News Editor

News Editor

නිසි මිලක් නොමැතිවීම නිසා මාළුමිරිස් ගොවීන් අසීරුතාවක

අස්වැන්න නෙලීම මේ වනවිට ආරම්භ කර තිබුණ ද නිසි මිලක් නොලැබීම හේතුවෙන් තමන් අසීරුතාවයකට පත්ව සිටින බව අනුරාධපුර – මහවිලච්චිය ප්‍රදේශයේ මාළුමිරිස් ගොවීන් පවසනවා. අධික පිරිවැයක් වැයකරමින් වගාවන් සිදුකළ ද ව්‍යාපාරිකයන් විසින් රුපියල් 200 කටත් වඩා අඩු මිලට තමන්ගේම මිලදී…

අත්අඩංගුවට ගත් ඉන්දියාවේ ධීවරයින් හත්දෙනා යළි රිමාන්ඩ්

නෙඩුන්තිව් මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් දකුණු ඉන්දීය ධීවරයින් 07 දෙනා ලබන මස 06 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි. නාවික හමුදාව ට්‍රෝලර් යාත්‍රාවක් සමගින් මෙම ධීවරයින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 13 වැනිදායි.…

දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

හලාවත පොලිස් වසමේ සවරාන ප්‍රදේශයේදී කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවනය වූ දුම්රියෙන් වැටී ඊයේ (25) සවස් කාලයේ පුද්ගලයෙකු මියගොස් ඇති බව හලාවත පොලිසිය සඳහන් කරනවා. මරණකරු වයස අවුරුදු 70ක පමණ වන පුද්ගලයෙකු වන අතර, ඔහුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට…

2040 දී ගොඩබිම සහ ජලය ප්ලාස්ටික්වලින් පිරෙයි ?

2040 වර්ෂය වනවිට පරිසරයට මුදාහැරෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් බිලියන 1.3 ඉක්මවනු ඇති බවට නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත. ඉදිරි 20 වසර තුළදී ලොව සියලු රටවල් එක්වී සාමූහික ක්‍රියාමාර්ගයක් නොගතහොත් ගොඩබිම සහ ජලය ප්ලාස්ටික් අපද්‍රව්‍යයන්ගෙන් පිරී යනු ඇති බවට එම සමීක්ෂණයෙන්…

ලංකාවේ ප්‍රථම වරට මීකිරි යෝගට් ලබන සතියේ සිට

ලබන සතියේ සිට මීකිරි යෝගට් වෙළෙඳපොළට හඳුන්වා දීමට කටයුතු කර ඇතැයි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය බී.සී.එස්. පෙරේරා මහතා පවසයි. මීකිරි යෝගට් මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙන්නේ ප්‍රථම වරට බව පැවසූ සභාපතිවරයා, මණ්ඩලය සතු සියලු අලෙවිසල්වලින් මේ යෝගට් මිලදී…

කාම්බෝජය තායිලන්තයෙන් සටන් විරාමයක් ඉල්ලයි

තායිලන්ත – කාම්බෝජ දේශසීමාවේ දින දෙකක පැවැති යුද ගැටුම්වලින් පසුව කාම්බෝජය තායිලන්තයෙන් සටන් විරාමයක් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපතිවරයා සඳහන් කර ඇත්තේ, තම රට කොන්දේසි විරහිතව සටන් විරාමයක් ඉල්ලා සිටි බවන බවත්, යුද ගැටුම්වලට…

තීරුබදු ගැන ජනපති සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ තානාපති අතර Online සාකච්ඡාවක්

අමෙරිකාව විසින් මෙරටට පනවනු ලැබූ තීරුබදු අඩු කර ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) තානාපති ජේමිසන් ග්‍රියර් අතර පවත්වා තිබෙනවා. ඊයේ (25) පස්වරුවේදී මාර්ගගත සාකච්ඡාවක් ලෙස එය පවත්වා ඇති අතර, මෙරටට…

වෙඩි ප්‍රහාරවලට ලක්වූ වන අලි 21 ක් ගැන විශේෂ විමර්ශනයක්

පසුගිය දිනවලදී වන අලි 21 ක් වෙඩි ප්‍රහාරවලට ලක්වී ඇති බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පවසනවා. ඒ අනුව, එම සිදුවීම්වල යම් සමාන තත්ත්වයක් නිරීක්ෂණය වන හෙයින්, ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. පොළොන්නරුව…

වීසා ගාස්තු නිදහස් කරන ලද රටවල් 40 ක සම්පූර්ණ ලැයිස්තුව

සංචාරක පැමිණීම් ඉහළ නැංවීමේ අරමුණින් වීසා ගාස්තු නොමැතිව මෙරට සංචාරය කිරීමේ අවස්ථාව තවත් රටවල් 40 ක් සඳහා ලබාදෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් නිවේදනය කර තිබෙනවා. මේ හේතුවෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 66 ක පමණ වීසා ආදායම අහිමිවීමක් සිදු…

අද කාලගුණ නිවේදනය

අද (26) දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේද වැසි වාර කිහිපයක් ඇති වන අතර, උතුරු පළාතේද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි පැවසෙන්නේ.…