News Editor

News Editor

අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට නව වට්ස් ඇප් අංකයක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මහජනතාවට අල්ලස් හා දූෂණ සිදුවීම් පහසුවෙන් වාර්තා කිරීම සඳහා නව වට්ස් ඇප් අංකයක් හඳුන්වා දී තිබෙනවා.077 777 1954 එම වට්ස් ඇප් දුරකතන අංකයයයි. මෙම නව අංකය හඳුන්වාදීමේ අරමුණ පැමිණිලි ක්‍රියාවලිය වේගවත් කිරීම බවද…

බොරතෙල් මිල අද යළි ඩොලර් 70ට ආසන්නයි

මාසයක පමණ කාලයකින් පසු ලෝක වෙළදපොළේ බොරතෙල් මිල අද යළි ඩොලර් 70කට ආසන්න වුණා. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 69යි ශත 50ක් ලෙස සටහන් වුණේ, පෙර දිනට සාපේක්ෂව ඩොලර් 1යි ශත 80ක වඩා වැඩි අගයකින් ඉහළ යමින්. කෙසේ…

රණවිරුවන් පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ලිපියක්

රණවිරුවන් පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අස්ගිරි පාර්ශවයේ මහා නායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් වෙත ලිපියක් නිකුත්කර තිබෙනවා. එම පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්ගේ අත්සනින් යුතුවයි මෙම ලිපිය නිකුත්කර ඇත්තේ. එම ලිපිය පහතින්. ”තිස් අවුරුද්දක් පුරා…

ඇෆ්ගනිස්තාන භූ කම්පනයෙන් පීඩාවට පත් ජනතාවට රටවල් රැසකින් ආධාර

ඇෆ්ගනිස්තානයේ ඇතිවූ ප්‍රබල භූකම්පන තත්ත්වයෙන් මේ වන විට මියගොස් ඇති පිරිස 800 සීමාව දක්වා ළඟා වී තිබේ. ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර ප්‍රදේශයේ ඊයේ (01) රික්ටර් මාපක 6.0 භූ කම්පන තත්ත්වයක් ඇති වූ අතර මේ හේතුවෙන් එරටට දැවැන්ත හානි සිදුවිය. මෙම භූකම්පන තත්ත්වයෙන්…

හෙට උණුසුම් වන ප්‍රදේශ

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (02)  ප.ව. 03.00ට නිකුත් කරන ලද එම නිවේදනය 03 දිනය දක්වා වලංගු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත් සහ මොනරාගල සහ…

අනුර ප්‍රියදර්ශන යාපාට එරෙහි නඩුවකට අධිචෝදනා ගොනුකර ඇති බව පොලිසිය විසින් අධිකරණයට දැනුම් දෙයි

හිටපු ඛනිජ තෙල් විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බව පොලීසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ අනුව, අදාළ නඩුව අද (02) කොළඹ අතිරේක මහේස්ත්‍රාත්…

පොල් සොරෙකුට වෙඩි තැබූ මුරකරු අත්අඩංගුවට

අද (02) අලුයම මාතලේ, කොහොළන්වල ප්‍රදේශයේ පොල් වත්තකට අනවසරෙන් ඇතුළු වී, පොල් සොරකම් කරමින් සිටි පුද්ගලයෙකුට එම වත්තෙහි මුරකරු විසින් වෙඩි තබා තිබෙනවා. එම වෙඩි තැබීමෙන් තුවාල වූ පුද්ගලයා මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.…

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට පියවර

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, බොහෝ දුරට මෙම සතිය ඇතුළත එම ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ. 2025 වසරට අදාළ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය…

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ගැන විමර්ශනයක් ආරම්භ කරයි

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, ඔහු විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් මාධ්‍යයට කරන ලද ප්‍රකාශ පිළිබඳව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ. අමාත්‍යාංශ විමර්ශන ඒකකය…

කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවයි

කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ. ඒ අනුව, කොටුව දුම්රිය ස්ථානය…