News Editor

News Editor

පොලිසියට අවුරුදු 159යි

159 වන පොලිස් දින සැමරුම අදට යෙදී තිබෙනවා. නීතිය සුරකිමු සාමය අගයමු යන තේමාවෙනුයි මෙවර පොලිස් දිනය සැමරෙන්නේ. 1866 වසරේ සැප්තැම්බර් මස 03 වනදා ව්‍යස්ථාපිතව පොලිස් දෙපාර්තමේන්තුව ආරම්භ කෙරුණා. 159 වන පොලිස් දිනය වෙනුවෙන් අද පස්වරුවේ තිඹිරිගස්යායා පොලිස් ක්‍රීඩාංගණයේදී ජනාධිපති…

අද සවස හයිලෙවල් මාර්ගයේ කොටසකට බර වාහන ඇතුළු කිරීම සීමා කෙරේ

අද පස්වරු 2 සිට 7 දක්වා තුන්මුල්ල හන්දියේ සිට තිඹිරිගස්යාය දක්වා හයිලෙවල් මාර්ගයට බර වාහන ඇතුළු කිරීම සීමා කර තිබෙනවා. පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොලිසියේ 159 වන සංවත්සර සැමරුම හේතුවෙනුයි මෙසේ සීමා කර ඇත්තේ.

ලෝක රන්මිල ඉහළ යාම හමුවේ මෙරට රන් මිලත් වාර්තාගත ලෙස ඉහළට

මෙරට වෙළදපොළේ රන්මිලේ වැඩිම අගය ඊයේ වාර්තා වූ බව සමස්ත ලංකා ස්වාර්ණාභරණ සංගමයේ ලේකම් රාමන් බාලසුබ්‍රමනියම් ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ, ඒ අනුව කැරට් 24 රන් පවුමක් රුපියල් 285,000ක මිලකටත්, කැරට් 22 රන්පවුමක් රුපියල් 263, 000කටත් අලෙවි වූ බවයි. එය…

හිටපු ජේලර්වරයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

බණ්ඩාරගම පොලිස් වසමේ බොල්ගොඩ පාලම ආසන්නයේදී පසුගිය 21 වැනිදා පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් කළුතර අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර තිබුණා. පානදුර දකුණ පොලිස් වසමේ හිරණ ප්‍රදේශයේදී කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත එම…

රාජිත අල්ලස් කොමිසම වෙත රැගෙන එයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අල්ලස් කොමිසම වෙත රැගෙනවිත් තිබෙනවා. ඒ අනුව, ඔහු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු මෙලෙස අල්ලස් කොමිසමට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

වලස් කටා යළිත් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙත භාරදෙයි

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයෙන් පලායාමට තැත් කිරීමේදී තුවාල ලැබූ, ‘වලස් කටා’ නමැත්තා ප්‍රතිකාර අවසන් වීමෙන් පසු නැවත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට රැගෙනවිත් තිබෙනවා. ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ සමීපතමයකු වන මේ සැකකරු පසුගියදා නැවත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට භාර දීම සිදුවී ඇති බවයි…

රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය නිසා එක්සත් ජාතික පක්ෂ සංවත්සරය කල් යයි

එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර උත්සවය කල් දැමීමට පක්ෂයේ කළමනාකරණ කමිටුව තීරණය කර තිබෙනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය ද සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ. කල් දමනු ලැබූ 79 වැනි සංවත්සර උත්සවය මේ මාසයේම…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර…

පද්මේ ඇතුළු 5දෙනාට දින 90ක රැඳවුම් නියෝග

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් 5 දෙනා දින 90ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබෙනවා. මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ, නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුර නිලංග සහ ශලින්ත මදුෂාන් පෙරේරා…

ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන සංවාදයක් ඇරඹේ

දශක හතක මිත්‍රත්වය ශක්තිමත් කරමින් සහ සහයෝගීතාවයේ නව යුගයක් ආරම්භ කරමින් ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතා නියෝජ්‍ය අමාත්‍ය මාරියා ත්‍රිපෝඩි අද සිට සැප්තැම්බර් 5 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වනවා. මෙම සංචාරය දශකයකට ආසන්න කාලයකදී ඉතාලියේ සිට ශ්‍රී…