News Editor

News Editor

විදුලි සෝපානයකින් වැටී පුද්ගලයෙකු මරුට

යාපනය පන්නෙයි ප්‍රදේශයේ හෝටලයක විදුලි සෝපානයකින් වැටී පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් විමර්ශනවලදී හෙළි වී  ඇත්තේ මෙම සේවකයා භාණ්ඩ ප්‍රවාහනය සඳහා සකස් කර ඇති විදුලි සෝපානයේ අනාරක්ෂිතව ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි. පොලිස් විමර්ශන තවදුරටත් සිදු කෙරෙමින් පවතී.

ඉරානයේ න්‍යෂ්ටික ඉලක්ක තුනකට අමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර

ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම් මැද ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට අමෙරිකානු ප්‍රහාරයක් එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට ෆෝඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් ඇතුළු ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට මෙලෙස ප්‍රහාර එල්ල වී ඇති බවය. රොයිටර් පුවත් සේවයට අනුව…

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළට

මැද පෙරදිග යුද උණුසුම ඉහළ යාමත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ යමින් පවතිනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන්ව ඇත්තේ ඩොලර් 73.84 ක් ලෙසයි. එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.01ක්.

කොහුවල නිවසකට වෙඩි තැබීමේ සිද්ධියට තුන්දෙනෙක් අත්අඩංගුවට

පසුගිය 15 වනදා කොහුවල – කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින්, යතුරු පැදියකින් පැමිණ වෙඩි තැබීමෙන් සිද්ධියට අදාලව ආධාර අනුබල දුන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.  සැකකරුවෙකු හා සැකකාරියන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සදහන්…

ගමන් මල්ලේ ජීව උණ්ඩයක් සගවාගෙන පැමිණි ඉන්දීය ජාතිකයෙක් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට

සිය ගමන් මල්ලේ ජීව උණ්ඩයක් සඟවා ගෙන කුවේට්හි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සංක්‍රමණික ඉන්දීය ගුවන් මගියෙක් තොටුපොළ පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.  ඔහු කුවේට් රාජ්‍යයේ පිරිසිදු කිරීමේ සේවකයෙකු ලෙස කටයුතු කරන ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්. ඊයේ…

එල්ල වෙන චෝදනා වලට මෛත්‍රීගෙන් පිළිතුරු

අනුරාධපුර එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ උප සභාපතිවරයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයේ ඔහු සඳහන් කර ඇත්තේ, එම පැමිණිල්ලේ සඳහන් කරුණු අසත්‍ය ඉතාමත්…

නව සූර්ය බලශක්ති පද්ධති සඳහා වන ගාස්තු සංශෝධනය කෙරේ

කැබිනට් මණ්ඩල තීරණයකට අනුව අලුතින් ගිවිසුම්ගත වන සූර්ය බලශක්ති පද්ධති සඳහා වන ගාස්තු සංශෝධනය කර තිබේ. කිලෝවොට් 5 දක්වා ඒකකයක් රුපියල් 20.90ක්, කිලෝවොට් 5 සිට කිලෝවොට් 20 දක්වා ඒකකයක් රුපියල් 19.61ක්, කිලෝවොට් 20 සිට කිලෝවොට් 100 දක්වා ඒකකයක් රුපියල් 17.46…

බදුල්ල බස් රථ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 3 දක්වා ඉහළට

බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළීයාමෙන් ඊ‍යේ (21) පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තවත් 34 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. වන්දනාකරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ 4 කණුව ප්‍රදේශයේදී විදුලි කණුවක…

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම : ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3 ක් අමෙරිකාව විනාශ කරයි

ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ දෙරට අතර යුධමය තත්ත්වයක් ඇතිවූ අතර, මේ වන විට එය තීරණාත්මක ස්ථානයකට පැමිණ තිබෙනවා. එහි නවතම තත්ත්වය : 6.40 AM * ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනට ප්‍රහාර එල්ල කළ බව අමෙරිකානු…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…