News Editor

News Editor

ලලිත් – කූගන් අතුරුදන්වීමේ සිද්ධියට ප්‍රකාශයක් ලබාදීමට සහෝදරියන් දෙදෙනෙකු CIDයට පැමිණෙයි

අතුරුදන් වූ කූගන් මුර්ගානන්දගේ සහෝදරියන් දෙදෙනෙකු ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (29) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ අනුව, 2011 වසරේ දෙසැම්බර් 09 වැනිදා ලලිත් කුමාර වීරරාජ් සහ කූගන් මුර්ගානන්ද යන අය අතුරුදන්වීමේ සිද්ධිය පිළිබඳව, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන…

Google Gemini AI මෙවලම් ශ්‍රී ලංකා සිසුන්ට නොමිලේ ලබාදීමට පියවර

Google සමාගම විසින් සිය දියුණුම කෘත්‍රිම බුද්ධි වේදිකාව වන ‘Gemini’ ඇතුළු AI තාක්ෂණික සේවා කිසිදු ගාස්තුවකින් තොරව ශ්‍රී ලාංකික සිසුන්ට ලබාදීමට එකඟතාව පළ කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසනවා. මෙය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ Google සමාගම…

අධිචෝදනා බලරහිත කිරීමේ නියෝගයක් ඉල්ලා පාඨලී විසින් ගොනු කළ පෙත්සම නොවැම්බර් 24 විභාගයට

අධිචෝදනා බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ගොනු කර ඇති රිට් පෙත්සම නොවැම්බර් 24 වැනිදා විභාගය සඳහා කැඳවන ලෙස අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබෙනවා. හිටපු අමාත්‍ය පාඨලී චම්පික වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමරසිරි…

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගියදා කොළඹ පැවැති සත්‍යග්‍රහයක් අතරතුර එහි පැමිණී මන්ත්‍රීවරයා කොටුව පොලීසියේ පොලිස් නිලධාරියෙකුට බැණ වැදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු අද (29) පොලීසිය වෙත කැඳවා තිබුණා. පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා…

UPDATE: පස් කන්දකට යට වූ තිදෙනා ජීවිතක්ෂයට

මාවනැල්ලේ දී පස් කන්දකට යට වූ තිදෙනාගේ සිරුරු සොයාගෙන තිබෙනවා. කෙසේ නමුත්, ඔවුන් සොයා ගන්නා විටද මියගොස් සිට ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්‍රදේශයේ තාප්පයක් බඳිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට අද (29) පෙරවරුවේ පස් කන්දක් කඩා වැටී…

මාලිමාවට එරෙහිව ගම්මන්පිලගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ජාතික ජන බලවේගයට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අද (29) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. ඒ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් විසින් ලබා ගන්නා ලද මාසික වැටුප පක්ෂ අරමුදලට යොමු කිරීමෙන් දේශපාලන කටයුතු සිදු කිරීම සම්බන්ධවය. අල්ලස් කොමිසම…

ජනපති අද ජපාන අගමැති හමුවෙයි

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (29) ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය. මෙහිදී දෙරටේ ආර්ථිකය, ආයෝජන, සංවර්ධන සහයෝගිතාව සහ ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු…

මාවනැල්ල ප්‍රදේශයේදී කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටෙයි

මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්‍රදේශයේ තාප්පයක් බඳිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා. මේ වනවිට ඔවුන් මුදාගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 105කට නීතිමය පියවර

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් 105 ක් පසුගිය සති දෙක තුළ වටලා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා. ඒ අනුව, වැඩි මිලට සහල් අලෙවි කළ එම වෙළෙඳසැල්වලට නඩු පැවරීමට කටයුතු කළ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම අධිකාරිය…

මනම්පේරිගේ පාපොච්චාරණයෙන් තවත් තොරතුරු එළියට

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා සිටින සම්පත් මනම්පේරිගෙන් විමර්ශන නිලධාරීන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර එහිදී අයිස් අමුද්‍රව්‍ය ඇතුළු කරුණු සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණ වී තිබේ. සම්පත් මනම්පේරි විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන බවට…