News Editor

News Editor

උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (05)  ප.ව. 04.00ට නිකුත් කරන ලද එම නිවේදනය 06 දිනය දක්වා වලංගු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල සහ හම්බන්තොට…

බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති ඇන්ජෙලා රේනර් ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අගමැතිවරිය ලෙස කටයුතු කළ ඇන්ජෙලා රේනර් සිය තනතුරින් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සිය දේපළ සඳහා බදු ගෙවීමේදී අඩු මුදලක් ගෙවූ බව පිළිගැනීමෙන් අනතුරුව ඇය මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

අගමැතිනිය සහ ඉතාලියේ නියෝජ්‍ය මහලේකම් අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතාව පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් Maria Tripodi මහත්මිය අතර හමුවක් ඊයේ (04) වැනි දින අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි. දේශපාලන උපදේශන සඳහා අවස්ථාවැඩි  කිරීම, වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව පුළුල් කිරීම, සංචාරක ව්‍යාපාරය…

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පීලි අලුත්වැඩියා කිරිම සඳහා දුම්රිය පීලි රැගෙන ගිය දොඹකරය සහිත ට්‍රැක් මෝටර් රථයේ එන්ජිම අවස්ථා දෙකකදී පීලි පැනීම හේතුවෙන් ඇණ හිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු පැය 4කට පසු යලි යථා තත්ත්වයට පත් කෙරුණි. එම…

ඇල්ල අනතුරෙන් මිය ගිය අය වෙනුවෙන් ලක්ෂ 10 ක වන්දියක්

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ  ඊයේ (04) රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ එක් අයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින්  ලබා දීමට ජනාධිපති අරමුදල තීරණය කරයි.

පාරිභෝගික අධිකාරිය සහල් මාෆියාවට ඉගැන්වූ පාඩම

සහල් මාෆියාව මර්දනය කිරීමට සිදුකළ වැටලීම්වලින් රජයට රුපියල් නමකෝටි පනස් ලක්ෂයක ආදායමක් ලැබී ඇති බව පාරිභෝගික අධිකාරිය පවසනවා. මෙම වැටලීම්වලින් බහුතරය ගම්පහ කොළඹ දිස්ත්‍රික්ක පදනම් කරගෙන ක්‍රියාත්මක කළ බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරන්නේ. මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා…

කෝටි ගාණක කුෂ් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි දහයකට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් සමත්වී ඇත.  අදාළ සැකකරු අද (05) උදෑසන 7.45ට පමණ එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් AI – 277 ගුවන් යානයෙන් මෙරටට පැමිණ…

ජෝ බයිඩන්ට සැත්කමක්

සමෙහි පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විදින අමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් හට සැත්කමක් සිදු කර ඇත. 82 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා, දීර්ඝ කාලයක සිට පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විදිමින් සිට ඇති අතර පසුගියදා ඔහු ශල්‍යකර්මයකට ලක්ව ඇති බවට හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙකු…

තායිලන්තයේ නව අගමැති අනුටින් චාන්විරකුල්

තායිලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස අනුටින් චාන්විරකුල් අද (5) තේරීපත්විය. එරට පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකින් අනතුරුව ඔහු මෙම ධුරයට පත්ව ඇත. තායිලන්ත හිටපු අග්‍රාමාත්‍ය පේටොංටාර්න් ෂිනවත්‍රා  පාර්ලිමේන්තුව විසින් බලයෙන් පහකළ අතර, එම පුරප්පාඩුව වෙනුවෙන් මෙම ඡන්ද විමසීම පැවැත්විණි.

ඉතිහාසයේ පළමු වරට කාන්තාවන් 4 දෙනෙකුට පොලිසියේ ඩී.අයි.ජී. පත්වීම්

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වරට එකවර කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ සිට නිලධාරිනියන් සිව් දෙනෙකු කාන්තා නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස් කොට තිබෙනවා. පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි, පහත නම් සඳහන් නිලධාරිනියන් 2025 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන…