News Editor

News Editor

2016 සිට රාජ්‍ය සේවයට එක් වූ නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් හිමිකම් ලබාදීමට අදාළ පත්වීම් ලිපි සංශෝධනයට පියවර

2016 වර්ෂයේ ජනවාරි මස 01 වන දිනට පසු රාජ්‍ය සේවයට බඳවා ගත් නිලධරයන් සඳහා විශ්‍රාම වැටුප් හිමිකම් ලබා දීමට අදාළ පත්වීම් ලිපි සංශෝධනය කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. ඒ අනුව, ඊට අදාළ චක්‍රලේඛය…

අද කාලගුණ නිවේදනය

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය, දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා දැනට පවතින තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක්…

පුත්තලමේදී රියදුරු ඝාතනය කොට ත්‍රිරෝද රථය පැහැරගනී

පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියදුරෙකු ඝාතනය කොට ත්‍රිරෝද රථය පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය පවසනවා. මෙලෙස ඝාතනය කර ඇත්තේ තිල්අඩිය ප්‍රදේශයේම පදිංචි 72 හැවිරිදි පස්දරු පියෙක්. මොහු ඊයේ රාත්‍රියේ නිවසේ රැඳී සිටි අවස්ථාවේ කිසියම් අයෙකු නිවසට පැමිණ ඔහු කැඳවාගෙන…

2009/2010 බඳවා ගත් ග්‍රාම නිලධාරීන්ගෙන් නිහඬ විරෝධතාවක්

ග්‍රාම නිලධාරී සේවයට හඳුන්වා දුන් නව සේවා ව්‍යවස්ථාවෙන් තමන්ට සිදුව ඇති අසාධාරණයට එරෙහිව එළඹෙන මාර්තු 03 වනදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයක නිරත වීමට 2009/2010 ග්‍රාම නිලධාරී කණ්ඩායම තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රගතිශීලී ග්‍රාම නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම්…

NBRO අනතුරු ඇඟවීමක් – ප්‍රදේශ කිහිපයකට මි.මී 200ට වැඩි වැසි

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 200ට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, දිස්ත්‍රික්ක හතරකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15කට ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර…

අනතුරට ලක්වූ මිතුරන් බලන්න රෝහලට යමින් සිටි යහළුවාත් මාරක අනතුර

ගාල්ල, දඩල්ල, කනත්ත අසල මාර්ගයේ නවතා තිබු බස් රථයක, යතුරුපැදියක් ගැටීමෙන් අද (22) අලුයම සිදුවු අනතුරකින් තරුණයෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි ගිංතොට ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. තුවාල ලැබූ අනෙක් තරුණයින් දෙදෙනා ගිංතොට සහ…

පොළොන්නරුව – මඩකලපුව මාර්ගයේ සුළු ගංවතුර තත්ත්වයක්

මහවැලි ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් එහි ජල මට්ටම ඉහළගොස් පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගය මේ වනවිට සුළු වශයෙන් ජලයෙන් යටව තිබේ. එම මාර්ගයේ ගල්ලෑල්ල හා මනම්පිටිය අතර ප්‍රදේශයන්හි ස්ථාන 2ක පමණ මෙලෙස ජලයෙන් යටව පවතින…

නුවරඑළිය නගරය සුරක්ෂිතයි – දිස්ත්‍රික් ලේකම්ගෙන් පැහැදිලි කිරීමක් 

නුවරඑළිය නගරය ජලයෙන් යටවූ බවට සමාජ මාධ්‍යවල පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පවසයි. ඇය සඳහන් කළේ, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ වූවත් නගරය ආශ්‍රිත ප්‍රදේශයේ ගං වතුර තත්ත්වයක් වාර්තා නොවන බවය. සමාජ මාධ්‍යවල නුවරඑළිය නගරය ජලයෙන් යට…

පාකිස්තාන ප්‍රහාර හමුවේ ඇෆ්ගනිස්තානයේ 18ක් මරුට

පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ල කළ ගුවන් ප්‍රහාර හමුවේ කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බව තලේබාන් සංවිධානය පවසයි. ඇෆ්ගනිස්තානය මෙම ප්‍රහාර හෙළා දකිමින් ප්‍රකාශ කර ඇත්තේ ඒවා සිවිල් නිවාස සහ ආගමික පාසලක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල…

එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 51ක පරාජයක්

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් එංගලන්තය හමුවේ ලකුණු 51ක පරාජයක් භාරගැනීමට ශ්‍රී ලංකාවට අද (22) සිදුවිය. පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ එංගලන්තයෙන් හිමිවූ ලකුණු 147ක ඉලක්කයකට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 16.4කදී…