News Editor

News Editor

අද කාලගුණ නිවේදනය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දකුණු පළාතේත්, රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ආපදා සහන නිලධාරීන් හෙට වෘත්තීය ක්‍රියාමාර්ගය

ආපදා සහන කටයුතුවල යෙදී සිටින රාජ්‍ය සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගම් කිහිපයක් හෙට (27) සිට එම කටයුතුවලින් ඉවත්ව වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. ඒ අනුව, සමස්ත ලංකා ආපදා සහන සේවා වෘත්තීය සංගමය, තාක්ෂණික නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය සහ ග්‍රාම නිලධාරි…

ලංවිම වෘත්තීය සමිති ඇරඹූ සංකේත වැඩවර්ජනයට විරෝධයක්

ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති කිහිපයක් අද (26) දහවල් 12 සිට සවස 6 දක්වා ක්‍රියාත්මක කළ සංකේත වැඩ වර්ජනය, ලංකා විදුලිබල විශ්‍රාම යෝජනා ක්‍රමය ඉල්ලුම් කළ සේවක පිරිස විසින් හෙළා දැක තිබේ. බලශක්ති අමාත්‍යවරයා ලෙස…

සලෙයි සම්බන්ධයි නම්, මේකට සලෙයිටත් වඩා උඩින් තව කෙනෙක් ඉන්නවා – රාජිත

සලෙයි කියන පුද්ගලයා මෙම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ බවට ඔප්පු කළ හැකි නම්, මෙය සිදුව ඇත්තේ ඔහුගේ අවශ්‍යතාවයට නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා. මේ පිටුපස කවුරුන් හෝ බලවේගයක් ඇති බවට තමාගේ ද සැකයක් තිබුණු බවත්, මෙය සහරාන්…

චන්ද්‍රාණී බණ්ඩාරට ගොනු කර තිබෙන නඩුවක් මාර්තු 05 කැඳවීමට නියෝග

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරියක වන චන්ද්‍රාණී බණ්ඩාරට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව මාර්තු මස 05 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ…

නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ හිමිකම ජාතික වැඩසටහන හෙට ජනපති ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී ආරම්භ වෙයි

අවසර පත්‍ර හා දීමනා පත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාව ප්‍රමුඛ මහජනතාවට එම ඉඩම්වල පරම අයිතිය ප්‍රදානය කෙරෙන, ‘හිමිකම’ නිදහස් ප්‍රදාන පත්‍ර පිළිගැන්වීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් හෙට (27)…

ජනාධිපතිවරයා පැනවූ හදිසි නීතියට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් නිෂ්ප්‍රභ කෙරේ

‘දිට්වා’ සුළි කුණාටුවෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පනවන ලද හදිසි නීති රෙගුලාසිවලින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව සඳහන් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන…

නුවරඑළියේ සිදු කළ වාහන පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කරයි

නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වායු විමෝචන පරීක්ෂණ අංශය, මධ්‍යම පළාතේ මෝටර් රථ පරීක්ෂකවරුන් සහ නුවරඑළිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්…

ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීම හා විදේශ රැකියා මාර්ග පුළුල් කිරීම කෙරෙහි අවධානය

ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සම්බන්ධයෙන් විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සහ කොරියානු ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය වන යුයි-හේ සිසිලියා චුන්ග් (Eui-Hae Cecilia Chung) මහත්මිය අතර ද්විපාර්ශ්වික සාකචඡාවක්…

ගෑස් බෙදාහැරීම අඛණ්ඩව: ලිට්‍රෝ සභාපතිගෙන් සහතිකයක්

අඛණ්ඩව ගෑස් පිරවීම සහ බෙදා හැරීම සිදුකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ඒ අනුව අද දිනයේදීත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 150,000 ක් බෙදා හැරීමට කටයුතු කළ බවයි එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන කියා සිටියේ. එමෙන්ම අද ගෑස් මෙටි්‍රක් ටොන් 3900 ක්…