News Editor

News Editor

නව පාප් ධුරය තේරීම මැයි මස 07 වැනිදායින් ඇරඹේ

නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමේ සමුළුව (The conclave) මැයි මස 07 වන දින ආරම්භ වන බව ශුද්ධාසනයේ මාධ්‍ය කාර්යාලය පවසයි. රෝමයේ සිටින කාදිනල්වරුන් අද (28) පැවති ඔවුන්ගේ පස්වන මහා සභාවේදී මෙම තීරණය ගත්හ. මෙම සමුළුව වතිකානුවේ සිස්ටයින් දේවස්ථානයේදී…

පාකිස්තාන YouTube 16 ක් තහනම්

ඉන්දියාවේ ග්‍රාහක මිලියන 63 ක් සිටින පාකිස්තාන YouTube නාලිකා 16 ක් තහනම් කර තිබේ. ඒ කාශ්මීර්, පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රකෝපකාරී සහ වාර්ගික වශයෙන් සංවේදී අන්තර්ගත පතුරුවාහැරීම හේතුවෙනි. Dawn, Samaa TV, ARY News, Bol News, Raftar, Geo News සහ Suno…

ආධුනික බොක්සිං ශූරතා නිශ්ශංකට සහ චතුරිට

ශ්‍රී ලංකා බොක්සිං ආයතනය විසින් මෙහෙයවනු ලැබූ ආධුනික බොක්සිං තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකා සම්මාන දිනා ගැනීමට යුද හමුදා බොක්සිං සමාජයේ නිශ්ශංක හේරත් සහ මහනුවර හේමමාලි බාලිකාවේ චතුරි සිරිවර්ධන සමත් වූහ. කොළඹ රාජකීය විදුහලේ රෝයල් මාස් බොක්සිං වළල්ලේ පැවති මෙවර තරගාවලියේදී…

ජාතික වොලිබෝල් ක්‍රීඩක මලිත් දිනිඳු දිවියෙන් සමුගනී

ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කල කෙටි පන්දු ප්‍රහාරකයකු වූ මලිත් දිනිඳු (33) හදිසි අභාවප්‍රාප්තවී තිබේ. පූගොඩ මීවිටිගල කනිෂ්ඨ විදුහලෙන් සහ දොම්පේ සියනෑ ජාතික පාසලේ අධ්‍යාපනය ලැබූ මලිත් රදාවාන ගෝල්ඩන් බර්ඩස් සහ සියනෑ තරු ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් වොලිබෝල්…

මුල්වරට විදුලි ආලෝක ධාරා මැද ජාත්‍යන්තර හොකී තරගාවලියක්

කාගිල්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රසාන්ත් සිවඥානම් මහතා හා කාගිල්ස් වෙළෙඳ සමූහ කළමනාකාරිනී මල්ජිනී ජයසේකර මහත්මිය විසින් අනුග්‍රාහක චෙක්පත ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ හොකී සංගමයේ සභාපති ෆවුසාල් හමීඩ් මහතාට හා ලේකම් ඩන්කන් දේවේන්ද්‍ර මහතාට පිරිනැමූ අයුරු‍. ශ්‍රී ලංකාවේ මුල්වරට විදුලි ආලෝක ධාරා…

මුම්බායි පිට පිට ජය 5යි

මෙවර අයිපීඑල් තරගාවලියේ පිට පිට 5 වැනි ජයග්‍රහණය වාර්තා කිරීමට මහේල ජයවර්ධනගේ පුහුණුකාරිත්වය යටතේ තරග වදින මුම්බායි ඉන්දියන්ස් පිල පෙරේදා සමත් විය. තරගාවලියේ 45 වැනි තරගයේදී ලක්නව් සුපර් ජයන්ට්ස් පිල ලකුණු 54කින් පරාජය කිරීමට මුම්බායි පිල සමත් වූයේ තරග 10කදී…

යොවුන් බංගලියෝ එකට-එක කරති

සවාඩ් අබ්රාර්ගේ විශිෂ්ට ශතකයත්, අල් ෆහාඩ්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ සීසීසී පිටියේ පැවති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් හිමිකර ගැනීමට සංචාරක බංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට් පිල ඊයේ සමත් විය. මේ ජය…

එන්එස්එල් අවසන් සිවුදින සටනේදී නිම්සර දඹුලු පිල අමාරුවේ දමයි-පළමු ඉනිමේදී කඩුලු 5ක් අතැතිව ලකුණු 216ක් පසුපසින්

නිම්සර අතරගල්ලගේගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් නැෂනල් සුපර් ලීග් (එන්එස්එල්) සිවුදින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ දෙවැනි දිනය නිමා වන විට දඹුලු ක්‍රීඩකයෝ අසීරු තත්ත්වයකට පත්ව සිටියේ පළමු ඉනිමේදී ලකුණු 154කට කඩුලු 5ක් අහිමි වීම හේතුවෙනි. මේ තරගයේ පළමුව පන්දුවට පහර…

පහරදී පුද්ගලයකු මැරූ 5ක් පෝරකයට

මට්ටක්කුලියේ හින්දු කෝවිල් දෙකක බල අරගලය නිසා ඇතිවූ ගැටුමකදී ප්‍රතිවාදී පාර්ශ්වයේ ආධාරකරුවකුගේ නිවෙසට බලහත්කාරයෙන් ඇතුළුව බරපතළ ලෙස පහර දී ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වූ වයස අවුරුදු 20-38 අතර තැනැත්තන් 5 දෙනකු එල්ලා මරා දැමීමට කොළඹ මහාධිකරණය ඊයේ (28දා) නියම කළේය.…

අල්ලස් කොමිසමට මම එනවිට මාධ්‍යයට කියන්නේ ඇයි?-හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ

දූෂණ විරෝධී පනත ප්‍රකාරව විමර්ශනයකට මුහුණ දෙන විට සැකකරුවකු වන බැවින් නීතිඥයකු සමඟ පැමිණිය යුතු බව තමා පැවැසුවත්, නීතිඥයකු අවශ්‍ය නොවන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශ කළ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. හිටපු ජනාධිපතිවරයා මේ…