News Editor

News Editor

වට්ස්ඇප් වංචා සහ හැක්කිරීම් වැඩිවෙයි : අවදානමට පෙර දැනුවත්වන්න

මෑතකාලීනව ශ්‍රී ලංකාවේ වට්ස්ඇප් හරහා සිදුවන වංචා සහ හැක්කිරීම් සම්බන්ධ පැමිණිලි වැඩි වශයෙන් ලැබෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ නිලධාරී චාරුක දමුණුපොළ පවසනවා. ඒ අනුව මේ වන විට ගිණුම් හැක්වීම් සම්බන්ධ වාර්තා වැඩි වශයෙන්…

”බෙලිඅත්තේ සනා” ලබන 9 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

තංගල්ල සීනිමෝදර මත්ද්‍රව්‍ය සිද්ධියේ යාත්‍රාව සමග අත්අඩංගුවට ගත් සනත් වීරසිංහ හෙවත් “බෙලිඅත්තේ සනා” ලබන 9 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසරය ලබා දී තිබෙනවා. ඒ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

ඊශ්‍රායල් රැකියා අවස්ථා අහිමි වූ 562 දෙනෙකුට යළිත් රැකියා අවස්ථා හිමිවෙයි

ඊශ්‍රායල් රැකියා සඳහා බඳවා ගැනීමට පවත්වන ලොතරැයි ක්‍රමයෙන් ඊට නොතේරුණු පිරිස වෙත යළි රැකියා අවස්ථා හිමිවී තිබෙන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඒ අනුව, PIBA ආයතනයේ දත්ත පද්ධතියෙන් ඉවත් කරන ලද හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්‍රයේ රැකියා…

නන්දනට හා ගම්මන්පිලට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

නන්දන ගුණතිලක සහ උදය ගම්මන්පිල යන අයට එරෙහිව ‘පුරවැසි බලය’ සංවිධානය විසින් අද (03) අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ද්වේශ සහගත ලෙස විවේචනය කරන බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ගොනු…

ළමුන්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධ පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතාවක්

ළමුන්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනයට එරෙහිව විරෝධය පළ කරමින් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද (03) විරෝධතාවක් පැවැත්වුණා. ජාතික නිදහස් පෙරමුණ ඇතුළු සිවිල් සංවිධාන විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණු බවයි සඳහන් වෙන්නේ. ‘දරු…

පිළිකා සෛල විනාශ කරන පෝෂක ඖෂධයක් සොයා ගැනීමට කොළඹ සරසවිය සමත් වෙයි

පිළිකා සෛල නසන පෝෂක ඖෂධයක් සොයා ගැනීමට කොළඹ සරසවියේ ජෛව රසායන, අණුක ජීව විද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනය සමත් වී තිබෙනවා. ඒ අනුව, 2008 වසරේ සිට වසර 17 කට ආසන්න කාලයක් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම පිළිකා සෛල නසන පෝෂක…

මනූෂගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ඔක්තෝබර් 08 වැනිදා කැඳවීමට නියෝග

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම විමසීම සඳහා ලබන 08 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, මෙම…

සමලිංගික සංචාරකයන් ප්‍රවර්ධනය රජයේ ප්‍රතිපත්තිය නොවේ – විදේශ ඇමති

සමලිංගික සංචාරකයින් කැඳවීම ප්‍රවර්ධනය කිරීම රජයේ ප්‍රතිපත්තිය නොවන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා. ජාත්‍යන්තර සංචාරක දිනයට සමගාමීව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඊයේ පැවති ජාත්‍යන්තර සංචාරක නායකත්ව සමුළුව අමතමිනුයි අමාත්‍යවරයා මේ බව…

බණ්ඩිරිප්පුවේ දුම්රිය නැවතුමක්

ලුණුවිල, බණ්ඩිරිප්පුව ශුද්ධ වූ ජපමාල දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා සහභාගි වන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් එම දේවස්ථානය ඉදිරිපිට දුම්රිය වේදිකාවේ දුම්රිය නැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. හෙට සහ අනිද්දා දිනයන්හිදී මෙලෙස දුම්රිය නවත්වන බවයි නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියේ. ඒ…

ඉතිහාසයේ ප්‍රථම වතාවට කොටස් වෙළෙඳපොළ 22,000 සීමාව පසුකරයි

ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) 22,000 සීමාව පසු කර තිබෙනවා. එහි සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ (02) දිනයේ ඒකක 100.49 කින් ඉහළ ගොස් ඒකක 21,951.79 කින් අවසන් වුණා. එය ප්‍රතිශතයක්…