News Editor

News Editor

සජබයට එක්වූ සාමාජිකයින්ට පනවා තිබූ තහනම එජාපය ඉවත් කරයි

සමගි ජන බලවේගයට එක් වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ සහ විනය ක්‍රියාමාර්ග ගත් එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්ට පනවා තිබූ පක්ෂ තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමට ඊයේ සවස රැස් වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ. එහි දී මේ සම්බන්ධ…

පාසල් කාලය තුළ කළුගල් ඇතුලු ඛනිජ ප්‍රවාහන කොන්දේසි යළි වෙනස් කෙරේ

පාසල් පැවැත්වෙන දිනවල කළුගල් ඇතුලු ඛනිජ ප්‍රවාහනයේදී අනුගමනය කළ යුතු සංශෝධන සහිත කොන්දේසි මාලාවක් භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශය විසින් නිකුත් කර තිබෙනවා. මේ අනුව, අද සිට පාසල් පැවැත්වෙන දිනවන පෙරවරු 6.30 සිට පෙරවරු 7.45 දක්වා සහ පෙරවරු…

කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (17) දින ඒකක 156.05කින් ඉහළ ගොස් ඒකක 20,775.42 කින් අවසන් අවසන් වුණා. එය ප්‍රතිශතයක් ලෙස 0.76%ක්. ඒ අනුව, එහි පිරිවැටුප රුපියල් බිලියන 6.6ක්.

බඩඉරිඟු ආනයනය කර රජයට කෝටි 12 ක පාඩුවක් කරලා

ජාතික ආහාර ප්‍රරවර්ධන මණ්ඩලය සතු බලපත්‍රයක් උපයෝගී කරගනිමින් බඩ ඉරිගු මෙට්‍රික් ටොන් විසිපන්දහසක් ආනයනය කර රජයට රුපියල් කෝටි දොළහකට අධික පාඩුවක් සිදුකළ බව කියන සැකකාර පුද්ගලයකු ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂ…

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා අධිකරණයට භාරවී තිබෙනවා. ඒ අනුව, අද (17) දහවල් ඔහු වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාරවී ඇති බවයි සඳහන් වෙන්නේ. මිද්දෙණියේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සොයා ගැනීමේ සිද්ධියට ඔහුට…

බැකෝ සමන් සහ තැඹිලි ළහිරු අධිකරණයට රැගෙන එයි

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් සිටින සංවිධානාත්මක අපරාධකරුවන් වන “බැකෝ සමන්” සහ “තැඹිලි ළහිරු” යන අය වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන්ට එරෙහිව ඇති නඩුවකට අදාළව ඔවුන් මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඇල්ල-වැල්ලවාය අනතුරෙන් ජීවිත බේරාගත් විශේෂ බළකා වීරයාට හමුදාපතිගෙන් පැසසුම්

ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල අසලදී පසුගියදා (04) සිදු වූ බස්රථ අනතුරෙන් විපතට පත්වූ මගීන් බේරාගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 2 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එම්.වී.එම්. බණ්ඩාරව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා අගය කරයි. එම මගීන් මුදවා…

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුව අත්හිටුවයි

කොළඹ සහ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 09ක කාලයක් ජල සැපයුම කප්පාදු කරන බවට කළ නිවේදනය අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩල තීරණය කර තිබෙනවා. ඒ, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්. කොළඹ 01 සිට කොළඹ…

මෝදිගේ 75 වැනි උපන්දිනයට ට්‍රම්ප්ගෙන් සුබ පැතුම්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත දුරකතන ඇමතුමක් ලබා දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අදට යෙදී ඇති ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ උපන් දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කිරීම සඳහා අමෙරිකානු ජනාධිපතිවරයා එලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා…

හිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධන 119 වැනි ජන්ම දින සැමරුම අද

හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ 119 වැනි ජන්ම දින සැමරුම අද (17) පැවැත්වෙනවා. මෙම උත්සවය කොළඹ පිහිටි ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි. සමරු දේශනය ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු විසින් සිදු කරනු ලබන අතර, උත්සවය සංවිධානය…