලෙස…

ඩයස්පෝරාවේ දැඩි විරෝධය මත නාමල්ගේ කේම්බ්‍රිජ් දේශනය අවලංගුයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙබරවාරි මස අග එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් (Oxford Union) සහ කේම්බ්‍රිජ් (Cambridge Union) යන ශිෂ්‍ය සංගම් ඇමතීමට නියමිතව තිබුණා. ඊට එරෙහිව බ්‍රිතාන්‍යය පුරා වෙසෙන දෙමළ ඩයස්පෝරාව හා එල්ටීටීඊ හිතවාදීන් ඒකාබද්ධව දැඩි…

සඟ සමුළුව අද කොළඹදී

වර්තමානයේ බුදුදහමට හා මහා සංඝරත්නයට එල්ලවෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් මහා සඟ සමුළුවක් අද (20) පැවැත්වීමට නියමිතව තිබේ. එම සමුළුව අද පස්වරු 2.00ට බෞද්ධ මහා සම්මේලනය මූලස්ථානයේදී ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. මෙම සඟ සමුළුව කිසිදු…

මාරක අනතුරු කිහිපයක් – නෙදර්ලන්ත ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකුට දිවි අහිමි වෙයි

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් නෙදර්ලන්ත ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (19) මෙම අනතුරු සිදුව තිබුණේ තෙල්දෙණිය, පදියතලාව, වෙරළබඩ සහ බණ්ඩාරගම යන පොලිස් වසම්වලදීය. මහනුවර පදියතලාව මාර්ගයේ මොරගහමුල ප්‍රදේශයේදී යතුරුපැදියක් එම දෙසටම ධාවනය වූ බස් රථයකට ඉස්සර කිරීමට…

මත්පෙති 21,000ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ආදේශකයක් ලෙස යොදා ගන්නා මත්පෙති තොගයක් සමග සැකකරුවෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් තොටළඟ ප්‍රදේශයේදී ඊයේ (19) සවස අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු සන්තකයේ තිබී මත්පෙති 21,000ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, එම තොගයේ…

ජනපති ට්‍රම්ප් ඉරානයට දින 10ක් දෙයි

ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ගිවිසුමකට එළැඹිය යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවා තිබේ. වොෂින්ටනයේ පැවති ජනපති ට්‍රම්ගේ සාම මණ්ඩල පළමු රැස්වීමේදී ඔහු මේ බව පවසා ඇත. “එසේ නොවුවහොත් නරක දේවල් සිදුවනු ඇත” ඉරානයට ප්‍රහාරයක් එල්ලකරන බවට…

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු නිවේදන

දිස්ත්‍රික්ක දෙකක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන ඇත. මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (20) පෙරවරු 08.00 සිට හෙට පෙරවරු 08.00 දක්වා ක්‍රියාත්මක වෙයි. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ…

ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ නුවරඑළිය වැඩසටහන ඇරඹේ

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් විහාරස්ථාන නැවත ගොඩනැංවීමේ ජාතික වැඩසටහනේ නුවරඑළිය කේන්ද්‍ර කරගත් වැඩසටහන ඊයේ (19) හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පරිශ්‍රයේ දී ආරම්භ විය. මෙහි සමාරම්භ වැඩසටහන සඳහා ආශීර්වාද කිරීමට හඟුරන්කෙත ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සහ නුවරඑළිය දිස්ත්‍රික් ශාසනාරක්ෂක…

ජනතාව සූරාකන ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලට නව නීති

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ අඩු ආදායම්ලාභී ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලන මුවාවෙන් ඔවුන් සූරාකෑමට ලක් කෙරෙන අවිධිමත් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් සහ ආයතන දැඩිව අධීක්ෂණය කිරීමට අවශ්‍ය නව නීති රීති හඳුන්වාදීමට මුදල් අමාත්‍යාංශය පියවර ගනිමින් සිටී. ඒ අනුව ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගන්නා…