News Editor

News Editor

ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වඩා තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එමෙන්ම වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. සබරගමුව පළාතෙත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම්…

කොටස් වෙළෙඳපොළ ඒකක 2.71කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (13) ඒකක 2.71කින් ඉහළ ගොස් තිබෙනවා. දිනයේ ගණුදෙනු අවසානයේදී එය සටහන් වූයේ ඒකක 19,975.50ක් ලෙසින්. ඒ අනුව අද පිරිවැටුම රුපියල් බිලියන 4.5ක්.

ජාතික බඩඉරිඟු කාර්ය සාධන බලකායක් පිහිටුවයි

බඩඉරිඟු නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් ජාතික බඩඉරිඟු කාර්ය සාධන බලකායක් පිහිටුවා තිබෙනවා. ඒ අනුව ගොවීන්ගේ සහ නිලධාරීන්ගේ යෝජනා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමනායක සඳහන් කළේ. බඩඉරිඟු බහුලව වගා කරන බදුල්ල, මොනරාගල සහ…

අමෙරිකානු මානව හිමිකම් වාර්තාවෙන් ශ්‍රී ලංකාවටත් චෝදනා

අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2024 වසරේ මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් වූ වාර්තාවක් එළිදක්වා තිබෙනවා. එම වාර්තාව මගින් මානව හිමිකම් සම්බන්ධයෙන් විශ්වාසදායක තොරතුරු ඇතුළත් කර ඇති අතර මෙමගින් පෙන්වාදෙන්නේ මානව හිමිකම් උල්ලංඝනය කළ නිලධාරීන් හඳුනාගෙන දඬුවම් කිරීමට රජය අවම…

ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 100ක AI අරමුදලක්

දේශීය කෘත්‍රිම බුද්ධිය (AI) පදනම් කරගත් ආරම්භක ව්‍යාපාර සහ පර්යේෂණ සඳහා ආයෝජනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 100 ක කෘත්‍රිම බුද්ධි (AI) අරමුදලක් දියත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති මොතිලාල් ද සිල්වා ඊයේ (12) මාධ්‍ය වෙත ප්‍රකාශ…

පස් දිලීප​ ඉලක්​ක කර සිදුකළ වෙඩි තැබීම ව්‍යර්ථ වෙයි

මිනුවන්ගොඩ, පත්තඬුවන ප්‍රදේශයේදී ‘පස් දිලීප’ නමැති පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිසිය පවසනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් අද (13) දහවල් කාලයේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ. කෙසේ නමුත්, එම වෙඩි…

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් බන්ධනාගාර සෞඛ්‍ය සේවා හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා රිමාන්ඩ්

බන්ධනාගාර සෞඛ්‍ය සේවා හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා රිමාන්ඩ් අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අල්ලස් කොමිසම සහ විත්තියේ…

2025 මුල් මාස 07 තුළ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 4.4 ඉක්මවයි

2025 වසරේ ගතවූ මාස 07ක කාලය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 4.43ක විදෙස් ශ්‍රමික ප්‍රේෂණ මෙරටට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව, ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ වාර්තා වූ ඉහළම විගමණික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා කරමින්,…

පොලිස්පති කාර්යාලයට ඍජුව සම්බන්ධ වීමට නව WhatsApp අංකයක් හඳුන්වාදෙයි

පොලිස්පති කාර්යාලය සමඟ ඍජුව සම්බන්ධ වීමට හැකි නව WhatsApp අංකයක් පොලීසිය විසින් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව, මහජනතාවට මුහුණ දීමට සිදු වන අපරාධ සහ විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් මෙම නව WhatsApp අංකය හඳුන්වා…

හෙට ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 10 ක ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (14) දිනයේදී ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, හෙට පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා පැය 10ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ. නිට්ටඹුව,…