News Editor

News Editor

කිරි හරක් වංචාව: හිටපු අමාත්‍යාංශ ලේකම් රේණුකා ඒකනායකගෙන් CIDය ප්‍රශ්න කරයි

ගැබ්බර කිරි ගවයන් 15,000ක් මිල දී ගැනීමට නෙදර්ලන්ත බැංකුවකින් ගත් ණය මුදලකින් අමෙරිකානු ඩොලර් මිලියන 11.7ක මුදලක් ඔස්ට්‍රේලියානු සමාගමකට අත්තිකාරමක් ලෙස 2018 වසරේදී ගෙවා ඇතත් මෙතෙක් එම කිරි ගවයන් මෙරටට ආනයනය කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව එකල පශු…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි…

ලයිට් කපන්න ගිය මණ්ඩලේ නිලධාරියා පහරකෑමෙන් රෝහලේ

වෙළඳසැලක විදුලිය විසන්ධි කිරීමට පැමිණි විදුලිබල මණ්ඩලයේ සේවකයකුට පහරදී තිබෙන බව බණ්ඩාරවෙල පොලීසිය පවසනවා.  පහර කෑමෙන් තුවාල ලැබූ සේවකයා බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුලත්කර තිබෙනවා.  මෙසේ රෝහල්ගතකර ඇත්තේ කහගොල්ල, දියතලාව පදිංචි විදුලිබල මණ්ඩලයට අනුයුකතව රාජකාරි කරන අයෙක්.  වැලිමඩ පාර, බණ්ඩාරවෙල පිහිටි…

කටාරයේ අමෙරිකානු කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉරානය සටන් විරාමයකට කැමති වෙයි

කටාරයේ පිහිටි අමෙරිකානු කඳවුරට එල්ල වූ “සාර්ථක” ඉරාන ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය මත සටන් විරාමයක් “පැනවූ” බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කරනවා.  එම සටන් විරාමය නිවේදනය කරමින් ඉරානය පවසන්නේ, ට්‍රම්ප් සටන් විරාමයක් සඳහා “යාචනා කළ” බවයි.

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 1300කට අධික තොගයක් සහ බීඩි 29000කට අධික තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම, නඩුකුඩා ප්‍රදේශය ආශ්‍රිතව 2025 ජුනි මස 22 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙණ බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් තුන්සිය හැටපහක (1365) පමණ තොගයක් සහ බීඩි විසි…

විදේශ ආයෝ­ජන ජුනි මාසය වන විට කෝටි 116,970ක් දක්වා ඉහළට

ස්ථාවර සහ ආයෝ­ජක හිත­කාමී ආර්ථික පරි­ස­ර­යක් ඇති කිරීම තුළ පෙර වස­රට සාපේ­ක්ෂව විදේශ ඍජු ආයෝ­ජන (FDI) රටට ගලා ඒමේ දැවැන්ත වර්ධ­න­යක් අත්කර ගනි­මින් මේ වසරේ ජූනි මාසය වන විට රුපි­යල් කෝටි 116,970ක (අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 3,899) විදේශ ආයෝ­ජන මෙර­ටට ලැබී…

ඉරාන-ඊශ්‍රා­යල් යුද්ධයේ බල­පෑ­ම්ව­ලට මුහු­ණ­දී­මට සූදා­නම් විය යුතුයි

ජාතික ආර­ක්ෂක කවු­න්සි­ලය කැඳවා ඉරාන – ඊශ්‍ර­යාල් යුද්ධ­යෙන් අප රටට සිදු­වන බල­පෑම් සාක­ච්ඡා­කර ඉදිරි ආර­ක්ෂක පිය­වර සඳහා සූදා­නම් වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ඊයේ (23) රජ­යෙන් ඉල්ලා සිටි­යේය. එහිදී ඒ මහතා මෙසේද කීවේය. පර්සි­යානු බොක්ක අරාබි මුහුද සම්බන්ධ කරන…

බොරැල්ලේ වෙඩි තැබීමක්

බොරැල්ල ඩම්ප්එක වත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්තුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. වෙඩි තැබීමේ ඉලක්කය වූ පුද්ගලයා වෙඩි ප්‍රහාරයත් සමඟම පලාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වනවා.

සරණ ගුණවර්ධනගේ නඩුවක් අගෝස්තු 20 විභාගයට ගැනීමට නියෝග

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අගෝස්තු මස 20 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (24) නියෝග කර තිබෙනවා. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේදී එම ආයතනයට කුලී පදනමක් මත ලබාගත්…

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම: සටන් විරාමය කඩ කිරීම ගැන ට්‍රම්ප් අප්‍රසාදය පළ කරයි

ඊශ්‍රායලය සහ ඉරානය යන රටවල් දෙකම සටන් විරාමය උල්ලංඝනය කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ අනුව එම රටවල් දෙක කෙරෙහිම තම අසතුට පළ කරන බවත්, ඊශ්‍රායලයේ ක්‍රියාවලිය කෙරෙහි ද අප්‍රසාදය පළ කරන බවයි සිය සමාජ මාධ්‍ය ගිණුමේ…