News Editor

News Editor

රැලියට සජබ නෑ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් නුගේගොඩදී අද දිනයේ පැවැත් වීමට සූදානම් කර ඇති රැලියට සහභාගි නොවීමට සමගි ජන බලවේගය තීන්දුවක් ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය. මෙය විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ අමනාපවී හෝ…

මෙරට සිටින්නේ අලි 7,451යි

අලි සමීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව මෙරට සිටිය හැකි යැයි අනුමාන කළ හැකි සමස්ත අලි ප්‍රමාණය 7,451ක් යැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ශ්‍රී ලංකාවේ…

මාස 10කදී ඛනිජ තෙල් සංස්ථාවට බිලියන 32ක ලාභයක්

ඛනිජතෙල් නීතිගත සංස්ථාව පසුගිය ඔක්තෝබර් මාසය වන විට බිලියන 32ක ලාභයක් ලබා ඇතැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය. පසුගිය රජයන් විසින් පෙට්‍රල් ෂෙඩ් 600කට අධික සංඛ්‍යාවක් සමාගම් තුනකට ලබාදී තිබියදීත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ…

හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම වෙනස් කරන්නේ නැහැ

හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් රජයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය. හිස්බුල්ලා මන්ත්‍රීවරයා මීට වසර 33කට පෙර පාර්ලිමේන්තුවට පෞද්ගලික යෝජනාවක් ලෙස මෙම කාරණාව ඉදිරිපත් කර…

අද නුගේගොඩ ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක්

නුගේගොඩදී පැවැත්වීමට නියමිත විපක්ෂයේ රැළිය හේතුවෙන් අද (21) විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. ඒ අනුව, රැළිය ආරම්භ වන දහවල් 02.00 සිට රැළිය අවසන් වන අවස්ථාව දක්වා, නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවල් හන්දියේ සිට නාවල මාර්ගයේ…

A/L දරුවන්ට බාධා නොවන ලෙස නුගේගොඩ රැළියේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන්න – පොලීසිය

අද (21) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිත මහජන රැළියට අදාළව ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් පොලීසියෙන් දැනුම්දීමක් සිදු කර තිබෙනවා. අද දිනයේ උදෑසන 08.30 සිට උදෑසන 11.40 දක්වාත්, සවස 02.00 සිට සවස 05.00 දක්වාත් අධ්‍යාපන…

ග්‍රාමීය සංවර්ධන හා ධීවර අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද විවාදයට

පාර්ලිමේන්තුව අද (21) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වන අතර, අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද හයවන දිනටත් පැවැත්වීමට නියමිතයි. අද දිනයේදී ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශය හා ධීවර, ජලජ…

අද කාලගුණ නිවේදනය

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව…

ඊ වීසා ගනුදෙනුව ගැන ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් කැඳවීමට දිනදෙයි

ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම් වලට පැවරීමට හිටපු අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්දිරන්, පාටලී චම්පික රණවක සහ වත්මන් පාර්ලිමේන්තු…

චිත්‍රපට නිෂ්පාදනයට මෙරටට පැමිණෙන්නැයි ඇමති විජිතගෙන් ඉන්දියාවට ආරාධනා

ඉන්දියානු ආයෝජකයන්ට සහ චිත්‍රපටි නිෂ්පාදකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපෘති ආරම්භ කිරීමට සහ චිත්‍රපටි නිෂ්පාදනය කිරීමට පැමිණෙන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ආරාධනා කළේ ය. ඒ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය විසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර…