News Editor

News Editor

ගාසා තීරයේ මන්දපෝෂණය භයානක මට්ටමක

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවන්නේ ගාසා තීරයේ මන්දපෝෂණය භයානක මට්ටමකට ළඟා වී ඇති බවයි. සෑම හතර දෙනෙකුගෙන් එක් අයෙකුම සාගතයට සමාන තත්වයන්ට මුහුණ දී ඇති අතර, මිලියන 2ක ජනගහනයෙන් තුන්වන පාර්ශව කිහිපයක් ආහාර නොගෙන සිටින බවත් එක්සත් ජාතීන්ගේ ලෝක…

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අයථා වත්කම් නඩුව සැප්තැම්බර් 24ට

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ අවධියේ අයථා ලෙස වත්කම් අත්පත් කරගත් බවට චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් මස 24 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව අද (28) කොළඹ…

දුම්රිය රියදුරන් හෙට මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක

මාර්ග පද්ධතියේ පවතින දෝෂ, පරිපාලන ගැටලු ඇතුළු කරුණු කිහිපයකට විසඳුම් නොලැබීම හේතුවෙන් හෙට (29) මධ්‍යම රාත්‍රී 12 සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමයේ සභාපති කේ.ඒ.යූ. කොන්තසිංහ පවසනවා. මෙම වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා සියලුම දුම්රිය…

NASA ආයතනයේ සේවක සංඛ්‍යාව 20% කින් කපා හැරීමට සූදානමක්

ජාතික ගගනගාමී හා අභ්‍යවකාශ පරිපාලනය (NASA) සිය සේවක සංඛ්‍යාවෙන් අවම වශයෙන් සියයට 20ක් කපා හැරීමට අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව, මෙය ට්‍රම්ප් පරිපාලනය යටතේ එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සියට බලපාන දෙවන ප්‍රධාන කාර්ය මණ්ඩල කප්පාදුවයි. මෙම කප්පාදුවත්…

ට්‍රම්ප්, යුරෝපා සංගමයට පැනවූ තීරු බද්ද අඩකින් අඩු කරයි

යුරෝපා සංගමයේ බොහෝ අපනයන සඳහා පැනවෙන බදු සියයට 15 දක්වා අඩු කිරීමට අමෙරිකාව එකඟ වී තිබෙනවා. ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුරෝපා කොමිසමේ සභාපතිණි උර්සුලා වොන්ඩර් ලේයන් අතර ස්කොට්ලන්තයේදී පැවති සාකච්ඡාවලින් අනතුරුවයි. මින්පෙර අමෙරිකාව විසින් සියයට 30ක තීරුබදු පනවන…

බස්නාහිර පළාතේ රථවාහන දඩ මුදල් GovPay හරහා ගෙවීමට හැකියාව

බස්නාහිර පළාත තුළ පනවන රථවාහන දඩ මුදල් (Spot fines) අද (28) සිට GovPay ජංගම යෙදවුම (App) හරහා ගෙවීමේ පහසුකම හඳුන්වා දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළා. එහිදී ඔහු පැවසුවේ මෙම නව ක්‍රමය මගින් රියදුරන්ට සහ මහජනතාවට…

වැලිගම මාලිමා මන්ත්‍රීගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී තාරක නානායක්කාරගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු මාතරදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. අත්අඩංගුවට ගත් සැකකරු 33 හැවිරිදි අයෙක් වන අතර, ඔහු සමඟ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගත් බවයි පොලිසිය සඳහන්…

රටවල් 40කට මෙරටට එන්න නිදහස් වීසා

ශ්‍රී ලංකා­වට පැමි­ණෙන රට­වල් 40ක සංචා­ර­ක­ය­න්ගෙන් වීසා ගාස්තු අය නොකි­රී­මට රජය තීර­ණය කළ බවත් මෙරට සංචා­රක ව්‍යාපා­රය වර්ධ­නය කිරීමේ අර­මු­ණින් මේ තීර­ණය ගනු ලැබූ බවත් විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. කොළඹ බණ්ඩා­ර­නා­යක ජාත්‍ය­න්තර…

තිලිණි ප්‍රියමාලි අත්අඩංගුවට

තිලිණි ප්‍රියමාලි නමැති ව්‍යාපාරික කාන්තාව හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ හෝමාගම අධිකරණයේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙනි.

UPDATE – බොරැල්ලේ අනතුරෙන් පුද්ගලයෙක් මියගොස් 05ක් තුවාල ලබයි

බොරැල්ල, කනත්ත හන්දිය ප්‍රදේශයේදී අද (28) උදෑසන සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් පුද්ගලයන් පස් දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා. අනතුරින් තුවාල ලැබූ පිරිස මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. තිරිංග නිසි ලෙස ක්‍රියාත්මක…