News Editor

News Editor

SVAT අද සිට අහෝසි

එස් වැට් හෙවත් සරල කරන ලද වැට් බදු ක්‍රමය අද සිට අහෝසි වනවා. ඒ මෙම තීරණය කල් දමන ලෙස මෙරට ප්‍රධාන අපනයනකරුවන්ගේ සංගම් රජයෙන් ඉල්ලීම් කර තිබූ පසුබිමකයි. එස් වැට් ක්‍රමය අහෝසි කිරීමත් සමග වැට් ප්‍රතිපූර්ණ ක්‍රියාවලිය විධිමත් කර නොමැති…

ජනපති ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමු වෙයි

ජපාන රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  ඊයේ (30) පස්වරුවේ ටෝකියෝහි පිහිටි අධිරාජ්‍ය  මන්දිරයේදී  ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමු විය. ජපාන අධිරාජ්‍යයාගේ නිල නිවස වන අධිරාජ්‍ය  මන්දිරයේදී නරුහිතෝ අධිරාජ්‍යයා විසින් ජනාධිපතිවරයාව උණුසුම් අයුරින් පිළිගනු ලැබීමෙන්…

උදම්මිටදී අණ නොතකා ගිය වෑන්රියකට වෙඩි

නිට්ටඹුව, උදම්මිට ප්‍රදේශයේදී, අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා. එහිදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

මහින්ද තවමත් නිල නිවෙස භාරදී නෑ / වසර 3කදී අලුත්වැඩියාවට රුපියල් කෝටි 51ක්

පස්වැනි විධා­යක ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා කොළඹ 07, විජේ­රාම මාවතේ නිවෙ­සින් ඉවත්ව ගොස් සති දෙක­කට වැඩි කාල­යක් ඉක්ම ගොස් ඇතත් මෙතෙක් එම නිවෙස නිසි ලෙස භාර­දී­මට පිය­වර ගෙන නැතැයි රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා සහ පළාත් පාලන අමා­ත්‍යාං­ශය සඳ­හන් කරයි. ජන­ප­ති­ව­රුන්ගේ…

ශ්‍රී ලංකා තේ ගිනස් වාර්තා­වක් තබයි

ලෝක වෙන්දේ­සි­ය­කදී අධි­කම මිල­කට අලෙවි වූ තේ ප්‍රමා­ණය ලෙස ශ්‍රී ලංකාවේ කළු තේ, ලෝක වාර්තා ගිනස් පොතට ඇතු­ළත් වෙයි. සබ­ර­ග­මුව කලා­පයේ “Ceylon Specialty Estate Tea of the Year Competition 2025” හි රන් ජය­ග්‍රා­හ­කයා වූ “New Vithanakanda” වෙළඳ අගයේ FF Ex.…

මන­ම්පේරි මහි­න්දගේ ආර­ක්ෂක ලෙස ඉද්දී සහල් ලොරි­යක් කොල්ලකාලා

මිද්දෙ­ණිය ප්‍රදේ­ශයේ අයිස් කන්ටේ­නර් දෙකක් සඟවා තබා­ගැ­නීමේ සිද්ධියේ සැක­ක­රු­වකු වන ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ පළාත් පාලන අපේ­ක්ෂක සම්පත් මන­ම්පේරි නමැත්තා මෙයට අවු­රුදු 16කට පෙර ද්‍රවිඩ ව්‍යාපා­රි­ක­යකු බිය­ගන්වා සහල් ලොරි­යක් කොල්ල­කෑමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් වහාම අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස කොළඹ…

කෙහෙළිය ඇතුළු පවුලේ අයට එරෙහි නඩුව ඔක්තෝබර් 15 කැඳවීමට නියෝග

කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑනාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවක්, වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ඔක්තෝබර් මස 15 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබෙනවා. අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ්…

අපරාධකරුවෙකු වන ටින්කර් දිවයිනට රැගෙන එයි

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද, අවශ්‍ය කරන සැකකරුවෙකු වන ශ්‍රීධරන් නිරන්ජන් නොහොත් ‘ටින්කර්’ නමැති අපරාධකරු අද උදෑසන දිවයිනට රැගෙනවිත් තිබෙනවා. අද (01) අලුයම් කාලයේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඔහුව පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින් වෙත භාරදී ඇති…

ලෝක ළමා හා වැඩි­හිටි දිනය අද

ලෝක ළමා හා වැඩි­හිටි දිනය අදට (01) යෙදී තිබෙනවා. “ආද­රෙන් සුර­කින්න – අපිට ලොව දින­න්නට“ යන තේමාව යටතේ මෙවර ලෝක ළමා දින­ය පැවැත්වෙන අතර, කාන්තා හා ළමා කට­යුතු ඇමැ­තිනී සරෝජා පෝල්රාජ්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් සැම­රුම් උත්ස­වය පැවැත්වීමට නියමිතව තිබෙනවා. ළමා දිනය වෙනු­වෙන්…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්,…