News Editor

News Editor

මහින්ද රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙයි ඒ ඉවත් කරනු ලැබූ සිය ආරක්‍ෂිත සංචිතය යළි ලබාදෙන ලෙස නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලමිනි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් එම පෙත්සමේ වග උත්තරකරුවන්…

වසර 58කට පසු ලංකාවෙන් ‘ටිකෙලි ගේ වවුලා’ මතුවෙයි

වසර 58ක් තිස්සේ ශ්‍රී ලංකාවේ දක්නට නොලැබුණු දුර්ලභ විශේෂයක් වන ටිකෙලි ගේ වවුලා (හෙස්පෙරොප්ටෙනස්ටිකෙලි/Tickell’s Bat, Hesperoptenus tickelli) නැවත ජීවමානව දැකගත හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ වවුලන් පර්යේෂක ආචාර්ය තාරක කුසුමින්ද මහතා පවසයි. ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ආචාර්ය…

ශිෂ්‍යත්වයෙන් ලංකාවෙන්ම ප්‍රථමයා වූ හොරණ රාජකීයේ බිසඳි

පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමස්ත ලංකා ප්‍රථම  ස්ථානයත් කළුතර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානයත්  ලබා ගැනීමට  හොරණ රාජකීය  ජාතික පාසලේ රණතුංග ලියනගේ   බිසඳි යෙවින්යා ශිෂ්‍යාව  ලකුණු 188 ක්  ලබමින් සමත් වී  ඇත. හොරණ  මුණගම නිවාස යෝජනාකමේ පදිංචි මෙම දියණියගේ පියා ව්‍යාපාරිකයෙක් වන …

ඖෂධ මිල අඩු කිරීමට නව මිල පාලන යාන්ත්‍රණයක්

ඖෂධ මිළ අඩු කිරීම සඳහා නව මිල පාලන යාන්ත්‍රණයක් හඳුන්වා දීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කළේ, නව ක්‍රමවේදය යටතේ මෙරටට ආනයනය කරන ඖෂධයක් විකිණිය හැකි උපරිම මිල පරාසයන් ගැසට් මගින් ප්‍රකාශයට…

ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා අයැදුම්පත් 27වැනිදා සිට මාර්ගගත ක්‍රමයට

ඊයේ (23) නිකුත්කරන ලද පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ලකුණු පිළිබඳව අභියාචනා කිරීමට අවශ්‍ය නම් මෙම මස 27 වැනිදා සිට පෙබරවාරි මස 06 වැනිදා දක්වා මාර්ගගතව අයදුම් කිරීමට හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ…

තායිලන්තයේ සමරිසි පනත නීතිගත වෙයි-එකම දිනයේ විවාහ දහසක්

සමරිසි විවාහ නීතිගත කළ අග්නිදිග ආසියාවේ පළමු රට වන තායිලන්තයේ එම නීතිය ක්‍රියාත්මක කරමින් ඊයේ රට පුරා සමරිසි විවාහ දහසකට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බැංකොක් නුවර විශාලතම සාප්පු සංකීර්ණයකදී පමණක් එවැනි විවාහ සිය ගණනක් සිදුවූ…

ඉන්දියාවේ දුම්රිය අනතුරකින් 13ක් මරුට

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරකින් මගීන් 13 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. මේ අනතුරට හේතු වී ඇත්තේ ලක්නව් නුවර සිට මුම්බායි දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගින්නක් හටගෙන ඇතැයි මගීන් අතර පැතිරී ගිය පුවතක් බව වාර්තා…

ඉන්දුනීසියාවේ නාය යෑමකින් පුද්ගලයන් 21ක් මරුට

ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා ප්‍රාන්තයේ අධික වර්ෂාපතනය හේතුවෙන් සිදුවූ නාය යෑමකින් පුද්ගලයන් 21 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද, තවත් 8 දෙනකු අතුරුදන් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අතුරුදන්වූ පුද්ගලයන් සොයා මෙහෙයුම් ආරම්භ කළ බව එරට ආපදා කළමනාකාරණ ඒජන්සිය ප්‍රකාශ…

පාකිස්තාන ගුවන්යානයක් ලාහෝර් නුවරදී වැරදි ධාවන පථයකට ගොඩ බස්වයි

පාකිස්තාන ගුවන් සේවයට අයත් ගුවන්යානයක් ලාහෝර් ගුවන්තොටුපොළේ වැරදි ධාවන පථයකට ගොඩ බැස්වීම පිළිබඳ එම ගුවන් සමාගම විමර්ශනයක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සවුදි අරාබියේ දමාම් නුවර සිටි පාකිස්තානයේ මුල්ටාන් නුවර බලා පියාසර කළ එම ගුවන්යානය අධික මීදුම් තත්ත්වය…

කැලිෆෝනියාවේ යළි ළැව් ගිනි ඇවිළෙයි

දින කිහිපයකට පෙර කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නුවර උඩුයටිකුරු කළ ළැව් ගින්නට සමාන තවත් දරුණු ළැව්ගින්නක් මේ වන විට දකුණු කැලිෆෝනියාවේ පැතිරී යමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලොස් ඇන්ජලිස් නුවරට කිලෝමීටර් 72ක් උතුරු දෙසින් පිහිටි ප්‍රදේශයේ එම ළැව්…