News Editor

News Editor

විද්‍යුත් හැඳුනුම්පත් ව්‍යාපෘතිය (e-NIC) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් (e-NIC) පිළිබඳ ක්‍රියාවලිය හඳුන්වා දීම සහ ඒ හා සම්බන්ධ ගැටළු සාකච්ඡා කිරීම මෙන්ම දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (24) කොළඹ, ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ දී (ICTA) ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.…

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව…

මහවැලි පුනරුද සතිය හෙට ඇරඹේ

සමස්ත ශ්‍රී ලංකාවම වගාවෙන් ස්වයංපෝෂිත කිරීම අරමුණ කර ගත් ‘මහවැලි පුනරුද සතිය’ හෙට (27) මහවැලි ‘එච්’ කලාපය මුල් කරගෙන තඹුත්තේගම හා ගල්නෑවේදී ආරම්භ කෙරේ. මහවැලි ‘එච්’ කලාපයම මහවැලි පුනරුද සතිය වෙනුවෙන් මේ වන විටත් සූදානම්ව ඇති අතර, පළමු දින දැනුවත්…

සති තුනට ඩෙංගු රෝගීන් 3,811ක්

මේ වසරේ ජනවාරි මස මුල් සති 3 තුළ පමණක් රට පුරා නව ඩෙංගු ආසාදිතයන් 3,811ක් හඳුනාගෙන ඇති අතර, එයින් 45.2%ක් – එනම්: රෝගීන් 1,723ක්ම වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසීය. කොළඹ දිස්ත්‍රික්කයෙන් 508ක් සහ කළුතර…

ශ්‍රී ලංකා ‘පාස්පෝට්’ එක දකුණු ආසියාවේ 4 වැනි තැනට එයි

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය දකුණු ආසියාවේ 4 වැනි ශක්තිමත්ම විදේශ ගමන් බලපත්‍රය යැයි ‘හෙන්ලේ’ විදේශ ගමන් බලපත්‍ර දර්ශකය පවසයි. ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ගෝලීය වශයෙන් 96 වැනි ස්ථානයට පත්ව ඇති අතරම එය 2023 දී 100 වැනි ස්ථානයේ පසුවූ…

යෝෂිත අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පැවසීය. 2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට වැටෙන වැරදි යෝෂිත…

ලබන වසරේ පොල් පැළ මිලියන 03 ක් වගා කිරීමේ බලාපොරොත්තුවක්

ලබන වසරේදී පොල්පැල මිලියන 03 ක් වගාකිරීමට බලාපොරොත්තු වන බව පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පවසයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මූලිකත්වයෙන් පොල් ත්‍රිකෝණයේ කටයුතු තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය

අමෙරිකා ඉතිහාසයේ සුවිශේෂී වූ ඝාතන ත්‍රිත්වයක රහස්‍ය වාර්තා ට්‍රම්ප් ඉල්ලයි

අමෙරිකා ඉතිහාසයේ වඩා සුවිශේෂී වූ ඝාතන ත්‍රිත්වයක් සම්බන්ධයෙන් වූ රහසිගත ලේඛන ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිලධාරීන්ට නියෝග කර තිබේ. ඒ අනුව ජෝන් එෆ් කෙනඩි, රොබට් එෆ් කෙනඩි සහ මාටින් ලූතර් කිං ජූනියර්ගේ ඝාතන තුනට අදාළ ලේඛන වර්ගීකරණය කිරීමට…

Netflix රියැලිටි කතා මාලාවේ Lynn Ban මියයයි

Netflix රියැලිටි කතා මාලාවක් වන ‘Bling Empire’ හි සිටි සිංගප්පූරුවේ ප්‍රසිද්ධ ආභරණ නිර්මාණකාරිනියක වන Lynn Ban මියගොස් තිබේ. මිය යන විට ඇගේ වයස අවුරුදු 52කි. නිවේදනයක් නිකුත් කරමින් ලින් බෑන්ගේ පවුලේ පිරිස් සඳහන් කර ඇත්තේ, ඇය මොළයේ සැත්කමකට භාජනය වී…

අදත් ප්‍රදේශ රැසකට වැසි

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස්…