News Editor

News Editor

තැපැල් සේවකයින් පිරිසක් අතිකාල වර්ජනයක..

අංශ කිහිපයක තැපැල් සේවකයින් අතිකාල සේවාවලින් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, සේවකයින්ගේ අතිකාල සහ වරප්‍රසාද කප්පාදුවට එරෙහිව මෙම පියවර ගෙන ඇති බවයි. ඒ අනුව, තැපැල් ප්‍රවාහන අංශය, නාරාහේන්පිට තැපැල් කාර්මික අංශය…

ගිනි අවි සමග අත්අඩංගුවට ගත් ගුවන් තොටුපල නිලධාරියා ගැන විශේෂ විමර්ශනයක්..-වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති කියයි –

ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරියා සම්බන්ධයෙන් ආයතන මට්ටමින් විමර්ශනයක් ආරම්භ කැර ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, එහිදී අනාවරණය වන තොරතුරු මත ඉදිරි පියවර ගන්නා…

චීනයට, ඉන්දියාවට දඬුවම් බදු දැන්ම පනවන්නේ නෑ – අමෙරිකාව

රුසියාවෙන් තෙල් මිලදී ගන්නා රටවලට වහාම ද්විතියික බදු පැනවීමේ තීරණයක් නොගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. මේ අනුව චීනය, ඉන්දියාව වැනි රටවලට තර්ජනය කරමින් තිබූ අධික බදු පැනවීම වහාම සිදුනොවීම යම් සහනයක්වනු ඇති නමුත් සති දෙක තුනකින් මෙම බදු…

කාශ්මීර ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 280 දක්වා ඉහළට

ඉන්දු – පකිස්ථාන දේශසීමාවේ පිහිටි කාශ්මීරයට බලපෑ ගංවතුර තත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 280ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ, බොහෝ පිරිසක් තවමත් අතුරුදන්ව ඇති බවයි. එමෙන්ම ඊයේ සහන සේවාවල නිරතවූ හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් 05 දෙනෙකු…

කෝටි 05කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

වත්තල පොලිස් වසමේ බංගලාවත්ත ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (15) වැටලීමක් සිදු කර කේරළ ගංජා කිලෝ 309කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 43 සහ 49ක් වන ග්‍රැන්ඩ්පාස්…

බිරිඳ අත්අඩංගුවට ගන්නා විට නියෝජ්‍ය පොලිස්පති සිටි තැන සොයා විමර්ශන

නිධන් හෑරීමක් සම්බන්ධයෙන් සැකපිට නියෝජ්‍ය පොලිස්පති බිරිඳ අත්අඩංගුවට ගන්නා විට නියෝජ්‍ය පොලිස්පතිවරයා රැඳී සිටියේ කොහේද යන්න සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එසේම මෙම සිදුවීම මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා කල්තියා දැන සිටියේ දැයි සොයා තවත් විමර්ශනයක් පැවැත්වෙන බවද, පොලිස් මූලස්ථානයේ…

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන්ගේ දේහය නිවසට

රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (15) පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ දේහය මේ වනවිට මහයියාවේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙනවිත් තිබෙනවා. කලක් අක්මාවේ තදබල රෝගී තත්ත්වයකින් පෙළුණු 57 හැවිරිදි හිටපු රාජ්‍ය අමාත්‍යවරයා, අනතුරුව නිව්මෝනියාව රෝගය වැළඳී එය උත්සන්න…

කංසා වගාවට විදෙස් ආයෝජකයින් 7කට අවසර දීම ගැන ADIC කණගාටුවෙන්

ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස කංසා වගාව සඳහා විදෙස් ආයෝජකයින් 7 දෙනෙකුට අවසර ලබාදීම පිලිබඳව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය කණගාටුව පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මීට පෙර පැවැති රජයන් ගෙන ආ යෝජනාවලට විරෝධය පළ කර, දැන් ඒවා ඉතා වේගයෙන්…

රියදුරුට මරු කැඳවූ මොණරාගල බිහිසුණු බස් අනතුර ! – 22කට තුවාල

මොණරාගල වැලියාය ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ විනෝද චාරිකාවක් ගිය පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබේ. අනතුරෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මගී බස් රථයේ 32 හැවිරිදි රියදුරා මියගොස් ඇති අතර පුද්ගලයින් 22ක් තුවාල ලබා…

පොලිස්පතිගේ නව WhatsApp අංකයට පැමිණිලි 2000ක්

ජනතාවට මුහුණ පෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලූ ක්ෂණිකව දැනුම් දීම සදහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් හඳුන්වා දුන් නව වට්ස්ඇප් අංකයට මේ වන විට පැමිණිලි 2000කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කරයි. මෙම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු…