News Editor

News Editor

වහල මත සිටි මගීන් 34 දෙනෙකු බේරාගෙන රෝහල්ගත කෙරේ

අනුරාධපුර – පුත්තලම මාර්ගයේ කලා ඔය පාලම මත සැඩ පහරට හසුවූ බස් රථයේ සිට පසුව වහලක් මතට නැඟ සිටි පිරිසෙන් පුද්ගලයින් 34 දෙනෙකු මේ වනවිට ආරක්ෂක අංශ විසින් මුදාගෙන තිබේ. ‘අද දෙරණ’ වාර්තාකරු පැවසුවේ මේ වනවිට එම පිරිස නොච්චියාගම ප්‍රාදේශීය…

සියලූම බන්ධනාගාර නිලධාරීන්ට දැනුම්දීමක්

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් සේවා ස්ථානයන්ට පැමිණීමට අපහසු වී ඇති බන්ධනාගාර නිලධාරීන් වහාම ආසන්තම බන්ධනාගාරයට වාර්තා කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා දැනුම්දෙයි. බන්ධනාගාරවල ආරක්ෂක කටයුතු සඳහා මේ වනවිට බාධා එල්ල වී ඇති බැවින් මෙම තීරණය ගත් බව ඒ…

මහ ඔය ද්‍රෝණිය සඳහා ගංවතුර අධි අවදානම් නිවේදනයක් නිකුත් කෙරේ

මහ ඔය ද්‍රෝණිය සඳහා ගංවතුර අධි අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහ ඔය ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය 24ක කාලය තුළ දැඩි වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවයි සඳහන් වෙන්නේ. මහ ඔය නිම්නයේ පහත්බිම්වලට මෑත ඉතිහාසයේ ඇති නොවුණු මට්ටමේ අධි…

ආපදාවන් නිසා පුද්ගලයින් 69 දෙනෙක් මිය ගොස්, තවත් 34 දෙනෙක් අතුරුදන් – ආපදා කළමණාකරන මධ්‍යස්ථානය

මෙරටට බලපා ඇති ආපදා තත්ත්වය පිළිබඳ සවිස්තර තත්ත්ව වාර්තාවක් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබෙනවා. එම වාර්තාවට අනුව ඊයේ (28) දිනයේ පස්වරු 6.00 දක්වා තොරතුරු දක්වා ඇති අතර, සිදවූ ආපදාවන් නිසා නොවැම්බර් 11 සිට ඊයේ දක්වා පුද්ගලයින් 69 දෙනෙක්…

දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ට මෙරට විපතට පත් ජනතාව වෙත උපකාර කිරීමට විශේෂ බැංකු ගිණුම් අංක නිකුත් කෙරේ

ශ්‍රී ලංකාවේ වත්මන් ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට උපකාර කිරීම සඳහා දායකවීමට කැමති, විදේශයන්හි පදිංචි ශ්‍රී ලාංකිකයින් මෙන්ම විදේශිකයන් සඳහා, එම ආධාර මුදල් බැර කිරීම සඳහා විශේෂ බැංකු ගිණුම් අංක කිහිපයක් නිකුත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙනවා.…

කොත්ම​ලේ රම්බඩගම නායයෑමක් වාර්තා වෙයි

නුවරඑළිය – පූඬළුඔය මාර්ග දෙක අතර, රම්බඩගම ගම්මානය මැද කොටස නායගොස් ඇති බව මේ වන විට අනාවරණය වී තිබෙනවා. මෙම නායයෑම පසුගිය 27 වැනිදා රාත්‍රීයේ සහ ඊයේ (28) අලුයම සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ. එම ස්ථානයට ළඟාවීම සම්පූර්ණයෙන්ම අවහිර වී…

විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාර රැගත් ඉන්දීය ගුවන් හමුදා යානයක් මෙරටට පැමි‍ණෙයි

මෙරටට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් වී සිටින ජනතාව වෙනුවෙන් ඉන්දීය රජය විසින් ආධාර පිරිනමා තිබෙනවා. ඒ අනුව, ඉන්දියානු රජය විසින් පිරිනැමූ සනීපාරක්ශක ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානයක් අද…

කැලණි ගඟ සහ මහා ඔය ආශ්‍රිත පහත්බිම්වලින් වහාම ඉවත්වෙන්​න

කැලණි ගඟ සහ මහා ඔය ආශ්‍රිතව පිහිටි පහත්බිම් ප්‍රදේශවල පදිංචිකරුවන්ට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, එම ප්‍රදේශවල සිටින ජනතාවට වහාම ඉවත් වන ලෙසට අනතුරු ඇඟවීම් නිකුත් කරන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

අද උදෑසන 6.30 වන විට ප්‍රධාන ගංගාවල ජල මට්ටම

අද (29) උදෑසන 6.30 වන විට දිවයින පුරා ප්‍රධාන ගංගාවල ජල මට්ටම සහ වර්ෂාපතන තත්ත්වය පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, බොහෝ දුර‍ට වර්ෂා තත්ත්වය අඩු වී ඇති බවත්, ගංගාවල ඉහළ ගොස් ඇති ජල මට්ටම් පහළ…

කොළඹ වරායේ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවයි

කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ති‍‍‍බෙනවා. පවතින අධික වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය පැවසුවේ. ඒ අනුව, කොළඹ වරායේ සියලු පර්යන්තයන් හි වැඩ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට වරාය අධිකාරිය විසින් පියවර…