News Editor

News Editor

අමෙරිකාවේ ජොබ්වලට පිටරැටියන් ගේන්න එපා -ට්‍රම්ප් පියවරක් ගනී

අමෙරිකාවේ සේවයේ නිරත වන , H-1B සේවක වීසා සඳහා සමාගම්වලින් වසරකටඩොලර් 100,000ක්ගෙවන ලෙස ට්‍රම්ප් පරිපාලනය පවසා තිබෙනවා. මේ හේතුවෙන්ඇතැම් විශාල තාක්ෂණික සමාගම්වල වීසා බලපත්‍රලාභීන්ට අමෙරිකාවේ රැඳී සිටින ලෙසට හෝ ඉක්මනින් ආපසු පැමිණීමටයි අනතුරු ඇඟවෙන්නේ. H-1B වීසා බලපත්‍රය යනු තාවකාලික, සංක්‍රමණික…

පිටකොටුවේ ගින්න පැය 03කට පසු මැඩ පවත්වයි

පිටකොටුව පළමුවැනි හරස් වීදියේ විදුලි උපාංග අලෙවිසැලක අද (20) පස්වරුවේ ඇති වූ ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වූ බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසනවා. ඒ පැය තුනකට අධික කාලයක් තිස්සේ දැරූ මහත් පරිශ්‍රමයකින් අනතුරුවයි. අද පස්වරුවේ ඇතිවු ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 15ක්…

මිලියන 16කට අධික වටිනා මත්ද්‍රව්‍ය කටුනායක ගුවන්තොටුපලේ වැසිකිළියකින් සොයාගනී

රුපියල් මිලියන 16කට අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන්තොටුපලේ වැසිකිළියක් තුළ තිබී සොයාගෙන තිබෙනවා. එම මත්ද්‍රව්‍ය අතර කුෂ් සහ හෂීස් මත්ද්‍රව්‍ය කි:ග්‍රෑ:1.6කට වැඩි ප්‍රමාණයක් ඇති බවයි වාර්තා වෙන්නේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඇෆ්ගන් තරගයේ චරිත් ගත් තීරණ නිවැරදියි – ලසිත් මාලිංග

ඇෆ්ගනිස්ථානය සමඟ පැවති තරගයේදී ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක චරිත් අසලංක නිවැරදි තීරණගත් බව හිටපු ක්‍රීඩයෙක් ලසිත් මාලිංග පවසනවා. එම තරගයේදී නුවන් තුෂාර, වනිඳු සහ දසුන් යොදා ගනිමින් මැද පන්දුවාරවලදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට අභියෝගයක් එල්ල කිරීමට චරිත් සමත් වූ බවයි ඔහු…

මන්නාරම් වෙරළට ගොඩගැසූ Sea Cow !

මන්නාරම දකුණු මුහුදු තීරයේ තිරුපුල්ලානි ප්‍රදේශයට ‘Sea cows’ ලෙසින් හැඳින්වෙන මුහුදු ජීවියෙකු අද (20) පෙරවරුවේ ගොඩගසා ඇතැයි වාර්තා වේ. වයස අවුරුදු 8ක් පමණ වන මෙම සත්ත්වයා කිලෝග්‍රෑම් 300ක පමණ බරකින් යුක්ත වන අතර, මීටර් 2.30ක පමණ වට ප්‍රමාණයකින් යුක්ත වෙයි.…

රනිල් සිරගත කිරීමෙන් විසිරී තිබූ විපක්ෂයම සමගි වුණා

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බන්ධනාගාර ගත කිරීමෙන් විසිරී තිබූ විපක්ෂයම සමගි වූයේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා. ඔහු බන්ධනාගාර ගතවීමට පෙර විපක්ෂය එක් කිරීමට උත්සාහ කළද, එය ව්‍යාර්ථ වු බවයි…

ඒකාධිපතිවාදය පරාජය කරන්න අපි එකතුවෙමු

“ඒකාධිපතිවාදය පරාජය කරන්න අපි ‍එකතුවෙමු” යැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. විපක්ෂ නායකයින් නිහඬ කරවා ඒකාධිපතිවාදය ගොඩනගන්න කරන උත්සාහ පරාජය කරන්න අපි සැවොම එක්වෙමු, පෙළගැසෙමු යැයි ද හෙතෙම සඳහන් කළා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ…

යක්කල මාරක අනතුරක් – පුද්ගලයෙකු මරුට

කොළඹ නුවර මාර්ගයේ කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් කන්ටේනර් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී යක්කල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ…

නිවෙසක් තුළ අබිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් !

කළුවාංචිකුඩි පොලිස් වසමේ කෝට්ටේ කල්ලාර් ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් මියගොස් ඇති බවට කළුවාංචිකුඩි පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විර්මශන ආරම්භ කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 57ක් වූ කෝට්ටේ කල්ලාර් ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. අදාළ කාන්තාව සිය නිවසෙහි තනිව ජිවත්ව සිට…

2025 වසරේ මේ දක්වා මෙහෙයුම්වලින් එක් ලක්ෂ හාරදහසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ත්‍රිවිධ හමුදාව එක්ව, පොලිස්තුමාගේ අධීක්ෂණ යටතේ මේ දිනවල ක්‍රියාත්මක වන විශේෂ ඒකාබද්ධ මෙහෙයුම් පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පැවැත්වුණා. ඒ අනුව, 2025 වසරේ මේ දක්වා සිදුකළ මෙම මෙහෙයුම් හරහා…