News Editor

News Editor

දරු තිදෙනාට වස දුන් අම්මා සියදිවි නසාගනී

තම දරුවන් තිදෙනාටද වස පානය කිරීමට සලස්වා තමන්ද වස පානය කළ කාන්තාවක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඒ උඩුදුම්බර, දඹගහපිටිය හපුදණ්ඩුවල ප්‍රදේශයෙන්. වස පානය කළ අදාළ කාන්තාව අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත් වූ අතර දරුවන් තිදෙනා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා…

ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි 22 වැනිදා දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යළිත් ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. අදාළ නඩුව අද (19) කැඳවූ අවස්ථාවේදී, එම නඩුව…

ඇපල් iPhone 17 ඉන්දියාවේ අලෙවිය ඇරඹේ

ඇපල් සමාගමේ නවතම iPhone 17 මාදිලිය ඉන්දියාවේ නිල වශයෙන් අද (19) සිට අලෙවි කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, අද දින සිට ගැනුම්කරුවන්ට iPhone 17, iPhone Air, iPhone 17 Pro සහ iPhone 17 Pro Max යන නව මාදිලි හතර ලබා…

නාමල් ඇතුළු පොහොට්ටුවේ ප්‍රබලයින් පිරිසක් පන්නිපිටියේ නිවසක රහස් කතාබහක

පොහොට්ටුවේ ප්‍රධානීන් පිරිසක් පසුගිය බදදා(17) රෑ පන්නිපිටිය පැත්තෙ ගෙදරකදි හමු වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරිවසම්, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක, සංජීව එදිරිමාන්න, ලක්ෂ්මන්…

දුනිත් වෙල්ලාලගේ දිවයිනට

සිය පියාගේ අභාවය සැළවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද(19)උදෑසනය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔහු අබුඩාබි නුවර සිට අද උදෑසන 08.25 ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය.…

“ළමා දින ජාතික සතියක්” ප්‍රකාශයට පත්කෙරේ

ඔක්තෝබර් පළමු වැනිදාට යෙදෙන ලෝක ළමා දිනයට සමගාමීව “ළමා දින ජාතික සතියක්” රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. මේ මස 25දායින් ආරම්භව ඔක්තෝබර් 01දා පැවැත්වෙන ළමා දින ජාතික ප්‍රධාන සැමරුමෙන් අවසන් වන පරිදි “ළමා දින ජාතික සතිය” ක්‍රියාත්මකය. මෙවර ලෝක…

විදේශ රැකියාවකදී මිය යන ශ්‍රී ලාංකිකයකුට ගෙවන වන්දිය ලක්ෂ 20ක් කරයි

විදේශ රැකියාවකට ගොස් සිටියදී මිය යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයකු වෙනුවෙන් ලබාදුන් වන්දි මුදල රුපියල් ලක්ෂ 6 සිට ලක්ෂ 20 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශගත වන ඕනෑම ශ්‍රී ලාංකිකයකු මියගිය…

විපක්ෂ නායකත් වත්කම්-බැරකම් ප්‍රකාශ ලබාදී නැහැ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 2025 වසර සඳහා සිය වත්කම් බැරකම් ප්‍රකාශ මෙතෙක් ඉදිරිපත් කර නැති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනි හරිනි අමරසූරිය මෙණෙවිය ඇතුළු වත්මන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් වත්කම් බැරකම්…

අලි රොෂාන්ට වසර 15 ක සිර දඬුවම් නියම කෙරේ

බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු කළ සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් ‘අලි රොෂාන්’ නමැත්තාට බරපතල වැඩ සහිත වසර 15 ක සිර දඬුවම් නියම කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කර තිබෙනවා. ඊට අමතරව විත්තිකරුට රුපියල්…

ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ප්‍රදේශ කිහිපයකට 01 මට්ටමේ නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා. ඒ අනුව කොළඹ, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම නාය යෑම් අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි සදහන් වන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය හා…