News Editor

News Editor

හැටන් ප්‍රදේශයේදී ගිලන් රථයක් අනතුරකට ලක්වෙයි

අද (18) දහවල් හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ්, වෙන්චර් වත්ත ප්‍රදේශයේදී ගිලන් රථයක් අනතුරට ලක්ව තිබෙනවා. බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ සිට දික්ඔය මූලික රෝහල දක්වා රෝගීන් දෙදෙනෙකු රැගෙන ගිය ගිලන් රථයක් මෙලෙස අනතුරට ලක් වී ඇති අතර, රෝගීන් දෙදෙනා වෙනත්…

සබරගමුව පළාත් සභාවේ හිටපු අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ රිමාන්ඩ් කිරීමට නියෝග

සබරගමුව පළාත් සභාවේ හිටපු අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ, ඔක්තෝම්බර් 02 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග තිබෙනවා. රුපියල් කෝටි 07 ක රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවකට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණු බවයි සඳහන් වෙන්නේ. ඔහු අද (18) දිනයේ ඇඹිලිපිටිය…

අල්ලස් කොමිසමේ මූල්‍ය ස්වාධීනත්වය තහවුරු කිරීමේ ප්‍රමාදය ගැන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් හි අප්‍රසාදය

අල්ලස් කොමිසමේ මූල්‍ය ස්වාධීනත්වය තහවුරු කිරීමේ ප්‍රමාදය පිළිබඳව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය සිය අප්‍රසාදය පළ කර තිබෙනවා. මූල්‍ය කටයුතු සහ මෙහෙයුම් සම්බන්ධයෙන් සැබෑ ස්වාධීනත්වයක් නොමැතිව, ඵලදායී හා අපක්ෂපාතී දූෂණ විරෝධී ආයතනයක් ලෙස ක්‍රියා කිරීමට කොමිසමට ඇති හැකියාව තවදුරටත්…

පානදුර, වාද්දුව, කළුතර දකුණ, බේරුවල, අලුත්ගම යන දුම්රිය ස්ථාන නවීකරණය කිරීමට පියවර

රට පුරා පිහිටි දුම්රිය ස්ථාන 100ක් ජාත්‍යන්තර මට්ටමෙන් සම්පූර්ණයෙන් නවීකරණය කිරීමේ රජයේ තීරණය යටතේ, තවත් දුම්රිය ස්ථාන 05 ක් නවීකරණයට තෝරාගෙන ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඒ අනුව, පානදුර, වාද්දුව, කළුතර දකුණ, බේරුවල…

ත්‍රිකුණාමලය මුහුදේ භූ කම්පනයක්

ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 3.9ක ප්‍රබලත්වයක් සහිත භූ කම්පනයක් හටගෙන තිබෙනවා. ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 60ක් ඊසාන දෙසින් වූ මුහුදේ මෙම කම්පන තත්ත්වය වාර්තා වී ඇති බවයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් ක‍ළේ. එම භූ කම්පනය හේතුවෙන්…

කටුනායක ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්ත ආලින්දයට ඇතුළුවීමට පනවා තිබුණු සීමා කිරීම් සංශෝධනය කෙරේ

අමුත්තන් සඳහා පිටත්වීමේ පර්යන්ත ආලින්දයට ඇතුළුවීම පිළිබඳව මීට පෙර පනවා තිබූ සීමා කිරීම් සංශෝධනය කර ඇති බව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පවසනවා. ඒ අනුව, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල පමණක්, රාත්‍රී 10.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා කාලය තුළ අමුත්තන් සඳහා පිටත්වීමේ…

බැකෝ සමන්ගේ බිරිඳ 25 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ‘බැකෝ සමන්’ නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානි නමැත්තිය ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. එදිනට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට අධිකරණය හමුවේ පෙනී…

පන්දාහේ ව්‍යාජ නෝට්ටු එක්ක හතරක් දැලේ

රුපියල් පන්දාහේ ව්‍යාජ මුදල් නෝට්ටු කොළ එකසිය හතලිස් පහක් සහ ඒවා මුද්‍රණය කිරීමට භාවිතා කරන ලද ලැප්ටොප්, පරිගණක සහ තවත් උපකරණ කිහිපයක් සමග සැකකරුවන් සිව්දෙනකු අද (18) අලුයම කළ වැටලීමකදී අනුරාධපුරය මැදවච්චිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසනවා. ප්‍රධාන…

නව දියවඩන නිලමේවරයා පත් කිරීමේ නිලවරණය නොවැම්බර් 7 වැනිදා

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නව දියවඩන නිලමේවරයා පත් කිරීමේ නිලවරණය නොවැම්බර් 7 වැනිදා පැවැත්වීමට නියමිත බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා. ඒ අනුව එම නිලවරණය දළදා මාලිගාව අසල පිහිටි ‘බෞද්ධ මන්දිරය’හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ.

අල්ලස් කොමිසම දුන් වත්කම් බැරකම් ප්‍රකාශවලින් මැති ඇමතිවරුන්ගේ කෝටි ගණනක දේපොල සහ වත්කම් ගැන හෙළිවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ද ඇතුළු ආණ්ඩු පක්ෂයේ ප්‍රභලයින්ගේ මෙන්ම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ 2025 වසරට අදාළව වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් ප්‍රසිද්ධ කර තිබෙනවා. මෙම වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී ඇත්තේ 2023…