News Editor

News Editor

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම ගැන රනිල්ගේ කාර්යාලයේදී සාකච්ඡාවක්

විපක්ෂයට බහුතර බලය හිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (14) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලයේදී පවත්වා තිබෙනවා. ඒ අනුව එම සාකච්ඡාවේදී එහිදී විපක්ෂයට බහුතර බලය හිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී විපක්ෂය නියෝජනය කරන පක්ෂ ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන්…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි…

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ මහජනතාව වෙනුවෙන් ඉන්ධන පිරවුම්හල්වලට සනීපාරක්ෂක පහසුකම්

මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ වැඩසටහනක් දියත් කිරීම අද (14) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි ඒ අනුව ක්ලීන් ශ්‍රී ලංකා ජනාධිපති කාර්ය සාධක බලකාය, බලශක්ති අමාත්‍යාංශය සහ…

රම්බොඩදී වෑන් රථයක් ප්‍රපාතයක​ට පෙරළී 11 ක් රෝහලට

නුවරඑළිය –  මහනුවර ප්‍රධාන මාර්ගයේ රම්බොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතය​කට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා. ඒ අනුව අනතුරෙන් තුවාල ලැබූ 11 ක් මේ වනවිට රෝහල්ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පසුගියදා ගැරඬිඇල්ල බස්රථ අනතුර සිදුවූ ස්ථානයට කිලෝමීටරයක් පමණ ආසන්නයෙන් මෙම…

හයේශිකා ඇතුළු පිරිසට ඇප

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ අද (14) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ‍වෙත භාරවී තිබෙනවා. තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මක කෙරුණු අතර අදාළ සිද්ධියෙන් පසු හයේශිකා ප්‍රනාන්දු ප්‍රදේශයෙන් පලා ගොස්…

අපේක්ෂිත ඇපයක් ඉල්ලා මහින්දානන්ද අලුත්ගමගේගෙන් පෙත්සමක්

අල්ලස් කොමිසම විසින් තමන් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත තමා මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (14) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව එම ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 19 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන…

කොත්මලේ බස් අනතුරින් මියගිය අයට ජනාධිපති අරමුදලෙන් ලබාදෙන මුදල්, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කෙරේ

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වනවිට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කර ඇති බව ජනාධිපති කාර්යාලය පවසනවා. ඒ අනුව, අනතුරින් මිය ගිය…

බලපත්‍ර නොමැතිව මත්පැන් බෝතල් තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව විවිධ වර්ගයේ මත්පැන් බෝතල් තොගයක් ළඟ තබාගත් සැකකරුවෙක් ගල්නෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ‍ඊයේ (13) ගල්නෑව පොලිස් වසමේ, ගල්නෑව නගරයේදී සිදුකළ මෙහෙයුමකදී බලපත්‍ර නොමැතිව ලඟ තබාගෙන සිටි විවිධ වර්ගයේ අරක්කු ‍ලීටර් 54 ක් හා බියර් ලීටර්…

Microsoft සමාගම සේවකයින් 6000 ක් ඉවත් කරයි

Microsoft සමාගම සිය සේවකයින්ගෙන් 3% ක්, එනම් සේවකයින් 6000 ක් සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පිරිවැය පාලනය කිරීම සහ තවත් හේතු කිහිපයක් මත අවශ්‍ය ආයතනික වෙනස්කම් සිදු කිරීමට සමගාමීව මෙම පියවර ගෙන ඇති බවයි…

දන්සැල් සංවිධායකවරුන් වෙත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් දැනුම්දීමක්

පසුගිය දිනවල සංවිධානය කරන ලද දන්සැල්වලින් බැහැර කරනු ලබන කැලිකසළ නිසි ක්‍රමවේදයන්ට අනුව බැහැර කරන ලෙස දන්සැල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. පසුගිය දිනවල දන්සල් පරික්ෂා කිරීම්වලදී පොලිතින් හා ප්ලාස්ටික් වැඩිපුර භාවිතා කර තිබුණු බවත්, එම…