News Editor

News Editor

ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනා මත නීතිඥවරියක් අත්අඩංගුවට

ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව සම්බන්ධයෙන් පොලිසිය විසින් නීතිඥවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, පිස්තෝලය සැඟවීම සඳහා ඉෂාර සෙව්වන්දිට දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබාදුන් නීතිඥවරියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. අදාළ සැකකාර නීතිඥවරිය කඩවත ප්‍රදේශයේ දී…

රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද (29) යළි කැඳවීමට නියමිත ව තිබෙනවා. පසුගිය අගෝස්තු 22 වැනි දා මෙම නඩුවට අදාළ ව හිටපු ජනාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, පසුව ඔහුගේ අසනීප තත්ත්වයන් සලකා බලා අගෝස්තු 27 වැනි දා ඇප මත…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50ත් 60ත්…

ඝාතන තුනක වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට‍

ඝාතන තුනක වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කළ අයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනකු ඊයේ (27) පස්වරුවේ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අනුරාධපුරයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 106 ක්ද සොයාගෙන ඇති අතර අවුරුදු 44 ක යුද හමුදා සේවය…

නැගෙනහිර පළාතේ ව්‍යාපෘති 33 කට ඉන්දියාවෙන් රුපියල් මිලියන 2,371 ක ප්‍රදානයක්

ඉන්දියානු බහු ආංශික ප්‍රදාන ආධාර යටතේ නැගෙනහිර පළාත තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා පසුගිය අප්‍රේල් 05 වැනිදා ඉන්දීය රජය හා ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබුණා. ඒ යටතේ, නැගෙනහිර පළාතේ සංවර්ධන අවශ්‍යතා සපුරාලන ව්‍යාපෘති 33 ක් ක්‍රියාත්මක…

නව මහාධිකරණ 04 ක් ස්ථාපිත කිරීම සඳහා කොළඹ පිහිටි නිල නිවාස කිහිපයක් ලබාදීමට කැබිනට් අනුමැතිය

දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025-2029) ප්‍රකාරව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්යභාරයන් ක්‍රියාත්මක කිරීම සඳහා නව මහාධිකරණ කිහිපයක් කඩිනමින් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව, නව මහාධිකරණ 04 ක් ස්ථාපිත කිරීම සඳහා දැනට රාජ්‍ය පරිපාලන,…

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් 8547 ක් සිදු කිරීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් 8547 ක් සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා. රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාල රාමු හඳුනාගෙන, ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතු බඳවා ගැනීම් ප්‍රමාණ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය…

අධිවේගී මාර්ගවල ආසන පටි පැලඳීම අනිවාර්යය කරමින්, මෝටර් වාහන පනතට ගෙනා සංශෝධිත නියෝග පාර්ලිමේන්තු අනුමැතියට යොමුකෙරේ

අධිවෙිගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල ගමන් ගන්නා මගීන් විසින් ආසන පටි පැලඳීම අනිවාර්යය කරමින් මෝටර් වාහන පනත යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. අධිවේගී මාර්ගවල සිදුවන රථවාහන අනතුරු දිනෙන් දින ඉහළ යාම…

සිර දඬුවම් නියම වූ එස්.එම්. රංජිත්ගේ ඇප ඉල්ලීම නොවැම්බර් 28 සලකා බැලීමට දින නියම කෙරේ

බරපතළ වැඩ සහිත වසර 16 ක සිර දඬුවම් නියම වී සිටින උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් විසින් එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින්, ඔහු ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ඇප ඉල්ලීම…

පාර්ලිමේන්තුවේ පරිපාලන ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික කටයුතු අවසන් කෙරේ

පාර්ලිමේන්තුවේ පරිපාලන ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික කටයුතු මේ වන විට අවසන් කර තිබෙනවා. එම ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සඳහා විශ්‍රාමලත් උසස් පරිපාලන නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් විසින් සකස් කළ වාර්තාව කථානායක ජගත් වික්‍රමරත්න වෙත භාරදී ඇති බවයි සඳහන් වන්නේ. මෙහිදී පාර්ලිමේන්තුවේ පරිපාලන…