News Editor

News Editor

අස්වැසුම ප්‍රතිලාභ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය අදින් අවසන් වෙයි

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහන සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය අද (21) අවසන් වන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ අනුව, අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් 30,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ලැබී ඇති බවයි සඳහන් වෙන්නේ. අදාළ අභියාචනා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට…

මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට තවත් නඩුවකට අදාළව අධිචෝදනා

සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම්, විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහි තවත් නඩුවකට අදාළව අද (21) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදී තිබෙනවා. ඉන් අනතුරුව,…

වියානා ඇළට වැටුණු පෙම්වතා​ව බේරාගැනීමට ගිය පෙම්වති​ය දියේ ගිලී අතුරුදන්

මහියංගණය පොලිස් වසමේ, 17 කණුව ප්‍රදේශයේ දී වියානා ඇළෙහි ඇළ කණ්ඩිය මතින් ලිස්සා වතුරට වැටුණු පෙම්වතාව බේරාගැනීමට ගිය පෙම්වතිය දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා. ඒ අනුව ඊයේ (20) සවස ඇළෙහි ජල පහර සැර වැඩි වීම හේතුවෙන් ඔවුන් දෙපොළ ඇළ කණ්ඩිය මතින්…

කෑගල්ලේ බස් රථ දෙකක් ගැටී 25 ක් රෝහලට

කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාල ලැබූවන් කෑගල්ල සහ වරකාපොළ රෝහල් වෙත ඇතුළත්කර ඇති බවයි සඳහන් වෙන්නේ. අනතුර…

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සමඟ ඉරාන ජාතිකයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත්…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි…

නාවික හමුදාවේ විශේෂ මෙහෙයුමකින් පසු ධීවරයින් තිදෙනෙකු මුදාගැනේ

වත්තල – පල්ලියවත්ත ප්‍රදේශයේ සිට නාවික සැතපුම් දෙකක් පමණ දුරින් වූ බටහිර මුහුදේ ආපදාවට ලක්වූ ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් පසු මුදාගෙන තිබෙනවා. ඔවුන් මේ වන විට දික්ඕවිට වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ධීවර…

දුර දිග ගිය ගැටුමකින් යාපනය රත්වෙයි

වඩුකෝඩෙයි මූලෙයි ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් අතර අද (20) ඇතිවූ ගැටුමකින් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම සිද්ධියත් සමඟම එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන්ටද ගල් ප්‍රහාර එල්ල වී ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියට අහසට වෙඩි තැබීමට පවා සිදුව ඇති…

දකුණු කොරියාවේ ගංවතුර හේතුවෙන් 14 දෙනෙකු ජීවිතක්ෂයට

දකුණු කොරියාවට දින ගණනාවක් තිස්සේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හටගත් ගංවතුර සහ නායයෑම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ආපදා කළමනාකරණ කාර්යාලය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහිදී වින්දිතයින් 12 දෙනෙකු අතුරුදහන්ව සිටින බැවින්…