News Editor

News Editor

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අද සිට ආරම්භ වෙයි

2026 වර්ෂය සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් හා යෝජනා ලබා ගැනීම අද (25) සිට ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව, එසේ අදහස් ඉදිරිපත් කිරීම සඳහා මාර්තු 18 දින දක්වා විදුලි පාරිභෝගිකයන්ට අවස්ථාව හිමිවන…

පාස්කු ප්‍රහාර විමර්ශනයට අදා​ල​ව හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ විමර්ශනයට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත තරගය වෙනුවෙන් අද විශේෂ රථ වාහන සැලැස්මක්

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට අදාළව, ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (25) රාත්‍රි 7.00 ට පැවැත්වෙන තරගය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය පවසනවා. මෙම තරගය නැරඹීමට විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණෙනු ඇති බවට අපේක්ෂා කරන බැවින්,…

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවැනි වෙඩික්කරුද අත්අඩංගුවට ගනී

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවැනි වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, මොහු මොනරාගල, හුලංදාව ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. මෙම ද්විත්ව ඝාතනයට අදාළව මීට පෙර ද එක් වෙඩික්කරුවකු පොලිසිය විසින් අත්අඩංගුවට…

අද කාලගුණ නිවේදනය

දකුණු පළාතේත්, රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.…

විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය මාර්තු 01 වෙනිදා සිට

“රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහනට සමගාමීව විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ක්‍රියාත්මක කිරීම නමින් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව 2026 මාර්තු 01 දිනෙන් ඇරඹෙන සතිය “විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ” ලෙස ප්‍රකාශයට පත්කිරීමට රටම එකට ජාතික මෙහෙයුම් සභාව…

2026 වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 5 පනී

2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 500,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන් කළේ ජනවාරි 01 සිට පෙබරවාරි 22 දක්වා කාලය තුළ සංචාරකයින් 505,751 දෙනෙකු මෙරටට පැමිණ ඇති…

ධීවර හා නාවික ප්‍රජාවට අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන ධීවරයින්ට හා නාවික ප්‍රජාවන්ට අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක් කර තිබේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (24) දහවල් 2ට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් මධ්‍යම…

අකුරේගොඩ වෙඩි තැබීම ගැන පරීක්ෂණ කටයුතු 80% ක් අවසන් – පොලිසිය

අකුරේගොඩ පිහිටි සුපිරි වෙළෙඳසලක රථ ගාලේදී නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු 80% ක් පමණ මේ වන විට අවසන් කර ඇති බව පොලිසිය පවසනවා. ඒ අනුව, 2026 පෙබරවාරි 13 වැනිදා වාර්තා වූ මෙම ද්විත්ව…

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීමට අනුමැතිය

2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. 2026 අයවැය යෝජනාවකට අනුව, 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කර ඇති…