News Editor

News Editor

තාජුඩීන්ගේ මරණය ගැන කජ්ජාගේ ඥාතීන්ගෙන් ප්‍රශ්න කරන්න පොලිසිය සැරසෙයි

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් අරුණ විදානගමගේ හෙවත් කජ්ජාගේ ඥාතීන්ගෙන් සහ හිතවතුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව පොලිසිය පවසනවා. පොලිසිය සඳහන් කළේ කජ්ජා නමැත්තාගේ බිරිඳගෙන් හෙළි වු කරුණු මත පොලිසිය මෙම සාක්ෂි ලබා ගැනීම තවදුරටත් සිදුකරන බවයි. 2012 වසරේ…

අපරාධවලට සෘජුවම සම්බන්ධ 21ක් අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ දිනය පුරා සිදුකළ මෙහෙයුම්වලදී අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ බවට හදුනාගත් පුද්ගලයන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එසේම මෙහිදී දින වරෙන්තුකරුවන් 276 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 173 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන…

අම්බලන්ගොඩ – ඇල්පිටිය ප්‍රධාන මාර්ගයේ යන රියදුරන්ට දැනුම්දීමක්

කරන්දෙණිය මහාගොඩ පුරාණ අම්පිටිය දේවාලයේ පෙරහැර හේතුවෙන් රථවාහන ගමනා ගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර තිබේ. එම පෙරහැර හෙට 05 දහවල් 02.00 සිට රාත්‍රී 07.00 දක්වා වීථී සංචාරය කිරීමට නියමිතය. පෙරහැර අම්පිටිය දේවාලය අසලින් ආරම්භවී අම්බලන්ගොඩ ඇල්පිටිය ප්‍රධාන මාර්ගය…

දෙහිවල වෙඩි තැබීමේ සිද්ධිය : පැදිකරු අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීම හා බරපතල තුවාල සිදු කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2025.07.18 වන දින දෙහිවල දුම්රියපොල අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු…

අද පස්වරුවේ තද වැසි

අද (04) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එබැවින් ඇති වියහැකි තද වැසි, තද සුළං සහ ප්‍රබල අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම්දෙයි.…

එක්සත් ජනපදයට අයත් නෞකාවක් කොළඹ වරායට

අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් යූ එස් එස් ෆිට්ස්ජෙරල්ඩ් නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණ තිබෙනවා. මෙරට නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගෙන තිබෙන බවයි සඳහන් වන්නේ. මෙලෙස ඊයේ උදෑසන කොළඹ…

හිටපු ඇමති බදියුදීන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට දින දෙයි

2021 වසරේ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා ගැනීමට එරෙහිව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගය සඳහා ලබන වසරේ මාර්තු මස 25 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.…

ට්‍රම්ප්ගේ අවසන් නිවේදනයෙන් කොටසක් හමාස් පිළිගනියි

ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හමාස් සංවිධානයට අවසන් නිවේදනය නිකුත් කිරීමෙන් පසු ගාසා තීරය සඳහා අමෙරිකානු සාම සැලැස්මේ පළමු පියවර පිළිගැනීමට හමාස් සංවිධානය එකඟ වී තිබේ. ඒ අනුව ගාසා තීරයට බෝම්බ හෙලීම නවත්වන ලෙස ට්‍රම්ප් ජනාධිපතිවරයා ඊශ්‍රායලයට නියෝග කර ඇති බව විදෙස්…

එංගලන්ත පල්ලියේ අගරදගුරු පදවියට පළමු වරට කාන්තාවක් පත්කරයි

එංගලන්ත පල්ලියේ අගරදගුරු පදවියට ප්‍රථම වතාවට කාන්තාවක් පත්කරමින් සේරා මල්ලලි නම් කර තිබෙනවා. මෙම තනතුර වසර 1,400 කට වඩා පැරණියි. මෑතක් වන තුරුම ඇන්ග්ලිකන් සභාව පාලනය කරනු ලැබුවේ පිරිමින් විසින් පමණයි. වසර 11 කට පෙර හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ මගින් කාන්තාවකට…

විදුලි බිල නංවනවාද? නැද්ද? -කොමිසමේ තීරණය සති දෙකකින්

විදුලි ගාස්තු සියයට 6.8කින් ඉහළ නැංවීමට ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය සැප්තැම්බර් මස කළ යෝජනාව පිළිබඳව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තීරණය සති දෙකකින් ලබා දෙන බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. ඒ අනුව එම තීරණය මේ මස 15 වැනිදා හෝ…