News Editor

News Editor

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත අද විවාදයට

පසුගිය මැයි මස 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. මේ අතර, පසුගිය පෙබරවාරි මස 09 වැනිදා දිවයින පුරා සිදු වූ විදුලි බිද වැටීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම ඊයේ ප්‍රසිද්ධ විභාගයක් පවත්වනු ලැබුවා.…

ඉසෙඩ් ඩී ඇලට වැටී අතුරුදන් වූ පිරිමි දරුවාගේ මෘත ශරීරය සොයාගැනේ

වැලිකන්ද පොලිස් වසමේ නාගස්තැන්න ප්‍රදේශයේදී ඊයේ (05) ඉසෙඩ් ඩී ඇලට වැටී අතුරුදන් වූ කුඩා දරුවාගේ මෘත ශරීරය සොයාගෙන තිබෙනවා. පොලිස් නිලධාරීන් විසින් එම දරුවා සෙවීමේ මෙහෙයුම් දියත් කෙරූ අතර, නාගස්තැන්න සයිබන් එක අසලදීයි දරුවාගේ මෘත ශරීරය සොයාගෙන ඇත්තේ. මියගිය දරුවා…

අඩු මිලට සීනි දෙන්න රට පුරා තොග වෙළෙඳ මධ්‍යස්ථාන

ලංකා සීනි සමාගම මඟින් බෙදා හැරීම් මෙහෙයවන තොග වෙළෙඳ මධ්‍යස්ථාන ජාලයක් රට පුරා දිස්ත්‍රික්ක 25 හි ඉදිරි මාසය තුළ දී ආරම්භ කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (05) පැවැසීය. පාරිභෝගික ජනතාවට සහනදායී මිලට…

ලංකාවේ වානේ ටොන් 15,000ක් කැනඩාවට

ශ්‍රී ලංකාවේ වානේ දැවැන්තයා වන MELWA සමූහ ව්‍යාපාරය ප්‍රථම වතාවට කැනේඩියානු වෙළෙඳපොළට ඩොලර් මිලියන 9ක් වටිනා යකඩ මෙට්‍රික් ටොන් 15,000ක් අපනයනය කරයි. MELWA සමූහ ව්‍යාපාරය සෑම මසකම අමෙරිකානු ඩොලර් මිලියන 9ක යකඩ කැනේඩියානු වෙළෙඳපොළට යැවීමට ඇණවුමක් ලැබී ඇති අතර ඉන්…

ගතවූ මාස 9ට ගිනි අවි 2,089ක් අත්අඩංගුවට අරන්

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ දා සිට පසුගිය 31 වැනිදා දක්වා කාලය තුළ පොලීසිය කළ මෙහෙයුම්වලින් ගිනි අවි 2089ක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය. ටී-56 ගිනි අවි 18ක්,…

වත්තල, අල්විස් වත්ත ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

වත්තල, හේකිත්ත, අල්විස් වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව, අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙකු මනුෂ්‍ය ඝාතනය සිදු කිරීම සම්බන්ධයෙන් සහ එක් සැකකරුවෙකු ඝාතනයට ආධාර අනුබල දීම…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද දිනයේද (06) රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති අතර, පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා. පෙ.ව 10.00…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

රාජ්‍ය සේවය නූතනත්වයේ සංස්කෘතියකට ගෙන යාමට සියලුදෙනා එක්වෙමු – ජනපති

භෞතික සහ ආධ්‍යාත්මික වශ‌යෙන් නටබුන් වූ රාජ්‍යය දේහය පිළිබඳ ස්වයං විවේචනයක් සිදු කරමින් නූතන රාජ්‍ය සේවයක් ගොඩනැඟීමට ලබන වසරේ අයවැය ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. නූතනත්වයේ සංස්කෘතියකට රාජ්‍ය සේවය ගෙන යා යුතු බවත් එය ආරක්ෂා කිරීමට…

විජේරාමෙට වඩා මැදමුලන හොඳයි – මහින්ද රාජපක්ෂ

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඒ අනුව, තමන්ට තිබූ වරප්‍රසාදය වන්නේ ජනතාව දුන් වරප්‍රසාදය බවත්, ඊට වඩා ලොකු දෙයක් තමන්ට නොමැති බවයි අද (05) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන්…